IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


බිරිය ටෙලි නාට්‍ය බලන තුරු සැමියා ඇන්ටනාව අල්ලන් ඉඳලා

(පොල්ගස් ඕවිට - එස්. වික‍්‍රමආරච්චි)

මාතර දිසාවේ දුෂ්කර කඳුකර ගම්මානයකි. එහි කඳු බෑවුම්වල පිහිටි ඇතැම් ස්ථානවලට තවමත් රූපවාහිනී දසුන් පැහැදිලිව දර්ශනය නොවේ. සමහර ස්ථානවලට පෙනෙන්නේ එකම චැනලයක් පමණි.

මෙම ප‍්‍රදේශයේ පිහිටි එක්තරා නිවෙසකි. එහි නිවැසියන්ද නරඹන්නේ එකම චැනලයකි. එහි තරුණ බිරිය ඉකුත් දිනෙක නගරයේ සිටින තම මිතුරියක සමඟ දුරකතනය ඔස්සේ අල්ලාපසල්ලාපයේ යෙදී සිටියදී එම මිතුරිය පවසා ඇත්තේ වෙනත් පෞද්ගලික නාලිකාවක යන හොඳ ටෙලි නාට්‍යයක් තමා දිනපතාම නරඹන බවත් හැකිනම් එය නරඹන ලෙසත්ය. එහි කතා තේමාව ගැනත් රඟපාන නළු නිළියන් ගැනත් මිතුරිය රසකර කී කරුණු ඇසීමෙන් ඇයට ද එම ටෙලි නාට්‍යය බැලීමේ ආසාවක් ඇතිවිය. මේ පිළිබඳව තම සැමියාට දැන් වූ ඇය ඔහු ලවා එදින සවස්වරුව පුරාම එම චැනලය අල්ලා ගැනීමට මහන්සි විය.


දිගු ලීයක ඇන්ටෙනාව ගැටගසා මුළු වත්ත පුරාම එහාට මෙහාට එය රැගෙන යමින් නාලිකාව සොයා ගැනීමට මහත් වෙහෙසක් ගත්තේය. කෙසේ වෙතත් ? බෝවී එනවිට යාන්තම් එම නාලිකාව දර්ශනය වන්නට විය. බිරියගේ ඉහේ මලක් පිපුණාක් මෙන් විය. එහෙත් දර්ශන එතරම් පැහැදිලි නැති නිසා ඇය තවත් කන්කෙඳිරි ගාන්නට වූවාය.


‘‘අනේ ඔහේ වහල උඩට නැඟල බලන්නකෝ’’ ඇය ඉණිමඟ ගෙනත් වහලයට තබා දුන්නාය. සැමියා ඇන්ටෙනාව ද රැගෙන වහලය මතට නැංගේය. බිරිය ගෙතුළට ගොස් රූපවාහිනී යන්ත‍්‍රය කි‍්‍රයාකරවන්නට වූවාය. ‘‘හරි හරි එ්යි, ඔන්න ඔතන පේනෝ, ඔහොම අල්ලගෙන ඉන්න’’ ඇය කෑමොර දුන්නාය.
ඒ අතරම ඇය ගොස් ඉණිමඟ රැගෙන බිමින් තැබුවාය. වහලයෙන් බසින්නට ක‍්‍රමයක් නොවූයෙන් බිරිය ටෙලිය බලා අවසන් වනතුරු සැමියාට ඇන්ටෙනාවද අල්ලාගෙන වහලය මතට වී ඉන්නට සිදු වුණාලූ.

 



අදහස් (0)

බිරිය ටෙලි නාට්‍ය බලන තුරු සැමියා ඇන්ටනාව අල්ලන් ඉඳලා

පිටබැද්දර ජයා Thursday, 02 October 2014 02:27 PM

අදහන්න වටිනා මිනිහෙක්. මොකද මිනිස්සු හැමදාමත් වැට උඩනේ (නි)

:       0       0

උණම්බුව Thursday, 02 October 2014 03:20 PM

ඉනිමඟ ඉවත් කිරීමෙන් කළ ක්‍රියාවෙන් ඇය ගැන හිතාගන්න පුලුවන් (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 02 October 2014 03:34 PM

වර්තමානයේ බහුතර පිරිමින්ට වෙන්නේ මේක තමයි (නි)

:       0       0

බමුණු Friday, 03 October 2014 09:09 AM

ටිකක් ඇතට හිතුවොත් මෙතන කිසිම අසරණ කමක් නැහැ. ඕක තමයි බෙදාහදා ගෙන වැඩකිරීම. (ස)

:       0       0

බමුණු Friday, 03 October 2014 09:11 AM

සැමියා ඇන්ටනාව අල්ලන් සිටිය එකමද ඕගොල්ලන්ට පෙනෙන්නේ. (ස)

:       0       0

රුවන් Thursday, 02 October 2014 06:53 AM

ඔච්චරම රූපවාහිනියට ආහා නම් සැටලයිට් රිසීවර් එකක් ගත්තා නම් හරිනේ. නැත්නම් ඇන්ටනා බූස්ටර් එකක් දාගන්න ඕනෑ. (නි)

:       0       0

මොහාන් Tuesday, 07 October 2014 05:36 PM

අනේ පවු! (නි)

:       0       0

සරත් Thursday, 02 October 2014 07:14 AM

ඕක මොකක්ද? පැය බාගෙන් පස්සේ වහලෙන් බිමනේ. අපි මේ රට ඇවිල්ලා ඉන්නේ අවුරුදු ගණන් නෝනා දකින්නේ නැතුව... (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 03 October 2014 12:43 AM

ඉතින් ඊටපස්සේ.... (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 03 October 2014 12:44 AM

ඕක මහා ලොකු දෙයක් නෙමෙයි මට නම් (නි)

:       0       0

දීනේෂ් Sunday, 12 October 2014 04:29 AM

අනේ මන්ද මෙහෙමත් පිස්සුවක්.(හේ)

:       0       0

ගමගේ Friday, 03 October 2014 02:06 AM

ඇන්ටනා ප්‍රශ්නය කෝණ කීපයකින් බලන්න පුළුවන්. ටෙලි නාට්‍යයකට හොඳ කතා නිමිත්තක් (නි)

:       0       0

සුමනදාස Friday, 03 October 2014 02:06 AM

අනේ අසරණ සැමියා! (නි)

:       0       0

චතු Friday, 03 October 2014 08:40 PM

මේ කාන්තාව පෙර පිනක් කරලා තියනවා. (නදී)

:       0       0

සරත් පිටිගල Thursday, 02 October 2014 08:30 AM

ආදරය කියන්නේ ඔය දේට නේද? (නි)

:       0       0

අරූස් Thursday, 02 October 2014 08:37 AM

නියමයිනේ ..... (නි)

:       0       0

ජයනි Friday, 03 October 2014 03:07 AM

සමහරවිට ලොකු දෑවැද්දක් එක්ක ආපු නෝනා කෙනෙක්ද දන්නේ නැහැ. එහෙම වුණාමනේ මහත්වරුන්ට මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ. (නි)

:       0       0

ඩිලාන් Thursday, 02 October 2014 08:39 AM

අනේ ඉතින් අපිට මොකෝ? (නි)

:       0       0

සුපුන් Thursday, 02 October 2014 08:40 AM

බිරියට ආදරය කරන සැමියෙක් (නි)

:       0       0

චමිත් Friday, 03 October 2014 03:24 AM

මේ කාන්තාවගේ වැඩ කටයුතු නම් අපේ අයියා කෙනෙක් බැඳපු කෙනාගේ වගේමයි. එයාගේ ගෙදර වැඩ ඔක්කොම මහ ගෙවල් වලින් අක්කලා ඇවිල්ලා කරලා දෙනවා. අහළින් පහළින් කෙනෙක් ගියත් වැඩක් කරවා ගන්න හදන්නේ. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 02 October 2014 09:09 AM

ටෙලිනාට්‍යය අවසන් වුණාට පසුව....? (නි)

:       0       0

ශාන් Thursday, 02 October 2014 09:19 AM

අවංකවම මම නම් මීට වඩා දේවල් කරලා තියෙනවා. (නි)

:       0       0

චෙනුර Thursday, 02 October 2014 09:32 AM

ඔය කියන නාට්‍ය නම් මට හිතෙන්නේ "බෝයිස් ඕවර් ද ෆ්ලවර්ස්" වෙන්න ඇති! (නි)

:       0       0

සුරංග Tuesday, 14 October 2014 07:33 AM

කොහොම වුණත් ඉවසීමත් තියෙන ස්වාමී පුරුෂයෙක් කියලා මම හිතන්නේ.(හේ)

:       0       0

සුසන්ත Thursday, 02 October 2014 09:44 AM

ඕක ගණන් ගන්න එපා එච්චර (නි)

:       0       0

ගයාන් Thursday, 02 October 2014 09:45 AM

ඕවා මොනවද? පිටරටවල මහත්තයා ළමයින්ට කවනවා. නෝනා සිගරට් එකක් බිබී ඉන්නවා. (නි)

:       0       0

තරංගා Thursday, 02 October 2014 10:04 AM

මොන තරම් ආදරණීය සැමියෙක්ද? අනේ වාසනාවන්. (ස)

:       0       0

නලීන් Friday, 03 October 2014 04:50 AM

මෙයින් කියවෙන්නේ මේ සකලසිරින් පිරි සිරි ලංකාවේ ආශ්චර්යය ගැනද? කොළඹට කිරි , ගමට කැකිරි කිව්වලු. (නි)

:       0       0

හරමානිස් Thursday, 02 October 2014 10:21 AM

ඇත්තටම ඉතාමත්ම වැදගත් ප්‍රවෘත්තියක්. තවත් මේ වගේ වැදගත් ඒවා කොහොමහරි හොයාගන්න.හරිම වටිනවා.(අ)

:       0       0

අසෝකා Thursday, 02 October 2014 10:23 AM

හොද වෙලාවට පතිරණ මහත්තය වහලෙට නැග්ගේ නැත්තේ!(අ)

:       0       0

සෙලෙන්තිනා Thursday, 09 October 2014 10:41 AM

මේ වෙලාවේ අල්ලපු ගෙදර මහත්තයා කොහෙද හිටියේ කියලා බලන්න කාටවත් මතක් වුණාද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

පද්මිණී Thursday, 02 October 2014 10:56 AM

බලන්න, කොච්චර ආදරණිය සැමියෙක්ද කියල? ආදරය වෙනුවෙන් රජසැප අත හැරියේ ඒ කාලේ.(අ)

:       0       0

ඩිකි Friday, 03 October 2014 05:49 AM

අනේ මටත් මෙයා වගේ සැමියෙක් ලැබෙනවා නම්..(අ)

:       0       0

අනුර Saturday, 04 October 2014 02:12 AM

නියමයි (නදී)

:       0       0

සරත් Thursday, 02 October 2014 10:59 AM

ඉණිමග ගෙනත් තියනකම් ඇන්ටනාවේ වයර් එක ගලවලා දැම්මනම් ඉවරයිනේ. (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 06 October 2014 03:20 AM

ගමේ කඩේට ඇවිත් රූපවාහිනී බලන ජාකෝලිස් මාමට තෙපානිස් ලොක්කලට සැටලයිට් රිසිවර ,ඇන්ටෙනා බූස්ටර් ගැන දන්නේ නැහැ (නදී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 02 October 2014 02:57 AM

නාට්‍යය මෙගා එකක් නම් මේ මනුස්සයාගේ අවාසනාව තමයි ඉතින් (නි)

:       0       0

චින්තක Thursday, 02 October 2014 11:30 AM

කාලෙකට පස්සේ නියම දෙවියෝ සාක්කියක් පලවෙලා තියෙනවා. (ස)

:       0       0

කුමාරි Thursday, 02 October 2014 11:48 AM

පැය බාගයක් නෝනා වෙනුවෙන් ඇයගේ ආසාව වෙනුවෙන් කැප කළාට මක් වෙනවද ඇය ඉල්ලුවේ තරු ගෙනත් දෙන්න කියලා නෙමේ නේද? වාසනාවන්ත නෝනා කෙනෙක්. (ස)

:       0       0

දුමිත Friday, 03 October 2014 03:09 PM

සබ්බේ උන්මත්තකා පෘතග්ජනා කිවුවලු (නි)

:       0       0

රෝහණ Thursday, 02 October 2014 03:38 AM

ඔන්න ඕක තමයි අපේ රටේ ගොඩක් පළාත් වල ජනතාවට සිදුවන්නේ. දුෂ්කර පළාත් වල දර්ශනය වන්නේ නාලිකා දෙකක් තුනක් පමණයි. (නි)

:       0       0

සෙනෙවි Thursday, 02 October 2014 12:38 PM

මේක වුණේ කාටද කියලා අපිට නම් ආරංචියි (නි)

:       0       0

තාරක Thursday, 02 October 2014 03:39 AM

නියම බිරිඳ! (නි)

:       0       0

මහේෂ මුතුකුඩ Thursday, 02 October 2014 01:01 PM

පත්තරේ විස්තරේට වැඩිය නියමයි මෙතන කාන්තාවන්ගේ අදහස් ටික. සේරම කාන්තාවෝ එකවගේ කියන්නේ ඇත්ත වෙන්න ඇති. (නි)

:       0       0

ජෙහාන් Thursday, 02 October 2014 01:04 PM

වහළෙන් බැහැපු මාතර සැමියා , "ඔහේ වගේ අයෙක් මට බඳින්න වුණේ මක්කටෙයි " කියලා අහන්න ඇති. (නි)

:       0       0

අමාලි Thursday, 02 October 2014 01:14 PM

මට කියන්න තියෙන්නෙත් හරමානිස් කියපු ටිකම තමා. (නි)

:       0       0

සචින් Thursday, 02 October 2014 01:15 PM

මට හිතෙන්නේ කුමාරිගේ සැමියා වෙන්න ඇති වහඵය උඩ ඉන්න ඇත්තේ (නි)

:       0       0

මහේෂ මුතුකුඩ Thursday, 02 October 2014 04:15 AM

අනේ මෙහෙමත් පිරිමි! (නි)

:       0       0

නිහාල් Friday, 03 October 2014 04:02 PM

මෝඩයෙක් (නදී)

:       0       0

නාලක Thursday, 02 October 2014 04:33 AM

ඕක මොකක්ද ? (අ)

:       0       0

හේමන්ත Thursday, 02 October 2014 04:39 AM

කතාවට ටිකක් වැඩියෙන් පොහොර දාල වගෙයි, නේ? (අ)

:       0       0

පිටිගල Friday, 03 October 2014 08:00 AM

ඉනිමඟත් අරගෙන තියලානේ. ඉතින් වහලෙන් බහින්නත් බැරි නිසා ඔහේ ඇන්ටනාව අල්ලගෙන ඉන්න ඇති. බැස්සට පස්සේ වුණේ මොකක්ද කියලා නැහැනේ. මම නම් ............................. (නි)

:       0       0

ශ්‍යාමා Friday, 03 October 2014 08:08 AM

මටත් කියන්න තියෙන්නේ ඩිකී කියපු දේම තමයි. ඕක මොකක්ද, පැය බාගයක් විතරනේ. (නි)

:       0       0

ටුමේ කොල්ල Friday, 03 October 2014 08:12 AM

ඔන්න දකුණේ පොරවල්.මහලොකුවට හිස උදුම්මාගෙන ඉන්නේ දකුණේ කියලා.පේනවා නේද.නොදකින් මෙහෙම පිරිමි මොකටද. (ස)

:       0       0

පතිරණ Thursday, 02 October 2014 05:16 AM

මමනම් වහලෙන් බැස්ස ගමන් යන්නේ දික්කසාද නීතිඥයෙක් හොයාගෙන. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 619 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site