IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බලු කාඩ් එකක් අරන් කොරෝනා බේත් විදින්න ඇවිත්

(හලාවත - ඔගස්ටින් ප්‍රනාන්දු)
මාම්පුරි දළුව ප්‍රදේශයේ කොවිඩ්-19 මැඩලීමේ එන්නත ලබාදීමේ මධ්‍යස්ථානයකට එන්නත විද ගැනීමට පැමිණි තැනැත්තකු තම නිවෙසේ හුරතලේට ඇති කරන සුනඛයාගේ එන්නත් කාඩ්පත රැගෙන ඇවිත් මහත් වූ ජංජාලයකට මුහුණ දුන් පුවතක් ගැන තොරතුරු වාර්තා වේ.


මෙම එන්නත් මධ්‍යස්ථානය මගින් ප්‍රදේශයේ ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනීමට කටයුතු යොදා තිබූ අතර එම එන්නත ලබාගැනීමට ප්‍රදේශවාසීහු පෝලිම් ගැසී තම වාරය එන තෙක් පෝලිමේ රැඳී සිටියහ.


මේ අතර එන්නත ලබාගැනීමට පැමිණි පිරිසේ සංඛ්‍යාව වැඩි නිසාත් ඔවුන්ට කඩිනමින් එන්නත්කරණය කළ යුතු නිසාත් සෞඛ්‍ය නිලධාරීහු මහජනතාවට එක දිගට එන්නත් දීම සිදු කළහ. එන්නත් විද ගැනීමෙන් පසු ඒ ඒ පුද්ගලයන් ගෙන ආ එන්නත් ලබාගත් බවට වන සහතික පත්‍රය ලකුණු කර ස්ටිකරය ඇලවීමට ද පියවර ගත්හ.


කාඩ් එකක් අතැතිව ආ ප්‍රදේශවාසියෙක් එන්නත විදගෙන කාඩ්පත ලකුණු කිරීමට ගියේය. ඔහු රැගෙන විත් ඇත්තේ නිවසේ ඇති කරන බල්ලාගේ එන්නත්කරණ කාඩ්පත බව හෙළි වූයේ සෞඛ්‍ය බලධාරීන් අතට කාඩ්පත දුන්නායින්ද පසුවය.


මේ නිසා එන්නත් දුන් නිලධාරීහු දැඩි අසීරුතාවකට පත්වූහ. වෙන කළ හැකි දෙයක් නොවූයෙන් එන්නත ලබාගත් ප්‍රදේශවාසියා මධ්‍යස්ථානයේ රඳවා කොරෝනා එන්නත්කරණ කාඩ්පත වහාම ගෙන එන ලෙස දැන්වීය. ඔහු වෙනත් කෙනකු නිවෙසට යවා දැඩි වෙහෙසකින් පසු කොරෝනා එන්නත්කරණ කාඩ්පත ගෙන්වා ගෙන එහි එන්නත් දෙකම ලබාගත් බවට සටහන දමා ස්ටිකර් එකක් ද අලවාගෙන මධ්‍යස්ථානයෙන් පිටව ආ පසු නිවෙස වෙත ගියේ තමන්ටම දොස් පවරා ගනිමිනි.



අදහස් (0)

බලු කාඩ් එකක් අරන් කොරෝනා බේත් විදින්න ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site