(අකිල බද්දෙවිතාන)
අනුරාධපුර පැත්තේ වැඩබිමක සේවකයින්ගේ නවාතැන්පොළක සිදුවූ අපූරු සිදුවීමක් හේතුවෙන් හොඳින් දිවි ගෙවූ සැමියකු හා බිරියක විරසක වූ පුවතකි මේ.
මෙම වැඩපොළෙහි සේවකයන්ට නවාතැන් ගැනීම සඳහා එක පෙළට සකස් කළ නිවාස කිහිපයක් ලැබී තිබුණු අතර එක් නිවෙසක සැමියා සහ බිරිය වාසය කළහ. ඔවුන්ගේ අසල්වැසි නිවසේ සිටියේ ගුණගරුක යහපත් ගති පැවැතුම් ඇති තරුණයෙකි. මෙම තරුණයා සම්බන්ධයෙන් සියලූ දෙනා දැන සිටියේ කිසි දිනෙක මත්පැන් නොබොන දුරාචාරයේ නොයෙදෙන යහපත් කල් ක‍්‍රියාවෙන් යුතු වූවකු ලෙසිනි.
එබැවින් කාගේත් විශ්වාසය දිනා ගැනීමට මෙම තරුණයා සමත්ව සිටියේය. නමුත් දිනක් සිය මිතුරන්ගේ බලවත් පෙරැත්තය මත ජීවිතයේ පළමු වතාවට මත්පැන් තොල ගාන්නට සිදුවුණාලූ. ජීවිතයේ මුල්ම වරට අත්විඳි පදම ඔහුට වැඩිවීම නිසා හොඳහැටි මත්වූ තරුණයා ආපසු නිවෙස කරා ගියේ කඩිනමින් නිදා ගැනීමේ අපේක්ෂාව පෙරදැරිවය.
නමුත් තරුණයාට නිවෙස මාරු වී තිබිණි. ඔහු සිය නිවෙස යැයි සිතා ඇතුළු වී තිබුණේ අසල්වැසි අඹුසැමියන් වාසය කළ නිවෙසටය. ඒ මොහොතේ නිවෙසේ සිටියේ නිවෙස් හිමියාගේ බිරිය පමණි. ඒ සමඟ නිවෙසට ආ නිවෙස් හිමියාට දවල් තරු පෙනුණාලූ. වහාම පොලිසියට දුරකතන ඇමතුමක් දී තරුණයා පොලිසියට බාර දුන්නේ තම බිරියට කරදරයක් කිරීමට පැමිණියකු බව කියමින්ලූ.
නමුත් තරුණයා ගැන දන්නා නිවෙස් හිමියාගේ බිරිය ඔහු එවැනි නරක අදහසකින් නොපැමිණි බව කියමින් ඔහු මුදා හරින්නැයි පොලිසියෙන් ඉල්ලා සිටියාය. නමුත් ඇගේ සැමියා මේ පිළිබඳ විමතියට පත්ව බිරියට ද දොස් නගමින් මහා හඬින් කෑ ගැසීය. තරුණයා පැත්තක සිටිය ද අඹුසැමි යුවළ අතර විරසකය සංසිඳවීමට පොලිසියට බොහෝ වේලාවක් ගත වුණාලූ.
2025 ඔක්තෝබර් මස 08
1531
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
බීල වැඩිවෙලා ගේත් මාරුවෙලා
thusha Tuesday, 14 November 2017 11:29 AM
මම මේ කල්පනා කරේ අද කාලේ, ලංකාවේ වෙන දේවල් වල හැටියට කාන්තාවක් තනියම ගෙදර ඉන්න කොට දොරවල් ඔහේ ඇරගෙන හිටියේ මොකද කියලයි.ඇරපු දොරවල් වලින් ඉතින් බීපු මිනිසුන් විතරක් නොවෙයි, බල්ලෝ පුසෝ,නයි පොළඟුන් කබරයෝ වාගේ නා නා විද සත්වයන්ට ඇතුල් වෙන්න බාධාවක් නැහැනේ .. නිවෙස් හිමියාගේ බිරිඳ බුද්ධිමත් කාන්තාවක් වාගේ පෙනුනත්, තනියම නිවසේ සිටින විට ආත්ම ආරක්ෂාව ගැනත් මීට වඩා ටිකක් හිතන්නට තිබුනා. ...