(කුණ්ඩසාලේ - - පී.එම්. රාජපක්ෂ)
බස් රථයක සිටි පෙම් යුවළකට බස් රිය වෙනුවට ගිලන් රියකින් ගමන් කිරීමට කළ අපූරු යෝජනාවක් පිළිබඳ පුවතකි මේ.
අදාළ බස් රථය දිගන ප්‍රදේශයේ සිට මහනුවර දක්වා ගමන් කළ බස් රථයකි. සතියේ දිනයක උදේ වරුව වූ බැවින් බසයේ තරමක මගීහු පිරිසක් ද ගමන් ගත්හ.
මෙම බස් රථයේ පසුපස අසුනේ ජනේලයට යාබදව තරුණ පෙම්වතුන් යුවළක් ද ගමන් කළ අතර එම යුවළ පෙම් සුව විඳිමින් සිටි මුත්, බසයේ හෝ අවට සිදුවන දේ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් ඔවුන් වෙත නොවිණි.
බසය මගීන් නංවා ගැනීමට බසය නතර කෙරුණු අතර වියපත් කාන්තාවක් එම ස්ථානයෙන් බසය වෙත ගොඩ විය. කොන්දොස්තරවරයා විසින් කීප වතාවක් ඉල්ලීම් කිරීමෙන් පසු වියපත් කාන්තාවට පෙම් යුවළ පෙනෙන මානයේ අසුනක් හිමි විය.
තවත් ටික දුරක් බස් රථය ගමන් කරන්නට වූ අතර පෙම් යුවළගේ කල් ක්‍රියාවන් සම්බන්ධයෙන් වියපත් කාන්තාවගේ ඇස යොමු වන්නට වැඩි වේලාවක් ගත නොවීය. ඔවුනගේ යම් යම් ක්‍රියාවන් සම්බන්ධයෙන් ඇයගේ අවධානය යොමු වූ බැවින් තම අසුනේ යාබද කාන්තාවක් වෙත ඒ බව පෙන්නා යමක් පවසන්නටත් වූවාය.
ඒ අතරතුරේ බසයේ කොන්දොස්තර තැන ටිකට් කැඩීම සඳහා කාන්තාව අසළට පැමිණි අතර ඇය ඔහුට මෙසේ පැවසුවාය.
“ඈ ළමයෝ මෙහෙම ගියොත් මට කිලිනික් එකට යන්න වෙන්නේ දවල් වෙලා. මිසී නෝනලාගෙන් බැනුම් අහන්න තමයි වෙන්නේ. ඒකටනම් කමක් නෑ. මට නම් වැඩිය අමාරුවක් නෑ. බලන්නකෝ අර පස්සේ සීට් එකේ කෙළවරේ ඉන්න ගෑනු ළමයට මෙලෝ සිහියක් නෑ. මම බස් එකේ නැග්ග වෙලාවේ ඉඳලා බලාගෙන. ලොකු අමාරුවක ඉන්නේ. එහෙට දඟලනවා මෙහෙට දඟලනවා. පිරිමි දරුවටත් ලෙඬේ ගැන තේරුමක් නැහැ වගේ.
මේ අහපන් කොළුවෝ. අර අලුතින් ආව ඇම්බියුලන්ස් එකට කෝල් එකක් දීලා ගෙන්වා ගත්තොත් ඒ දරුවා ගෙනියනකොට මටත් ඒ එක්කම ඉස්පිරිතාලෙට යන්න පුළුවන්” යයි මහ හඬින් පවසන්නට විය.
මෙය කන වැකුණු කොන්දොස්තර හීන් හිනාවක් නංවන අතර බස් රථයේ සියලු _දෙනාම මහ හඬින් සිනාසෙන්නට වූ අතර, ලජ්ජාවට පත් වූ පෙම් යුවළ හීන් සීරුවේ ගමනාන්තයටත් කලින්ම බැස අතුරුදහන් විය.
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
බසයේ සිටි පෙම් යුවළට මහලු මවගෙන් අපූරු යෝජනාවක්
himal Thursday, 06 June 2019 06:23 AM
දැන් මෙතන ගැටළුව බස් එක කොට කොටා යාමද? නැත්නම් අනුන්ගේ ප්‍රශ්නයක්ද?
PerakmThursday, 06 June 2019 09:10 AM
තරුණ කාලේ කරගන්න බැරි වෙච්ච දේවල් වයසට ගිහින් මතක් උනාම මේ වගේ ගැටළු එනවා.
nimal Thursday, 06 June 2019 08:33 AM
මහලු කෙනාට සිතින් අතීතයට යාම පාලනය කරගන්ඩ අමාරු වෙන්ඩැති
කොලු තඩියා Thursday, 06 June 2019 11:06 AM
කාන්තාව තමුන්ගේ පාඩුවේ ගියානම් ඉවරනේ. මොකටද අනුන්ගෙ දේවල් හොයන්ඩ ගියේ?
jayantha Thursday, 06 June 2019 11:19 PM
අනුන්ගේ ඕප දූප හොයන ගැනියෙක්. මෙවන් ගැහැණු සමාජ පිළිල.