IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බල්ලට කාර්: අම්මට තාත්තාට ත්‍රීවිල්

 (කඹුරුපිටිය ප්‍රීති ජයවර්ධන)
අම්මාට තාත්තාට අසනීපයක් වූ විට ත්‍රිවිල් රියකින් බෙහෙත් ගැනීමට පිටත් කර හරින පුතකු ගෙදර හදන බල්ලාට බෙහෙත් විදීමට කාර් එකක් කුලියට ගෙන බල්ලා රැගෙන යාමට කටයුතු කිරීමේ අරුම පුදුම පුවතක් දකුණු පළාතේ පිටිසරබඳ ගමකින් වාර්තා වේ.


කුලී වැඩක්  කර දුක් මහන්සියෙන් දරුවන් පස් දෙනකු ලොකු මහත් කළ ගුණපාලත් ඔහුගේ බිරිදත් තවමත් ජීවත් වන්නේ කාගෙ හෝ ගෙදරක කුලී වැඩක් කර ලබා ගන්නා සුළු මුදලකිනි. ගුණපාලගේ ලොකු පුතුට මීට ටික කලකට පෙර නගරයේ පෞද්ගලික ආයතනයක රැකියාවක් ලැබිණි.


හොර බොරු වංචා නැති අවංක තරුණයකු වූ ඔහුට කෙටි කාලයක් තුළම ආයතන ප්‍රධානියාගේ සිත් දිනා ගැනීමට හැකි විය . ඒ නිසා ආයතන හිමිකරු මෙම තරුණයා ඔහුගේ නිවසේ වැඩ පළවලට පවා යොදා ගත්තේය.


මෙම නිවෙසේ සුරතලයට ඇති කරන බල්ලෙකි . බල්ලා දුටු තරුණයාට ද බල්ලකු හදන්නට ආසාවක් ඇති විය .තරුණයා ලොකු මුදලක් ගෙවා බල්ලකු මිලදී ගෙන ගෙදරට ගෙනාවේය .


තරුණයා රැකියාවට යන නිසා බල්ලා නෑවීමට  කෑම බීම  දීමට පවා සිදුවුණේ මහලු මව්පිය දෙදෙනාටයි . බල්ලාට කෑමට මස් මාළු කිරි පිටි මිලදී ගැනීමට අමතර මුදලක් වැය කිරීමටත් ගුණපාලට සිදුවී තිබිණි .  


බල්ලාට බෙහෙත් විදීමට රැගෙන යන්නට ගුණපාලට නොහැකි නිසා බල්ලාට බෙහෙත් විදින  දිනයට ගෙදර එන පුතා මෝටර් රියක් කුලියට ගෙන බල්ලාට බෙහෙත් විදීමට රැගෙන යාමට කටයුතු කරයි . එහෙත් තවමත් ගුණපාල හෝ බිරිඳ අසනීප වූ  විට බෙහෙත් ගෙන ඒමට යන්නේ ත්‍රිරෝද රියකිනි.


මෙය දකින ගමේ මිනිස්සු ගුණපාලගෙ පුතාගේ බල්ලා විතර ගුණපාලවත් බිරියවත් පින් කර නැති බව කියති.



අදහස් (0)

බල්ලට කාර්: අම්මට තාත්තාට ත්‍රීවිල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 25 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 19 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site