IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බැල්ලක් පාරේ යන ගමන් ගමක් අවුළුවලා

  • කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත

බැල්ලක නිසා ගෝරියක් ඇති වී බලු කූඩුවේ නොවැටී බැනුම් පමණක් අසාගත් පවුලක් පිළිබඳ පුවතක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ.

මේ බැල්ල සුරතල්ය. ඇය දකින කාහටද ප්‍රියමනාපය. මේ බැල්ල නිවැසියන් සමග නිවෙසින් එළියට යාමට පුරුදුව සිටියේ ඌ ගෙනාදා පටන්ය.

නිවැසියන් යන්නේ කොතැනද බැල්ලද එතැනය. නිවැසියන් පසුපස යන පුරුද්ද බැල්ල කිසිදාකවත් අත නොහැරියාය.

එදාත් මේ බැල්ල නිවැසියන් සමග නිවසින් එළියට ගියාය. යාමට සිදුවූයේ ටික දුරකි.

‘තමුසේ මාර මිනිහෙක් නේ අපේ බල්ලත් හොරකම් කරගෙන යනවනේ’ කියමින් දෝස්මුරයක් දමමින් අසල්වැසියෙක් බලු ගෝරියකට පටන් ගත්තේය. මේ බලු ගෝරිය කිසිසේත්ම නතර කර ගැනීමට නොහැකි වූයේ දෙපාර්ශවයම පරාජය බාර  ගැනීමට කිසිසේත්ම සූදානම් නොවූ නිසාය.

දෙපාර්ශ්වය අතර බලු ගෝරිය යුද්ධයක් බවට පත්වූයේ ඉන් අනතුරුවය. මේ යුද්ධයට තව තවත් අයද එකතු වී උල්පන්දම් දීමෙන් වැඩේ තවත් දිග් ගැහුණේය.

මේ හේතුවෙන් දෙපාර්ශවයම සිදුවූ තුවාල නිසා දෙපාර්ශවයේ සමහරුන්ට රෝහල්ගතවීමට ද සිදුවිය. එතැනින් නොනැවතී බලු ගෝරිය පොලිසිය දක්වා ගියේ එය නොවිසඳී විශාල ගැටලුවක් නිර්මාණය වීමේ පෙර නිමිති පහළව තිබූ නිසාය. පොලිස් විමර්ශන කෙරුණේ ඒ අනුවය.

එහිදී අනාවරණය වූයේ නිවැසියන් පසුපස ලතාවට යන දැකුම්කළු බැල්ලට වහවැටුණු තවත් නිවෙසක සිටි වටිනා බල්ලකු ඇයට ආදරය කිරීමට ඒ අවස්ථාවේදී ඇර තිබූ ගේට්ටුවෙන් පැන ඇය පසුපස යාමය.

මේ දේ තේරුම් නොගත් බල්ලාගේ පාර්ශවයට පොලීසිය තේරුම් කර දුන්නේ මේ බලු‍ ගෝරියෙන් කෙනකු මළානම් ඉතින් බලු‍ කූඩුවේ තමයි ළගින්න වෙන්නේ යයි කියමින් බලු‍ බැනුම් බැන දෙපාර්ශවයම සමථයකට පත්කරමිනි.



අදහස් (0)

බැල්ලක් පාරේ යන ගමන් ගමක් අවුළුවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 646 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17679 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site