(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බූරු පොළකට පොලිසිය කඩා වදිද්දී අසල නිවසක බලු කූඩුවේ රිංගා නීතියෙන් බේරුණු බූරු කප්පිත්තකු පිළිබඳව පසුගියදා සියනෑවේ ගම්මානයකින් වාර්තා විය.
පොලිසියට ලද තොරතුරක් මත බූරු පොළක් වැටලීය. මේ බූරුපොළ පවත්වා ඇත්තේ නිවෙසක පිටුපස්සේ ය. අඳුරු මැදින් එන පිරිස පිළිබඳව සැක පහළ කළ බූරු කප්පිත්තකු ඉක්මනින්ම ඉන් නැගිට අසල නිවස පිටුපස තිබූ බලු කූඩුවට රිංගා ඇත්තේ එහි සිටි බලු රජා නිවැසියන් විසින් එළියට ගෙන තිබූ අතරය.
කප්පිත්තා බලු කූඩුවේ සැඟවී සිටියදී බූරු පොළේ සිටි දෙතුන් දෙනා පොලිසියට කොටු වූහ. පොලිසිය පිරිස කුදලාගෙන ගියේය. එහෙත් බූරු කප්පිත්තා තවමත් බලු කූඩුවේ ය. ඔහුට එළියට එන්නට බැරි විදිහට එළියෙන් අගුල වැටී තිබිණි.
නිවැසියන්ට කතා කිරීමටත් නොහැකි තත්ත්වයක් ඇතිවීයෙන් ඔහු රැඳී සිටියේ කොයි වෙලේ හෝ බල්ලා කූඩුවට දමන්නට රැගෙන එන තුරුය.
නිවැසියන් බල්ලා කූඩුවට දමන්නට ගෙන ආ අවස්ථාවේ ඔවුන්ට වැඳ වැටී කූඩුවෙන් එළියට ආ ඔහු අද නම් බේරුණා යැයි කියමින් නිවෙස බලා පිය නැගීය.
කෙසේ හෝ සිද්ධිය ප්‍රචලිත වීමත් සමග බල්ලන් සමග බූරු සෙල්ලම් කළා දැයි අහද්දී හොඳ දෙකක් අසා ගැනීමේ අවස්ථාව දැන් අසල්වාසීන්ට උදා වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බූරු පොළට පොලිසිය පනිද්දී බලු කූඩුවේ රිංගලා