IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බසය ඇතුළේ වැඩිහිටියන්ට පමණයි ලයිව් බයිස්කෝප්

කුරුණෑගල බස්නැවතුමෙන් ඇරැඹි දුර ගමන් යන ලංගම බස්රියකි. පොල් පැටවු ලෙස මගීන්ගෙන් පිරීගිය අතර මේ අතරින් බොහොම අමාරුවෙන් මගීන් අතර තෙරපෙමින් කුඩා ළමයකු අතින් අල්ලාගත් කාන්තාවක්ද වූවාය. කොන්දොස්තරවරයාද කෑ ගසමින් මගීන්ට අණදෙන්නට වූයේ පස්සට යන්න ටිකට් නැති අය ටිකට් ගන්න යැයි කියමිනි. 


ළමයා සමග සිටි කාන්තාව දුටු ඔහු ඔය නෝනා තෙරපෙන්නෙ නැතුව පස්සට යනවද? දරුවටත් කරදරයිනෙ. ඒ කීම පිළිගත් ඇය අමාරුවෙන් වුවත් පස්සට ගොස් නැවතත් අසීරුවෙන් රථය මැද්දට ආවාය. 


‘ඇයි නෝනා ආයෙත් ඉස්සරහට එන්නෙ. වද දෙන්නෙ නැතුව පස්සට යන්නකො.’ ‘පස්සට තමයි මම ගියේ ඒ වුණත් චිත්‍රපටි බලන්න මට බෑ. අපි අාවේ බස්වල යන්න. නැතුව මේ විකාර බලන්න නොවෙයි.’ 


ඇයගේ කතාවෙන් පුදුම වූ කොන්දොස්තර තැන පිටුපස බැලීමේදී තරුණ ජෝඩුවක් පසුපස අසුනේ මුල්ලකට වී පෙම්සුව විඳින අයුරු දැක සිනාසෙමින් ඉදිරියට අාවේ ‘කලබල වෙන්න එපා නෝනා ඕව ඉතිං සාමාන්‍ය දේවල්’ යැයි කියමිනි.


මේ දර්ශනය දුටු කටකාර තරුණයෙක්ද ‘නෝනට බලන්න හොඳ නැති වෙයි මගේ හිතේ පොඩි දරුවෙක් ඉන්න නිසා වැඩිහිටියන්ට පමණක් නිසා අහක බලාගෙන යමු නෝනා.’ 


මේ කතාව ඇසුණ පෙම්වතුන් යුවළ අන්ද මන්ද වී උන්හිටිතැන්ද අමතකව සෙනඟ අතරින් ඉදිරියට ඇදී ඊළඟ නැවතුමේ දී බැස ගියේ කාගේත් උසුළු විසුළු සිනාහඬ මැදය.
කරුණාදාස සපුතන්ත්‍රි - නිකදළුපොත.



අදහස් (0)

බසය ඇතුළේ වැඩිහිටියන්ට පමණයි ලයිව් බයිස්කෝප්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site