IMG-LOGO

බල්ලාට වැඩ පෙන්නා මූණපුරා පැච් දාගෙන

බල්ලාට වැඩ පෙන්නන්න ගිය බේබද්දාගේ මුහුණ පුරා මැහුම් හත අටක් දමා ගැනීමේ පුවතක් මාතර දුර බැහැර පිටිසර බද ගමකින් වාර්තා වෙයි. 


මැදි වයසේ පසුවන ඔහුගේ දින චාරියාවේ ප්‍රධාන අංගයක් වූයේ උදේ සවස මත්පැන් පානය කිරීමයි.  කාගේ හෝ කුලී වැඩ කර දිනපතා සොයා ගන්නා මුළු මුදලම වැය කරන්නේ මත්පැන් පානය කිරීම සඳහා පමණි. 


බීමතින් නොසිටින විට ඉතා නිහඬව සිටින මොහු මත්පැන් පානය කළ පසු හැසිරෙන්නේ වීරයකු මෙනි. මේ බව දන්නා මොහුගේ මිතුරන් පසුගිය දිනක කඩමණ්ඩියේ සිටි සුනඛයකු පෙන්වා “අන්න බලාපන් අර බල්ලා උඹට විරිත්තුවා. උඹ බය නැත්නම් උගේ කනට දෙකක් ගහපන්”  කී විට හොඳටම වෙරි මතින් සිටි මොහු බල්ලා ළඟට ගොස් තෝ මට විරිත්තුවා නේද? හිටපන් මං තොට හොඳ වැඩක් කරන්නම් කියලා ඌ වඩා ගැනීමට තැත් කර ඇත. එවිට බල්ලා මොහුගේ ඇඟට පැන සපා කන්නට පටන් ගෙන තිබේ. උගෙන් බේරීමට දුව ගියත් සුනඛයාද ඔහු පසුපස දිවගොස් ඇඟපුරාම සපා කෑ අතර අවට සිටි අය සුනඛයා එලවා  දමා මොහු රෝහල් ගතකර තිබේ. දැඩි ලෙස සපා කෑම නිසා ඔහුගේ සිරුරේ තුවාල රැසක් තිබුණු අතර අතැම් තුවාලවලට මැහුම් හත අටක් ගැසීමට  සිදුවී තිබේ.


 දින කීපයකින් රෝහලෙන් ටිකට් කපාගෙන නිවසට පැමිණි අතර අතරමගදී හමුවන මිතුරන් “මොකෝ මචං වුණේ. චණ්ඩියා නොන්ඩි වුණා” නේදැයි අසනවිට ඔවුන්ට කුණුහරුපයෙන් බැන මාරුවන බවද මේ සිද්ධිය නිසා මත්පැන්  තැබෑරුමට යෑමේ පුරුද්දත් නැවතී ඇති බව දැනගන්නට ඇත

(මුලටියන එස්. බාලසූරිය)



අදහස් (1)

බල්ලාට වැඩ පෙන්නා මූණපුරා පැච් දාගෙන

ඉදුනිල් කෝදාගොඩ Monday, 21 January 2019 09:35 AM

සිංහලයා මෝඩයා කියන්නේ නිකන්ද..?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 324 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site