IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බ්රිය අන්දන්න ගිහින් සැමියා නිකම්ම නාගෙන

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
රට වැසීම නිසා ආදායම් මාර්ග අහිමි වූ රට වැසියන්ට රජයෙන්  ලබාදුන් රුපියල් දෙදහසක මුදලෙන් දහසක් නැතිවුණේ යැයි එය සඟවාගෙන භාර්‍යාව රැව ටූ සැමියකුට අවසානයේ දී තමා රැවටී ඇති බව දැන ගන්නට ලැබූ පුවතක් අසන්නට ලැබේ.


රට වැසීම නිසා ආදායම් මාර්ග අවහිර වූ අයට රජයෙන් ලබාදෙන රුපියල් දෙදහස ලබා ගැනීමට ඔහුට ද වාසනාව ලැබීය. ඔහු එය ලබා ගත්තේ එකක් යටි සිතේ තබාගෙනය. ඒ දෙදහසින් දහසක් මාටියා ගැසිය යුතු යයි චේතනාවෙනි.


ඒ සඳහා උප්පර වැට්ටියක් කල්පනා කර එය ක්‍රියාත්මක කිරීමට සිතා ගත්තේය.


රුපියල් දෙදහස ලබාගත් ඔහු නිවෙසට ආවේ කඳුළු පිරි දෙනෙතිනි. හරි වැඩේනේ වුණේ. මට හම්බවුණු දෙදහසින් රුපියල් දාහක් නැතිවෙලා. මම හිතන්නේ ඒක මග දී හැලෙන්න ඇතැයි ඔහු භාර්‍යාවට කීවේ මුහුණේ ශෝක බරිත කරගෙන කඳුළු කැට දෙක තුනක් දෙනෙත්වලින් කඩා වැටීමට සලස්වමිනි. 


‘අනේ අපරාදේ මගේ දරු පැටව් ටිකට හොඳ දෙයක් ගෙනත් දෙන්න තිබුණු සල්ලි නැතිවුණා, යැයි කියමින් මේ අවස්ථාවේදී ඔහු සංවේදී වූයේ භාර්‍යාවට එය තව දුරටත් ඒත්තු ගැන්වීමටය.


බඩු ගන්න කඬේට ගිය විටයි මට රුපියල් දහස නැති බව අහුවුණේ යයි ඔහු කියමින් අතේ තිබුණු දහසින් ගෙන ආ බඩු භාර්‍යාව අත තබමින් තව දුරටත් ඒ ගැන දුක්වීය. භාර්‍යාව සිතූවේ එය සත්‍යයක් වන්නට ඇතැයි සිතාය.


දරුවකුගේ හදිසි අවශ්‍යතාවක් සඳහා ඔන්ලයින් පුරවන පෝර්මයකට ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය අවශ්‍ය වූයේ ඔහු නිවසින් බැහැරව සිටියදීය. ඒ සඳහා කවදාවත්ම ඔහුගේ මුදල් පසුම්බිය අවුස්සා නැති භාර්‍යාව එය ඇවිස්සුවේ ඔහුගේ ජාතික හැඳුනුම්පත ලබා ගැනීමටය. මුදල් පසුම්බියේ රහස් තැනක සඟවා  තිබූ ජාතික හැඳුනුම් පතත් සමග දෙකට තුනට නැමූ සමග රුපියල් දහසක් හැඳුනුම්පත බහලූ කවරයෙන් එළියට ආවේ නැතිවූ රුපියල් දහසේ හොරය  ද එළියට එමිනි.


එදා දහවල භාර්‍යාව වෙළෙඳසලට ගොස් බඩු වගයක් ගෙන ආවේ ඔහුට ද පෙනෙන ලෙසය. එය දුටු ඔහු ‘කොහෙන් ද සල්ලි ඔය බඩු ගේන්න’’ යයි ඇසූවිට ඇය ගාණක් නොමැතිව අර ඔයාගෙන් නැති වුණා යයි කියපු රුපියල් දහස හම්බවුණා ඒකෙන් තමයි මේ ගෙනාවේ යයි කීවාය. ඒ සමගම ඔහුට හීන් දාඩිය දැමූවේ භාර්‍යාව රවටන්න ගොස් අන්තිමේ තමන්ම රැවටී ඇති බව දැන ගැනීමත් ඇති වූ ලජ්ජාවත් නිසාය.



අදහස් (0)

බ්රිය අන්දන්න ගිහින් සැමියා නිකම්ම නාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site