IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


බල්ලෙක් කකුල කෑවාම තිරිසන් වැඩක් කරලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර  මල්ලවආරච්චි)
බල්ලකු කකුල කෑවාට කෝපයට පත්ව ගමේම බල්ලන් මරන්න ගියත් බල්ලන් මරණයෙන් බේරෙද්දී බළලුන් අට දෙනෙකුගේ ජීවිත බිලිගත් කම්කරුවෙකු පිළිබඳව බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා වෙයි.


ඔහු තේ කම්හලක කම්කරුවෙකි. වැඩ මුරය රාත්‍රියටය. මුට්ට කර ගැහීම කරයි. මේ කම්කරුවා දවල් කාලයද නිකරුණේ නොයවන්නෙකි. දිවා කාලයේ ගමේ ඇවිදිමින් පොල් කැඩීමෙන්ද ජීවිකාව සරි කර ගනී. 


දිනක් රෑ මුරයට යද්දී දඩාවතේ යන බල්ලකු මේ කම්කරුවාගේ පය සපා කෑවේය. තුවාල පහකි. දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ගන්නට සිදුවිය. ජීවිකාව අහිමි විය. මේ නිසා ඔහුට ගමේ බල්ලන් ගැන ඇතිවූයේ තරහකි. දෙන්නම් හොඳ වැඩක් තොපිට. ඔහු නිතර මුනු මුනු ගෑවේය. සනීප වූ වහාම ඔහු දොළ පහරේ මසුන් අල්ලන්නට ගියේ අදහසක් ඇතිවය. 


 පැය කිහිපයක් මහන්සිවී කොරළි පැටව් සිය ගණනක් අල්ලා ගන්නට ඔහුට හැකි විය. නිවසට ගිය ඔහු කිසියම් රසායන වර්ගයක් මේ මසුන්ගේ කුසට ඇතුළු කළේය. රෑබෝ වෙද්දී මසුන් ටිකත් අරගෙන පාරක් පාරක් ගානේ යමින් බල්ලන් ගැවසෙන ස්ථානවල රසායන ද්‍රව්‍ය ඇතුළත් කළ මසුන් එකා දෙන්නා බැගින් දැමුවේය. පසුදාට පහන් වෙද්දී සේවය නිම කළ කම්කරුවා පාරක් පාරක් ගානේ යමින් දැඩි විමසිල්ලෙන් බැලුවේ බල්ලන් මසුන් ආහාරයට ගෙන මැරී සිටිනු දකින්නටය. එහෙත් එසේ  සිදුවී නැත. තමන් දැමූ මසුන් ඒ ආකාරයෙන්ම තිබෙන අයුරු දැකිය හැකි විය.

බල්ලන් ඉව කරද්දී රසායන ගන්ධය දැනීම නිසා ඒවා ආහාරයට ගෙන නැති බව ඔහුට පසක් වූයේ ඒ අවස්ථාවේදීය.


මේ අතර ගමේ නිවාස කිහිපයකම සුරතල් පූසන් වමනය දමමින් දින දෙක තුනක් කල්ගත කර මරණයට පත්වූ බව ඔහුට ආරංචි වූයේ මේ අතරය. බළලුන්ට කිසියම් අසනීපයක් ඇතැයි සිතා නිවැසියන් ප්‍රතිකාර සඳහා වෙහෙසෙද්දී මේ කම්කරුවා කිසිත් මුවෙන් නොබැන සිටියේ තමන් කළ වින්නැහියේ තරම තේරුම් ගිය නිසාවෙනි.

 



අදහස් (0)

බල්ලෙක් කකුල කෑවාම තිරිසන් වැඩක් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1684 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1416 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 507 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site