IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


බල්ලා බඳින්නැයි ගෝරනාඩු කර අම්බානක ගුටිකාලා

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
හපන බල්ලා බැඳ ගන්නා ලෙසට පාට් දමා හොරෙන් ගෙදර වත්තේ කෙසෙල් කැන් කැපීමට පැමිණි පුද්ගලයකුට බඩ කට පුරා ගුටි කෑමට සිදුවීමේ පුවතක් කටුගස්තොටට තදාසන්න ගම්මානයකින් වාර්තා විය.


සිද්ධිය මෙසේයි.


එම නිවසේ ආරක්ෂාවට ඇති කරන බල්ලා නිවස ආසන්න මාර්ගයේ යන එන පුද්ගලයන්ට බිරීම සිරිත වුවත් ඌ මෙතෙක් කිසිවෙකුත් හපා නොකා ඇත්තේ බුරන බල්ලන් හපා නොකන බවට වූ කියමන සනාථ කරමිනි.


කෙසේ නමුත් එම නිවස ආසන්නයේ සිටි පුද්ගලයෙකු නිරන්තරයෙන් එම නිවැසියන්ට බැණවැදී ඇත්තේ හපන බල්ලා බැඳ ගන්නා ලෙසත් නොමැතිනම් අකමැත්තෙන් වුවත් නීතිය හමුවට යාමට සිදුවන බවට චෝදනා කරමිනි.


අවසානයේ අකමැත්තෙන් වුවද නිවැසියන් එම බල්ලා බැඳ තැබීමට තීරණය කළේ අදාළ පුද්ගලයාගෙන් නිරන්තරයෙන් එල්ලවන චෝදනා තවදුරටත් ඉවසා දරා සිටීමට නොහැකි වූ පසු බිමකය.


මේ අතර ඉකුත් දිනක මධ්‍යම රාත්‍රියේ අදාළ බල්ලාගේ තොර තෝංචියක් නැති බිරීම හමුවේ අවධි වූ නිවැසියන් ඒ පිළිබඳව විපරම් කිරීමේදී දැක ඇත්තේ තමන්ට නිරන්තර බලු චෝදනා එල්ලකළ පුද්ගලයා තම නිවස ඉදිරිපිට ඇති කෙසෙල් කැනක් හොරෙන් කැපීමට උත්සාහ ගන්නා ආකාරයකි.


සිද්ධියෙන් දැඩිලෙස කෝපාවිෂ්ට වූ නිවැසියන් අදාළ පුද්ගලයා අතටම අල්ලා බඩකට පුරා කළ සංග්‍රහයෙන් අනතුරුව එතෙක් බැඳ දමා සිටි නිවැසි බල්ලාටද සුපුරුදු නිදහස හිමි වූ බව වැඩිදුරටත් වාර්තා විය.

 



අදහස් (3)

බල්ලා බඳින්නැයි ගෝරනාඩු කර අම්බානක ගුටිකාලා

තුෂා Thursday, 24 January 2019 10:01 AM

සුනඛයෝ මිනිසුන්ට වඩා, කොපමණ උසස් ගති ගුණ ඇති සත්ව කොට්ඨාසයක්ද ? උන් කවදාකවත් තමන්ට කන්න දුන්න අත හපා කන්නේ නැත.

:       0       21

Perakum Thursday, 24 January 2019 03:51 PM

ඇයි ඉතින් පොලිසියට භාර නොදුන්නේ...?

:       0       3

Shantha Mendis Friday, 25 January 2019 10:48 AM

ඇයි ඉතින් පොලිසියට භාර නොදුන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 108 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site