IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


බසයේ මගීහු කිරි නා ගනිති

(තිහගොඩ - උපසේන ලියනගම)
හම්බන්තොට සිට ගාල්ල දක්වා දිවෙන බස් රථයකි. දින ගණනාවක රජයේ නිවාඩුවෙන් පසු ආ කාර්යාල දිනයක් වූ නිසා බස් රථයේ මගීන් අතුරු සිදුරු නැතිව පිරී පැවතුණි.


තංගල්ල බස් නැවතුමෙන් මගියකු බසයට ගොඩ නැගුණේ ගමන් බෑග් කීපයක් සමඟ කිරි හට්ටියක්ද රැගෙනය. ඔහු බසයේ වූ බඩු රාක්කවල තිබූ බෑග් පාර්සල් අතර තම බෑග් කීපයකද ඔබා අනතුරුව එහි උඩින් කිරි හට්ටියද තැබුවේය.


එහෙත් වැඩි වේලාවක් කිරිහට්ටිය එලෙස තිබුණේ නැත. මාර්ගයේ වංගුවකදී කිරි හට්ටිය ලිස්සා ගොස් ආසන ඇන්දක වැදී පෙරළී ගියේ අසල වාඩිවී සිටි මගීන්ගේ හිස් සහ ඇඳුම් කිරිවලින් නාවමිනි. මේ කලබලය ඔස්සේ කිරිහට්ටි හිමියා සෙනඟ අතරින් රිංගා ඉදිරියට ගිය අතර කිරිවලින් නෑවුණු පිරිස කෝපයෙන් හැසිරෙද්දී තවත් මගීන් පිරිසක් සිනාසුනේ අහක බලාගෙනලූ.



අදහස් (0)

බසයේ මගීහු කිරි නා ගනිති

චන්ද්‍ර වීරසිංහ Friday, 23 January 2015 08:49 PM

හොඳ වැඩේ! කිරි කෑ කොකාගේ කතාව මතක්වෙනවා (නි)

:       0       0

දුම්මලසුරිය Saturday, 24 January 2015 11:59 AM

මෝඩ මගීයකුගේ අනුවන ක්‍රියාවක් නිසා අපහසුතාවට පත් වූ සියලු දෙනා ගැනම කණගාටුයි. තමන්ගේ අතේ තියන ගමන් මලු හා බඩු භාණ්ඩ තැබිය යුතු ස්ථාන ගැන දෙවරක් සිතා බලන්න මෙය හොද උදාහරණයක්. (නදී)

:       0       0

සරත් Friday, 23 January 2015 11:10 PM

හොඳයිනේ. කිරියෙන් නාලා, පැණියෙන් අත හෝදමු. (නි)

:       0       0

සමන්ති Saturday, 24 January 2015 12:50 AM

දුප්පතාගේ දුක චිත්‍රපටියේ "සේතන් අයියගේ හෝටලේ" සින්දුව වගේ තියෙන්න ඇති (නි)

:       0       0

නෙලුම් Saturday, 24 January 2015 03:00 AM

නෑවේ කිරියෙන් නිසා අලුත් අවුරුද්දේ නරකක් වෙන එකක් නැහැ. (නදී)

:       0       0

රූපවතී Saturday, 24 January 2015 04:45 PM

මහේෂ මුතුකුඩ, බයවෙන්න එපා. එහෙම වුණොත් මම ඔයාට ලියලා එවන්නම් "අන්දරේ අතුරේ ගිය හැටි" (නි)

:       0       0

අසෝකා Saturday, 24 January 2015 07:40 PM

අයියෝ! ගෙනියන්න ගත් කිරි හට්ටිය කැඩුන එකටත් හොඳ වැඩේ කියන්න තරම් මිනිසුන් ඉන්න තැනක මොනවා ලියන්නද? (නි)

:       0       0

මහේෂ මුතුකුඩ Saturday, 24 January 2015 06:32 AM

දෙයියෝ සාක්කි වලටත් දැන් ප්‍රවෘත්ති නැති වෙලා වගෙයි. (නදී)

:       0       0

සුධර්මා විමලේ Sunday, 25 January 2015 07:50 AM

බිලියන ගණන් වාහන යන්නැති අධිවේගවලට වියදම් කරන්නේ නැතුව හොඳ බස් හා කොච්චි ටිකක් අරන් දැම්ම නම් හරි (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 241 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 737 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site