IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


බසයේදී නැතිවුණැයි කී දුරකතනය ඇයගේම බෑගයේ

හොරණ දක්වා ධාවනය වන සේවක බසයට නාරාහේන්පිට කාර්යාලයේදී සේවක සේවිකාවෝ ගොඩවූහ. රියදුරු මහතා බසය කාර්යාලයෙන් ඉවතට ගෙන මාර්ගයේ රැඳී සිටි මඟීන්ට ගොඩවීමට ඉඩ සැලසීය. මඟීන්ගෙන් පිරුණු  බසය ඉදිරියට ඇදෙන්නට විය. පැය භාගයක් ගතවිය.

බසයේ සිටි සමහරුන් නිදිකිරා වැටෙන්නට වූහ. මේ අතර කාන්තාවක්, ”මගේ ෆෝන් එක නැහැ” කියමින් කෑ ගැසුවාය. ඇයගේ කෑ ගැසීමට අවදිවූ මගිහු අන්දමන්ද වූහ. බසය මාර්ගයේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියකු අසල නැවැත්විණි. කොන්දොස්තර මහතා නැතිවූ දුරකතනය පිළිබඳව ඔහුට දැන්වීය.”එහෙමනම් කට්ටියගේ බෑග් චෙක් කරන්න වෙනවා” පොලිස් නිලධාරියා පැවසීය. කිසිවෙකු එයට එකඟ නොවුයේ පරීක්‍ෂා කිරීමේදී පැයකට අධික කාලයක් මිඩංගු වන හෙයිනි. එවිට පොලිස් නිලධාරියා බසය පොලිස් ස්ථානයට රැුගෙන යන ලෙසට උපදෙස් දුන් අතර ඒ අනුව බසය ආපසු හරවා ගෙන පිළියන්දල පොලිස් ස්ථානය වෙත රැුගෙන එන විට, පෙරකී කාන්තාවගේ හඩ නැවතත් ඇසිණි.”හරි හරි ෆෝන් එක හම්බු වුනා. ඇය පැවසුවාය. ජංගම දුරකතනයේ ඇයගේ අත් බෑගයේ සාක්කුවක තිබී හමුවිය. බසයේ ගමන් කළ අයගේ ඇණුම් බැණුම් මැද කාන්තාව මුවින් නොබැන සිටියාය.

 



අදහස් (0)

බසයේදී නැතිවුණැයි කී දුරකතනය ඇයගේම බෑගයේ

දිල්ශාඩ් Thursday, 14 August 2014 10:15 AM

කාට උනත් වරදින වෙලාවල් තියෙනවා.. (දී)

:       0       0

දිල් Thursday, 14 August 2014 10:17 AM

ජගත් ඔයාගේ කතාව හරි (දී)

:       0       0

සමන්ති Wednesday, 13 August 2014 01:19 PM

රජයේ කාර්යාලයක කාර්මික නිලධාරියෙක් තමාගේ පැට්‍රල් මෝටර් රථය ගෑස්වලට හරවා ගෑස් සිලින්ඩරයක් දමාගෙන ගමනක් ගියා .මගදී ගෑස් ඉවරවී රථය නැවතුනා.පැට්‍රල් ෂෙඩ් එකකින් පැට්‍රල් නොගසා ත්‍රි රෝද රථයකින් ගෙදර අවුත් කුස්සියේ ගෑස් සිලින්ඩරය ගෙනගොස් වාහනය ගෙනාවා .(අ)

:       0       0

සෑම් Wednesday, 13 August 2014 07:19 AM

දුරකතනය නැති වුණහම කළයුතු ඉතාම සරල දේ වෙනත් දුරකතනයකින් එම අංකයට ඇමතුමක් දීමයි. (නි)

:       0       0

ප්‍රියනාත් Wednesday, 13 August 2014 03:41 PM

ඔය වගේ මෝඩ වැඩ කරන කාන්තාවන් කොතෙකුත් අප සමාජයේ සිටිනවා. කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැහැ. කටට එන දේ කියවනවා. ඉතින් අනිත් අයටයි කරදරේ. (නි)

:       0       0

රුවන් Thursday, 14 August 2014 12:18 PM

පොලිස් නිලධාරියෙකු හට කාන්තාවන්ගේ අත්‍ බෑග් පරික්ෂා කිරීම තහනම් නැද්ද?[පොලිස් කාන්තාවක් නැතුව] (නි)

:       0       0

ධම්ම Wednesday, 13 August 2014 09:07 AM

බසයේ සිටි අය අඩනින්දේ සිටි නිසා සෑම්ගේ යෝජනාව මතක් වුණේ නැහැ කියමුකෝ. ඒත් මේ පොලිස් නිලධාරියාට ඒක කරන්න තිබුනානේ. (නි)

:       0       0

සමීර Thursday, 14 August 2014 06:46 AM

ජයත් ගේ කතාව හරි (දී)

:       0       0

සුනිල් Thursday, 14 August 2014 06:44 AM

ඕවා ගණන් ගන්න තරම් දේවල් නෙමෙයි (දී)

:       0       0

තාන්යා Thursday, 14 August 2014 06:44 AM

මොනවා කරන්නද කාට උනත් මේවාගේ දේවල් වෙන්න පුළුවන් (දී)

:       0       0

ජයත් Thursday, 14 August 2014 06:44 AM

මේක කලබලේට වෙච්ච අත් වරද්ද්දක් ගැහැනුද පිරිම්ද කියල නැහැ එක කටත් පොදු දෙයක් කට්ටිය සද්ද දාන්නේ නැතුව ඉන්න (දී)

:       0       0

දිනෙත් Sunday, 17 August 2014 03:34 PM

තමන් සතු දේ පරිස්සම් කරගැනීම තමන්ගේ වගකීමකි (ස)

:       0       0

සිසිර Friday, 15 August 2014 06:05 AM

ගෙදරදීත් ඔහොමද දන්නේ නැහැ. මහත්තයට කරදරේ ඇති (නදී)

:       0       0

අජිත් Thursday, 14 August 2014 02:45 PM

රුවන් ඇයි එහෙම කියන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.(අ)

:       0       0

පැතුම් Wednesday, 13 August 2014 04:53 AM

කාන්තාවන් ඔහොම තමයි. ගණන් ගන්න එපා. (නි)

:       0       0

ජයකොඩි Wednesday, 13 August 2014 11:41 AM

ඒ වුණාට සෑම් ගැටළුව කියන්නේ ගොඩක් කාන්තාවන් තමන්ගේ දුරකතන අංකය නොදන්නාකමනේ (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 13 August 2014 11:44 AM

අත්වැරැද්දක්. කව්රුත් මෙවැනි දේ හිතාමතා කරන්නේ නැහැනේ. (නි)

:       0       0

සනත් Sunday, 17 August 2014 08:32 AM

අපේ නෝනත් ඔය වගේමයි (දී)

:       0       0

කුමාරි Wednesday, 13 August 2014 05:11 AM

විමසා,හරියට සොයාබලා කටයුතු නොකිරීමේ වරද (නි)

:       0       0

හේසා Sunday, 17 August 2014 09:03 AM

කලබල උනහම එහෙම තමයි ඉතින්. බයත් හිතෙනවනේ. මට ඔහොම වෙලා තියෙනවා. දුම්රියේ යනකොට කතා කර කර ගියේ. බැස්සම තමයි ෆෝන් එක නැති බව දැනුනේ. දැන් පමා වැඩයි දුම්රිය ගියා. මම දැන් යහළුවන් කට්ටියක් හමුවෙන්න යනගමන්. සම්බන්දයක් කරගන්න ක්‍ර මයක් ඇත්තෙම නැහැ දැන්. ඊලග දුම්රියෙන් ගිහින් සිම් නොම්මරය අවලංගු කලා. එකම එක යාලුවෙක්ගෙ නොම්මරයක් මතකයේ තිබුනා. එයා අාවා මා ගාවට එවෙලේම ( සියලුම නොම්මර තියෙන්නේ ෆෝන් එකේනේ) දැන් පැය 2ක් වගේ ගත වෙලා. අපිට එකතු වෙන මිතුරියන්ගෙන් කෙනෙක් මේ මම ළඟ ඉන්න මිතුරියට කතා කරලා කිව්වා, මගේ ෆෝන් එයා ළඟ කියල. හිතන්නවත් බෑ.වෙලා තිබුනේ මෙහෙමයි. මම දුම්රියෙන් බහින කොටම එතනින් නැගල ගැහැණු ළමයි දෙන්නෙක්. මගේ ෆෝන් එකේ රින්ග්ස් යනකොට දැකල අරන් පිළිතුරු දීලා. මගේ ඒ මිතුරියට දුම්රිය ස්ථානයට එන්න කියලා ෆෝන් එක දීලා. එවෙලේම මම සිම් කඩ එක නැවත ගත්තා. ඇත්තමයි එතන මගේ නොසැලකිල්ල, කලබල උන නිසා එහෙම උනේ. ඒ වගේම කොයි තරම් අවංක ද ඒ ළමයි කියල හිතුනා. ලෝකයේ කොහෙත් ඉන්නවා හොඳ අයත් (නදී)

:       0       0

ප්‍රියන්ත Saturday, 16 August 2014 07:00 PM

අනේ! මේ වගේ අයගේ වැඩ නිසා කීදෙනෙක් අමාරුවේද? (නි)

:       0       0

මහින්ද Wednesday, 13 August 2014 12:18 PM

කාන්තාවන් ඔහොම තමයි (නි)

:       0       0

සුගුනවති Thursday, 14 August 2014 05:33 PM

කොහොමද රාළහාමි දන්නේ දුරකතනය බස් එකේදී නැතිවුණා කියලා? (නි)

:       0       0

රෙජි -සිඩ්නි Thursday, 14 August 2014 03:46 AM

ඔය ෆෝන් එක පෙනෙන තැනක එල්ල ගත්තා නම් කිසි කරදරයක් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 352 0

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 762 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 853 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 680 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1257 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 730 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 716 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 185 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1221 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site