IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බුලත් අතේ ජංජාලයෙන් තව ඩිංගෙන් මඟුලත් හබක්

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
සිය පුත්‍රයාගේ මංගල උත්සවය සඳහා ඥාතී හිතවතුන්ට ආරාධනා කිරීමට රැගෙන ගිය බුලත් අතේ කොළ බුලත් විට කෑම සඳහා යොදාගෙන තිබීම නිසා මංගල ආරාධනාවක් කිරීමට ගිය මාපිය යුවළක් අතර ඇතිවන්නට ගිය විශාල ගැටුමක් නූලෙන් වැළකී යාමේ සිද්ධියක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


රටේ පැවැති වසංගත වාතාවරණය නිසා දෙතුන් වරක්  කල් දැමීමට සිදුවූ තම එකම පුත්‍රයාගේ මංගල උත්සවය නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදු කිරීම සඳහා මෙම මවුපිය දෙපළ මේ  දිනවල ලහි ලහියේ කටයුතු කරමින් සිටියි.


ඒ අනුව  ඈත ප්‍රදේශවල සිටින තම ළඟම ඥාති හිතවතුන් කීප දෙනකුට ආරාධනා කිරීම සඳහා සිය වාහනයෙන් පුතා සමගින් යාමට මව තීරණය කළේ නිවෙසේ ඇති වෙනත් කටයුතු කීපයක් සිය සැමියාට පැවැරීමෙන් පසුවය.


බුලත් හෙප්පුවක් සහ ඊට අවශ්‍ය බුලත් අතක් ද පිළියෙල කරගත් ඇය පුතා සමගින් පිටත් වන්නට වාහනයට ගොඩවනවාත් සමගම  දිව ආ සැමියා කාලෙකින් නෑදෑ හිතවතුන්ගේ ගෙවල්වල නොගිය නිසා තමන්ටද ගමනට එකතුවීමට අවශ්‍ය බව කියා සිය බිරියට බැගෑපත් වූයේය.


 ඇය⁣ගෙන් ඊට කැමැත්තක් නොලැබුණද පුත්‍රයාගේ ඉල්ලීම මත ඔහුට ඒ සඳහා අවසරය ලැබිණි.


ඔහු දැඩිසේ බුලත්විට කෑමට ඇබ්බැහිවී සිටි අයෙකි. කෙසේවෙතත්  ගමන පිටත්වීමට තිබූ හදිසිය නිසා සිය බුලත් මඩිස්සලයට අවශ්‍ය ප්‍රමාණයට බුලත් හැර අනෙක් සියලු‍ කළමනා පුරවාගත් හෙතෙම බොහෝ සතු⁣ටින් පිටුපස ආසනයට පැන ඉඳ ගත්තේය. 


ගමනේ ටික දුරක් යද්දී ඔහුගේ බුලත් කොළ කීපය අවසන් විය. මඟදී වාහනය නතර කරවා කඩේකින් බුලත් ගැනීමට නොහැක්කේ ඇය සමඟ ගමනක් බිමනක් යන විට බුලත් සැපීම බිරිඳ ඔහුට තහනම් කර තිබෙන බැවිනි. 


බොහෝ වේලාවක් බුලත් විටක් සප්පායම් නොවී සිටීම ඔහුට නම් ලේසි පහසු කටයුත්තක් නොවීය. ආසනය මත බෑගයක තිබූ බුලත් අත ඔහුට සිහි විය.


බිරිඳ ඉදිරි අසුනේ නිදි කිරද්දී හෙතෙම පිටුපසට වී හිතේ හැටියට බුලත් සපමින් ගමන් කළේය.


පැය තුනක පමණ ගමනකින් පසු ප්‍රදේශයේ ප්‍රභූ ඥාති නිවෙසක් අසල වාහනය නතර කෙරිණ. හාපුරා කියා සුබ නැකතින් එම නිවසේ අයට මංගල ආරාධනාව කිරීම සඳහා නියමිත වේලාව පැමිණෙන තුරු  මව සහ පුතා බුලත් හෙප්පුව සකස් කරන්නට සූදානම් වූවා පමණි.


සූදානම් කරගෙන ආ බුලත් අතෙන් ඉතුරුවී තිබුණේ කොළ දෙක තුනක්  පමණි. ඒවාට සිදුවූ සන්තෑසිය තේරුම් ගැනීමට මවටත් පුතාටත් මහ වෙලාවක් නොගියේය. යක්ෂාවේශයෙන් සැමියා දෙසට හැරුණු ඇය හොඳ අඩව්වක් ඇල්ලීමට සූදානම් වුවද පුත්‍රයා සිය මව අස්වසා සුබ මොහොතට තවත් ටික වේලාවක් තිබූ බැවින් අසල වෙළෙඳසලකට ගොස් අවශ්‍ය බුලත් ප්‍රමාණය ගෙනාවේය. මේ නිසා සිදුවන්නට ගිය මහා අකරතැබ්බයකින් ⁣බේරුණාලු‍.



අදහස් (0)

බුලත් අතේ ජංජාලයෙන් තව ඩිංගෙන් මඟුලත් හබක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1982 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site