IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


බල්ලා ගෙනා සපත්තුව අල්ලපුගෙදර කත හංගාගෙන

(කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ)
රාත‍්‍රී කාලයක තමන්ගේ බල්ලා රැගෙන ආ යාබද නිවෙස් හිමියාගේ වටිනා සපත්තුවක් තුන් මාසයක් පමණ සඟවා තබා යළි පාරට ගෙනවිත් දැමූ කාන්තාවක් ගැන පසුගිය සතියේ දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා විය.


සිද්ධිය සැකවින් මෙසේය.
අසල්වාසි ගෙහිමියා රජයේ උසස් රැකියාවක් කරයි. ඔහු සපත්තු ගලවා ඉස්තෝප්පුවේ තබා ගෙතුළට යන අතර ඇතැම් දිනවලදී සපත්තු දෙක ගේ ඇතුළත අමතක වෙයි. මෙවන් දිනවලදී යාබද නිවසේ බල්ලා එය රැගෙන ගොස් පාරේ තබාගෙන සෙල්ලම් කරන අතර එය හොඳින් දන්නා ගෙහිමියා ආපසු සපත්තුව අහුලාගෙන පැළඳ ගනියි. මෙවැනි අවස්ථාවලදී බල්ලා සපත්තුව හපා තිබෙනු ද ගෙහිමියා දැක තිබේ.


මේ අන්දමට සපත්තුව අතුරුදන් විය. එහෙත් එය සුපුරුදු තැන දක්නට නොවීමෙන් බල්ලාගේ ස්වාමි දුව කුමක් හෝ උප්පරවැට්ටියක් කරන්න ඇතැයි සිතූ සපත්තුව හිමි ගෙහිමියා හොඳ ඉතිරි සපත්තුව පරෙස්සම් කොට තබා ගත්තේය.


නැතිවූ සපත්තුව මාස තුනකට පසුව යළිත් පාරේ තිබෙනු දැක පුදුමයට පත් ගෙහිමියා එය අහුලාගෙන පැළඳ රැකියාවට ගියේය.


සපත්තු දෙක දාගෙන යනවා යි එය දුටු බල්ලා අයිති කාන්තාව මෝඩකම ප‍්‍රදර්ශනය කරමින් ගෙහිමියාට ඇසෙන්නට පවසා තිබේ. නැතිවූ සපත්තුවේ සුලමුල එයින් හෙළිවිය.



අදහස් (0)

බල්ලා ගෙනා සපත්තුව අල්ලපුගෙදර කත හංගාගෙන

මහේෂ්‍ Thursday, 26 February 2015 03:47 AM

අනේ! තම තමන්ගේ බල්ලෝ තම තමන්ගේ ගෙවල්වල තියාගන්න. පාරේ අරින්න එපා. අපේ ගෙදරට අල්ලපු ගෙදර බල්ලා හින්දා පුදුම පරිප්පුවක් මම කන්නේ. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 23 February 2015 11:09 PM

මට නම් හිතෙන්නේ එයා ඔය වගේ වැඩ කරලා හොඳට පළපුරුදු එක්කෙනෙක් වගේ කියලයි. (නි)

:       0       0

දුමින්ද Tuesday, 24 February 2015 05:16 AM

බල්ලෝ ගන්නේ අපිරිසිදු සපත්තු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 608 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 515 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site