IMG-LOGO

බසය මග නවතා රීලෝඞ් දැමූ කොන්දොස්තරට අපූරු පාඩමක්

(වියලූව වාර්තාකරු)
තමන් සේවය කරන බසය නතර කරන ස්ථානවලදී බසයෙන් බැස ගොස් තම ජංගම දුරකථනයට රී-ලෝඞ් දමන්නට පුරුදුවී සිටි තරුණ කොන්දොස්තරවරයකුට එම බසයේ දිනපතා ගමන් කරන තරුණ පිරිසක් දුන් අපූරු දඬුවමක් පිළිබඳ පුවතක් ඌව පළාතෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය.
එය ඌව පළාතේ ප‍්‍රධාන අතුරු මාර්ගයක උදේ සවස ධාවනයවන පෞද්ගලික බසයකි. ප‍්‍රදේශයේ ජනතාවට සිය ගමන් බිමන් කරගෙන යාමට තිබූ එකම බසය මෙය බැවින් නගරයේ කාර්යාලවල සේවයට යන සේවක සේවිකාවෝ විශාල පිරිසක් මෙම බසයේ ගමන් ගත්හ.


බසයට ගොඩවන ඔවුන් කලට වේලාවට ගමනාන්තයට ළඟාවීමට අපේක්‍ෂා කළත් මගීන් නැංවීමට හා බැස්සවීමට බසය නතර කරන ඇතැම් ස්ථානවලදී බසයෙන් බැසයන එහි කොන්දොස්තරවරයා තම ජංගම දුරකතනයට රී ලෝඞ් දමන්නට කටයුතු කළේ මගීන්ගේ ප‍්‍රමාදය පවා සැලකිල්ලට නොගනිමිනි.
කෙසේ වෙතත් දින කීපයක් තිස්සේ කොන්දොස්තරවරයාගේ මෙම ක‍්‍රියා කලාපය පිළිබඳ විමසිල්ලෙන් සිටි බසයේ ගමන්ගත් තරුණ පිරිසක් කොන්දොස්තරවරයා සිය කාර්ය සඳහා බසයෙන් බැස යනු බලා සිට එක්වරම එහි සීනුව නාද කර ”හරි හරි යං” යැයි කිව්වේ කොන්දොස්තරවරයාගේ හඬ අනුකරණය කරමිනි.


නිසි සංඥාව ලැබීමෙන් වහා ක‍්‍රියාත්මක වූ බසයේ රියදුරාද බසය පණගන්වා වේගයෙන් ඉදිරියට එය ධාවනය කළේ බසය ඉක්මනින් ගමනාන්තය කරා රැගෙන යාමේ අටියෙනි.


කෙසේ වෙතත් බසය ටිකදුරක් ගමන් කරද්දී එහි කොන්දොස්තරවරයා නැති බව දැනගත් බස් රථ රියදුරා කොන්දොස්තරවරයාගේ දුරකතනයට ඇමැතුමක් දී කියා සිටියේ හැකි ඉක්මණින් ත‍්‍රීවීලරයක හෝ නැගී බස් රථය කරා පැමිණෙන ලෙසයි.


කෙසේ වෙතත් මගීන් තමන්ට දුන් දඬුවමින් පාඩමක් ඉගනගත් මෙම කොන්දොස්තරවරයා දැන් අතර මගින් බැස රී-ලෝඞ් නොදමන බව බසයේ යන මගීහු පවසති.



අදහස් (0)

බසය මග නවතා රීලෝඞ් දැමූ කොන්දොස්තරට අපූරු පාඩමක්

සරත් Saturday, 03 January 2015 01:30 AM

තව ටික කාලයක් ගියා නම් කෑමත් කාලාම එයි. (නි)

:       0       0

ලලිත් - ශ්‍රී ලංකාව Monday, 05 January 2015 06:49 AM

කොන්දස්තරලා කොහොමත් රී ලෝඩ් මනේ කරන්නේ. (නදී)

:       0       0

ලලිත් - ශ්‍රීලංකාව Monday, 05 January 2015 06:52 AM

දුර ගමන් යන බස් නවත්වන තේ කඩවල තත්වයද ඉතාම දුක්මුසුයි. මේ ගැන හොයන්න කිසිම කෙනෙක් නැත. කාට මේ ගැන කියම්ද ? (නදී)

:       0       0

බමුණු Sunday, 04 January 2015 01:53 AM

බලවත්ම ප්‍රශ්නය මොන බස් රථයක් තුළ දී වුවත් අසධාරනයකට විරුද්ධව කතාකරන බස් මගියෙකුගේ පැත්ත ගැනීමට අනිකුත් මගීන් ඉදිරිපත් නොවීමය. එක මගියෙක් කතා කරනවිට අනිකුත් අය අපට නොවෙයි යන ප්‍රතිපත්තියේ මගීන් තමන්ටම කරගන්න පාඩුවකි. බස් රටවල ගෙන යන ගෝසාකර සින්දු මගීන් අනුමත නොකලත් ශබ්දය අඩුකරන්න කියා කීමට ඉදිරිපත් වන්නේ නැත. ඉදිරිපත් වූ කෙනෙකුට සහයෝගයක් දෙන්නේද නැත. (බ)

:       0       0

සුජීව Wednesday, 07 January 2015 09:23 AM

කොන්දොස්තරලා ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

භාතිය Saturday, 03 January 2015 03:17 AM

ලංකාවේ පුද්ගලික බසයකට නගින මඟී අපි බසයෙන් බහිනතෙක් කොන්දොස්තරගේ සහ රියදුරුගේ ප්‍රාණ ඇපකරුවන්ය (නි)

:       0       0

සරසි Saturday, 03 January 2015 05:49 AM

ඒ අයට අපි කලට වෙලාවට ගමනාන්තයට ගියත් නොගියත් ප්‍රශ්නයක් නැහැ. (හේ)

:       0       0

රොෂාන් Monday, 05 January 2015 02:30 AM

ඔතන තිබෙන ප්‍රශ්නය කොන්දොස්තර කියන රැකියාවේ නොවේ. ඒ රැකියාව සඳහා තෝරාගත් පුද්ගලයාගේය. එම නිසා එම කාර්ය කිරීමට මානුෂික හැඟීම් වලින් පිරි කෙනෙක් පත්කළ යුතුය. මොනවා වුණත් මඟීන් කළ දේ නම් ගොඩක් හොඳයි, ආයේ ඒ වගේ දෙයක් නොකර ඉන්න. (නි)

:       0       0

රන්ජිත් Wednesday, 07 January 2015 12:24 AM

මානුෂික හැඟීම් තිබෙන මිනිහෙක් හෙවුවොත් කවදාවත් ඒ ගොඩට කොන්දොස්තර කෙනෙක් ඇතුළත් වෙන්නේ නැහැ (නි)

:       0       0

සමන්ති Saturday, 03 January 2015 09:39 AM

ඔය වගේ අයට ඔහොම කරන්න ඕනේ.(හේ)

:       0       0

රුවන් Friday, 02 January 2015 06:47 PM

එකපාරම ලොකු මුදලක් රීලෝඩ් කරගත්තා නම් වැඩේ ඉවරනේ. (නි)

:       0       0

පත්මසිරි මාපලගම Saturday, 03 January 2015 02:18 PM

පෞගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තර වරුන්ට අලුත් නීති මාලාවක් පනවා එය ක්‍රියාත්මක කල යුතුය. බසය අයිතිකරුගේ තරා තිරම නොබලා දඬුවම් කල යුතුමය . නැතුව මේවා වලක්වනට බැහැ. (ර)

:       0       0

සිරිපාල Saturday, 03 January 2015 03:17 PM

වෙච්ච දේ නම් මරු. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site