IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


බස් කොන්දොස්තරගේ රාජකාරියට ‘හතුරෙක්’ හරස් වෙලා

(කහවත්තේ - ලසන්ත නිරෝෂණ, කරවිට එස්.එම්. නසාර්)
මත්වතුර පානය කර පදම වැඩිවූ බස් කොන්දොස්තර වරයකු ඇඳි වතත් අහිමිව රෝහලේ ගත කිරීමට සිදුවූ සිද්ධියක් රත්නපුර ප‍්‍රදේශයෙන් වාර්තා විය. පසුදින උදෑසන බස් රථයේ සේවයට වාර්තා කරන බව පවසා රියදුරු මහතාගෙන් සමුගෙන ගිය මෙම ලංගම කොන්දොස්තරවරයා එදින අලූයම පැමිණියේ නැත.


පාසල් සිසු දරුවන් ද සමග උදේ ගමන් වාරය යෑමට නියමිතව තිබූ නිසා රියදුරා තම බස්රථයෙ කොන්දොස්තර ගැන සොයා බැලීය. රාති‍්‍රයේ මත්වතුර පානය කර සූර්වී සිටි කොන්දොස්තරවරයා බිම වැටී සිටියදී රෝහල් ගතකර ඇති බව රියදුරුට දැන ගැනීමට ලැබිණ. යට ඇඳුම් පමණක් ඉතිරිව ඔහු රෝහල්ගත කර තිබිණි.


ධාවන වාරය අත්හිටුවූ රියදුරා තම මිතුරා බැලීමට ගියේ කලිසමක් සහ කමිසයක් ද රැුගෙනය. ශරීරයේ සීරිම් තුවාල ද දක්නට වූ කොන්දොස්තරට පෙරදින රාතී‍්‍ර සිදුවූ දේ ගැන මතකයක් නොතිබිණ.



අදහස් (0)

බස් කොන්දොස්තරගේ රාජකාරියට ‘හතුරෙක්’ හරස් වෙලා

මනෝජ්-සාජා Monday, 22 September 2014 04:54 PM

ටිකට් පොත තියනවද දන්නෙ නැහැ (නි)

:       0       0

මහේෂ මුතුකුඩ Saturday, 20 September 2014 12:30 PM

ලංකා, කොන්දල කියල කියන්න එපා. එයාලත් කාගේ හරි තාත්ත කෙනෙක් සහෝදරයෙක් පුතෙක් කියලා මතක තියාගන්න. (නදී)

:       0       0

පිටිගල Saturday, 20 September 2014 12:32 PM

බිව්වම බීලා වැඩි උනාම වෙච්චදේ අමතක වෙන එක ඇත්ත. දවසක් මම පාටි එකකට ගිහින් බීලා මම දන්නේ නැහැ වැඩි වෙලා. පමණ ඉක්මවා නටලා මල් පෝච්චි බිඳලා. යාළුවො එකතුවෙලා මාව අල්ලලා බාත් රුම් එකේ ඉන්දවලා ඇඳුම් පිටින් නාවලා ෂවර් එක ඇරලා තියල ඇවිත්. මට පියවි සිහිය එනකොට වහිනවා. වටපිට බැලුවම තමයි තේරුනේ ඉන්නේ බාත් රූම් එකේ බව.. පාටියත් ඉවර වෙලා. පස්සේ ඒ ගෙදර යාලුවා ඇවිත් කාටත් නොන්ඩි උනේ නැහැ. දැන් ඉතින් මේ ඇඳුම් ඇඳගෙන කාල පලයන් කිව්වා. පස්සේ රෑ 1 ට විතර බෝඩිමට ආවා. හැබෑවටම උන දේවල් මට මතක නැහැ. මමත් හිතුවේ බිව්වම මතක නැහැ කියල මිනිස්සු කියන්නේ බොරුවක් කියලා. මේක මේ දැන් අවුරුදු 25 කට විතර ඉස්සර උන දෙයක්. ළමයිනේ බොනකොට වැඩි වෙන්න බොන්න එපා (නදී)

:       0       0

පිටිගල Sunday, 21 September 2014 06:55 PM

දැන් නම් බීලා නැහැ හිෂාන්. ගිය මාසේ ලංකාවට ගිය වෙලාවේ නම් දෙතුන් පාරක් බිව්වා ටිකක් වෙන්න. වැඩිය නෙමෙයි. (නි)

:       0       0

සරත් Sunday, 21 September 2014 11:00 AM

පිටිගල මහත්තයෝ. බිවම මතක නැහැ නේන්නම්. මම කියන්නේ අත්දැකීමෙන්. (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 22 September 2014 03:49 AM

මිනිහගේ අනිත් ඇඳුම් වලට මොකද උනේ? කව්ද ඇදුම් ගැලෙව්වේ? (නදී)

:       0       0

ගොඩගේ Tuesday, 23 September 2014 03:04 AM

සැම්ගේ කතාව නියමයි (නදී)

:       0       0

නිසාර් Saturday, 20 September 2014 09:23 AM

මේවගේ අය නම් හැම තැනම දකින්ඩ බැරියෑ (නදී)

:       0       0

ජයසුරිය Saturday, 20 September 2014 09:00 PM

මුතුට ටිකක් කේන්ති ගිහිල්ලා වගෙයි.ඔබතුමාත් ඒ දවස් වල මඟීන්ට ඉතුරු සල්ලි නොදී මඟහැරියද? (නි)

:       0       0

සෑම් Friday, 19 September 2014 09:44 PM

මේක කියෙව්වාම පරණ සිද්ධියක් මතක් වුණා. මීට කලකට පෙර අම්බලන්ගොඩ නගරයෙන් හවස පිටත්වන බසයක රියදුරා ගංජා උරා මත්වී බසයේ බැටරි පෙට්ටිය උඩ ඉඳගෙන ඉඳලා. කොන්දොස්තර මඟීන් පටවා (කට කැපෙන්න පැටවූ බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ) අවසානයේ බෙල් එක ගැසුවාම රියදුරා නැති බව මඟීන් කිවුවාලු. මඟීන් පිටුපස දොරෙන් නග්ගවන විට රියදුරා ඉදිරියෙන් බසයට නැග්ග බව දන්නා කොන්දොස්තර ඉදිරියට පැමිණ බලන විට රියැදුරාව දැක්කා වුණත් මොළය කල්පනාකාර නොදැක්කා වගේ බසයෙන් බැස ගියාලු. වෙනත් කෙනෙක් ලවා පණිවිඩයක් යවා රියැදුරා ටයිම් කීපර් කූඩුවට ගෙන්වාගෙන දෙන්නා එක්කම ආපසු බසයට නැගලා ගමන පිටත් වුණාලු. (නි)

:       0       0

ජෙහාන් Saturday, 20 September 2014 10:50 AM

පෙරදින රාත්‍රී දේවල් විතරක් නෙවෙයි සමහර පුද්ගලික බස් කොන්දොස්ත්රලාට දවල් මේ දැන් වෙච්ච දේත් මතක නැහැ. ඉතිරි සල්ලි දෙන්න කියල කිව්වම ඉස්සරහට යන්න කියල බෙරිහන් දීල බහින්න කිට්ටුව ඉතිරි සල්ලි ඉල්ලුවම ඇයි මම දුන්නේ කියනවා. (නදී)

:       0       0

හිෂාන් Sunday, 21 September 2014 03:16 PM

පිටිගල මහත්තයා බීලමනේ මේකේ ප්‍රතිචාර දාන්නේ (නදී)

:       0       0

ලංකා චමත් Saturday, 20 September 2014 11:40 AM

ජෙහාන්,වාසියට කොන්දලට සියල්ල අමතක වෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1223 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 445 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site