IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බලු තොප්පියක් දාගෙන ජෝඩුවක් බලුවෙලා

දිනපතා පාහේ උදේ නිවස ඉදිරිපිට පාරේ බල්ලන් කැතකර තිබෙනු දුටු නිවැසි කාන්තාව මේ බල්ලන්ගෙන් බැල්ලියන්ගෙන් පුදුම කරදරයක් තමයි තියෙන්නේ කියා කියනු ඇසුණු අල්ලපු ගෙදර නෝනා ඒ බලු කතාව පටලවාගෙන හොඳින් ඇසුරු කළ පවුල් දෙක අතර විරසකයක් හදාගත් සිද්ධියක් පන්නිපිටිය දෙපානම ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. 


අසල්වැසි නෝනාගේ බලු කතාව වරදවා වටහාගත් අල්ලපු ගෙදර නෝනා ඒ බව තම සැමියාටත් පැවසුවාය. බිරිඳ කියන ඕනෑම කේළමක් අකුරටම අදහන සැමියා ආවේශ වී අසල්වැසි කාන්තාවගේ නිවසේ බිත්තියක ඉරි තැලීමකට පිළියම් යෙදීමට නොබෝදා ආ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු හා පෙදරේරුවකු ආපසු හරවා යවා ඇත. ඒ එම බිත්තිය පිහිටා ඇත්තේ අල්ලපු ඉඩමට යාව නිසා එම නිවසේ දොරටුවෙන් එහි ඇතුළට යා යුතුව තිබූ හෙයිනි. 


මේ කියන අල්ලපු ගෙදර සැමියා උදේ ටවුමේ වෙළඳසලට ගිය පසු රාත්‍රි 10ට පමණ යළි එනතුරු මේ කියන බිරිඳ නිවසේ සිටින්නේ තනිපංගලමේය. පාළුව මකාගන්නට වෙන මගක් නැති නිසා ඇයගේ වැඩේ වරින් වර ඉහළ මහලට ගොස් අසල්වැසි නිවසේ කත මුළුතැන්ගෙය සිටී නම් ඒ දෙසට හැරී කුමක් හෝ ඕපාදූපයක් දෙඩීමය. එසේ නැතිවිට අසල්වැසි කතාබස්වලට කන තියා ගෙන සිටීම ඇගේ පුරුද්දයි. බලුකතාව ඇසෙන්නට ඇත්තේත් එවන් විටෙකය. මෝඩකමට බේත් නැත කියා කියන්නේ මේ වගේ විලම්බීතවලටයි කියා අසල්වැසියෝ කියති.



අදහස් (0)

බලු තොප්පියක් දාගෙන ජෝඩුවක් බලුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site