(අම්බලන්තොට සනත් ගමගේ)
බල්ලන්ට බෙහෙත් දෙන පෞද්ගලික බෙහෙත් ශාලාවක වෛද්‍යවරයා බල්ලකු රැගෙන පැමිණි පුද්ගලයකුගේ මුහුණ සපා කෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අම්බලන්තොට ප්‍රදේශයෙන් වාර්තා වේ .
බල්ලන් පූසන් ඇතුළු සත්වයන්ට බෙහෙත් කරන පෞද්ගලික බෙහෙත් ශාලාවක සිදුවූ යැයි කියන පහරදීමක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර ඇත.
තම බල්ලාට බෙහෙත් ලබාගැනීමට පැමිණි පුද්ගලයකු බෙහෙත් සාප්පුවේ සතුන්ට බෙහෙත් කරන වෛද්‍යවරයා සමග බහින් බස්වීමක් දුරදිග යාමෙන් පහරදීම සිදුවී යැයි පොලිසිය කියයි. බල්ලාට බෙහෙත් ගැනීමට පැමිණි පුද්ගලයාගේ මුහුණ වෛද්‍යවරයා සපා කෑ බවට කියා ඔහු රෝහල් ගතවී ඇති අතර වෛද්‍යවරයාද බෙහෙත් ගැනීමට පැමිණි පුද්ගලයා පහරදුන් බව කියා රෝහල් ගතවී තිබේ.
දෙදෙනාම පහරදීමක් සිදුවීම සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.
වෛද්‍යවරයාත් අනෙක් පුද්ගලයාත් දෙදෙනාම රෝහල් ගතවී සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
බල්ලාට බේත් ගන්න ආවාම දොස්තර මූණ හපා කාලා