IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බස් ප්‍රේමයට කො​රෝනාවෙන් බ්‍රේක් පහරක්

(තිහගොඩ උපසේන ලියනගම)
කොරෝනා ව්‍යසනය බස්වලට පැනවූ නව නීතියෙන් බස් ප්‍රේමයකට කණ කොකා ඇඬීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උප නගරයක් හරහා දිවෙන බසයකිනි. 


ඔහු තරුණ හැඩකාර කොන්දොස්තරවරයෙකි. පසුගිය කාලවල ප්‍රවාහන ගැටලු පැවතියත් කාර්යාල සේවිකාවක වූ අැයට ගමන් පහසුකම් සැලසුණේ ඔහුගෙනි. මුලදී පැවැති හිතවත්කම පසුව පෙම් සබඳතාවයකට පෙරළුණි. 


මේ නිසාම පසුකලෙක මේ මාර්ගයේ කෙතරම් බස් ගියත් ඇය මේ බසයම එනතුරු මග බලාගෙන සිටීමට තරම් ප්‍රේමය මෝරා තිබුණි. 
ඇය මේ බසය බලාගෙන සිටියත් බසය ඇය පසුකරගෙන වේගයෙන් ගියේ මේ කොන්දොස්තර සිටියදීමය. 


බසය නොනැවැත්වීම පිළිබඳව කොන්දොස්තර ගමනාන්තයේ දී රියැදුරුගෙන් විමසූ විට ‘‘ඇයි ඔයාම නේ කිව්වෙ ආසන ගානට ඉන්නවා කියල. වැඩිපුර එක්කෙනෙක් හරි පටවගෙන ගිහින් මට උසාවි ගානෙ රස්තියාදු වෙන්න බෑ’’ ඔහු කීවෙන් කොන්දොස්තර පරාජය බාර ගත්තත්, ඒ සමගම ඔහුට ඇගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි. 


එයින් කියැවුණේ එදින සේවයට යාමට බැරිවූ බවත් මේ සබඳතාවට නැවතීමේ තිත තබන බවත්ය. 



අදහස් (1)

බස් ප්‍රේමයට කො​රෝනාවෙන් බ්‍රේක් පහරක්

nimal Tuesday, 12 October 2021 02:54 PM

මේ කාන්තාව කොන්දොස්තරව රවට්ටගෙන හැමදාම ටිකට් නැතිව යනකෙනෙක් වගෙයි...

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 596 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 749 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site