IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බලු ගනුදෙනුවෙන් අසල්වැසියා බලුවෙලා

ඌරගස්මංහන්දිය අමරසිරි රණසිංහ
අල්ලපු ගෙදර බල්ලා නමත් එක්කම රුපියල් 20000 කට හොරෙන් විකුණා මාට්ටු වූ පුවතක් දකුණු පළාතේ එක්තරා ගමකින් ඉකුත්දා අසන්නට ලැබිණ.


මෙම අරුමපුදුම ගනුදෙනුව කළ පුද්ගලයා මැද පෙරදිග රටක කලක් සේවය කර මෑතක ලංකාවට පැමිණි අයෙකි. ඔහු උදෑසන නවය දහය පමණ වනතුරු නිදාගැනීමට පුරුදුව සිටින්නෙකි. අල්ලපුගෙදර බල්ලාගේ කරදරකාරී බිරුම් ඝෝෂා හඬ ඔහුගේ නින්දට දින කිහිපයක්ම බාධාවක් විය.


 කරදරකාරී බල්ලා සිටින නිවෙසේ සිටි කාන්තාව රෝහලේ වෛද්‍ය සායනයට යාමට පිටත්ව යන අයුරු දුටු අසල්වාසී පුද්ගලයා ඔහුගේ මිතුරෙකුට දුරකතන ඇමතුමක් ගත්තේය. “අපේ ගෙදර ජර්මන් සෙපර්ඩ් බල්ලෙක් ඉන්නවා රුපියල් 25000 කට ගන්න ඕනෑම කෙනෙකුට දෙනවා”


විනාඩි පහකට පමණ පසු මිතුරාගෙන් ඇමතුමක් ලැබිණ. “ අපේ මාමා බල්ලා රුපියල් 20000 කට ගන්න කැමතියි. ඒත් ගෙදරට ගෙනත් දෙන්න වෙනවා”


බල්ලාගේ කරදරයෙන් බේරෙන්න හොඳම අවස්ථාව ලැබී ඇතැයි සිතමින් තමාගේ ත්‍රිරෝද රථයට අල්ලපු ගෙදර බල්ලා නංවාගෙන මිතුරා සොයා ගියේ කාටවත් නොපෙනෙන පරිදිය.


“මම තව දින කිහිපයකින් රට යනවා මෙයා බලාගන්න කෙනෙක් නැහැ. මෙන්න මම එයාගේ පිඟානයි කෝප්පයයි ගෙනාවා. මෙයාගේ නම ටූබී” 


බල්ලාගේ නව අයිතිකරු මුණුපුරාගේ උපන් දින ත්‍යාගය ලෙස ටූබී තෑගි කළේය. දිනක් දෙකක් ගතවත්ම ටූබී ළමයා සමග මිතුරු වීය. දිනක් ළමයාට බල්ලාගේ කූඩුව වැසීමට අමතකව ගියේය.  රාත්‍රියේම බල්ලා පෙර අයිතිකරු සොයා නිවෙසින් පැන ගොස් තිබිණ.


ඔවුන් දවස් කිහිපයක් දන්නා කියන සෑම තැනකම සෙව්වද බල්ලා සොයා ගැනීමට නොහැකි වූ බැවින් බල්ලා දුන් ගෙදරට ගොස් බල්ලා පැමිණියේදැයි සොයා බැලීය. බල්ලා එම ගෙදරටද පැමිණ සිටියේ නැත.


බල්ලා මිලට ගත් පුද්ගලයා ජංගම දුරකතනයේ තිබෙන ඡායාරූපයක් පෙන්වමින් මගතොට හමුවන අයගෙන් නැති වූ සුරතලා සොයන අතර බල්ලාගේ මුල් අයිතිකරුට ද එම ඡායාරූපය පෙන්වීය.


බල්ලාගේ ඡායාරූපය දුටු මුල් අයිතිකරු බල්ලා හැඳින ගත්තේය. බල්ලා ලැබුණු අයුරු අසා දැනගත් ඔහු බල්ලා සොයමින් සිටි පුද්ගලයා නිවෙසට එක්කගෙන ආවේය. 


‘අයියා සොයන බල්ලා අපේ ගෙදර හිටිය ටූබී යැයි පවසමින් බල්ලාගේ බෙහෙත් විදින කාඩ් එක හා ඔහුගේ දුරකතනයේ තිබූ ඡායාරූප හා වීඩියෝ දර්ශන පෙන්වීය.


මම බල්ලා ගත්තේ අන්න අර ගෙදරින් යැයි පවසමින් බල්ලා අවසන් වරට මිලට ගත් පුද්ගලයා යාබද නිවෙසක් පෙන්වීය.


දෙදෙනාම එම නිවෙසට ගොස් “ මල්ලී ඔයා විකුණපු බල්ලාගේ කාඩ් එක දෙන්න අමතක වෙලා” යැයි කීය. බල්ලා විකුණූ පුද්ගලයා ත්‍රිරෝද රථයේ නැගී වේගයෙන් නිවෙසින් පිටව ගියේය.


මිතුරන් කිහිප දෙනකුගේ උදව් ඇතිව පැය හතරක සෝදිසි මෙහෙයුමකින් බල්ලා සොයාගෙන  රුපියල් 20000 වන බලු ගනුදෙනුව ද බේරුම්කර බල්ලාගේ මුල් අයිතිකරුට ඌ ගෙනැවිත් දී බලු කුක්කකු මෙන් අසල්වැසි තරණයා පිටව ගියාලු.

 



අදහස් (0)

බලු ගනුදෙනුවෙන් අසල්වැසියා බලුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17827 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site