(මොරගොල්ලාගම සිසිර කැලේගම)
හූනු සාත්තරයට අනුව බිරියගේ රැකවරණය මත සැමියාට නිවාස අඩස්සියේ එදින දවස පුරා කල්ගත කිරීමට සිදුවීමේ පුවතක් වයඹ හා රජරටට මායිම් අතර පිහිටි ගම්මානයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.

නිවෙසේ රැඳි සිටිනා තරුණ යුවළකි. උදේ කාලයේ සැමියාගේ වම්උර මතට හූනකු වැටී ඇති අතර, ඒ ගැන බිරියට දැන්වීමෙන් පසු ඇය ඒ පිළිබඳව සුබ අසුබ බලන්නට කටයුතු කළාය.
වහාම ලිත අසලට ගිය ඇය හූනන් ඇඟ වැටීමේ පලාපල කියවන්නට වූවාය.
සිද්ධිය කියවූ ඇය එහි පලාපල බැලූ වගක් සැමියාට නොකියා ගෙයි කාලය ගත කළේය. ඒ කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති සැමියා එහි සුබ අසුබ අසන්නට ගියේ ද නැත. ඇය ලිත බලා ඇති වගක් ඔහු දන්නේ ද නැත.
උදේ කාලයේ වත්තේ වැඩක යෙදුණු සැමියාට තම බිරිය ද වෙනදාට නැති ඇල්මක් දක්වමින් ඒ අසලම ලෙන්ගතුව රැඳී සිට ඇත.
දහඩිය ගතේ තැවරුණු සැමියා දහවල් නාන්නට වැවට යාමට සූදානම් වූ විගස වෙනදා නිවෙසේ නාන කාමරයෙන් දියනාන බිරිය ද වැවෙන් නාන්නට අවැසි බව පවසා එම යතුරු පැදියට ගොඩ වූවාය.
ඉන් අනතුරුව ගෙදරට දෙදෙනා පැමිණ දහවල් ආහාරය ගෙන සවස් යාමයේ සැමියා කඬේට යාමට සූදානම් වූ විට යතුරු පැදියේ යතුර හා එහි ලියකියවිලි ඇය සඟවාගෙන සැමියාට පිටතට යාමට නොදී මග අහුරා තිබේ.
වෙනදාට නැති ලෙන්ගතුකමක් පෙන්වමින් වත්තේ රැඳී සිටි ආකාරය මෙන්ම, දිය නාන්නට වැවට පැමිණීම ගැන ද සැක සිතු සැමියා එසේ පිටවීමට නොදෙන්නට හේතුව සොයන්නට මෙන් හූනු සාත්තරය කියවන්නට ලිත අසලට ගොස් ඇතත්, එම ලිත ද ඇය ගලවා සඟවා තිබූ බව දැක ඔහු මවිතයට පත්ව ඇත.
ඒ අනුව තම ජංගම දුරකතනයෙන් හිතවතකු අමතා වම් උර මතට හූනකු වැටුණොත් එහි පලාපල ලිත බලා කියනා ලෙසට පවසා තිබේ.
වහා ලිත වෙත ගිය හිතවතා ද එය බලා“ ස්ත්‍රී සැපය” බවට පවසා ඇත. හූනු සාත්තර ගැන ඉහළින්ම විශ්වාසය තබා ඇති ඇය අන් අයගෙන් ඔහුට යම් ස්ත්‍රී සැපයක් එදිනට ලැබිය හැකි බව සිතා එසේ යාම වළකාලීමට මෙම පියවර ගෙන ඇති බවට එහිදී ඔහුට වැටහුණි.
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බිරිය හූනාට බියවී සැමියා දවසක්ම නිවාස අඩස්සියේ
sampath Tuesday, 04 June 2019 09:12 AM
හූණු සාස්තරේ හරි හෝ වැරදි මේ කාන්තාව තමන්ගේ මනුස්සයා හැමදෙයින්ම බේරගන්න දරපු අහිංසක උත්සාහය පැසසිය යුතුයි. නූතන සමාජයට මෙවැනි දේ විහිළුවක් වගේ වුණත් හැම මොහොතේම අවදානයෙන් තමන්ගේ යුතුකම් ඉටුකරනවා නම් සමාජ ප්‍රශ්න අවම කරගත හැකියි.