(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
මනෝ වෛද්‍ය වැඩසටහනකට සහභාගිවී එහි හෙළිකළ එක රහසක් එවේලේම ක්‍රියාත්මක කළ අයකුට භාර්යාවට ළංවීම කෙසේවෙතත් කොසු ප්‍රහාරයකට පමණක් ලක්ව යාන්තම් වෙන්වීම වළක්වාගත් අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා විය.
ඔහු සේවය කළ ආයතනයේ අපූරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එම ආයතනයේ සුභසාධක සමිතිය විසින් පියවරගෙන තිබිණ. ඒ භාර්යාව හා සැමියා අතර දිනෙන් දින දුරස්වන සබඳතාව නතර කොට ඔවුන් අතර ඇති සුසංයෝගය තව තවත් වර්ධනය කරවීමේ රහස් එළිදක්වන මනෝ වෛද්‍ය වැඩසටහනක් පැවැත්වීමය.
ඒ අනුව මේ වැඩසටහන විශේෂඥ මනෝ වෛද්‍යවරයකු විසින් පවත්වනු ලැබීය. එහිදී භාර්යාව සැමියාටත්, සැමියා භාර්යාවටත් ළංවිය හැකි සරලම රහසක් එම විශේෂඥ මනෝ වෛද්‍යවරයා හෙළි කළේය. ඒ නිතර නිතර තමා අනෙකාට මම ඔයාට ආදරෙයි කියා පැවසිය යුතුය යන්නය.
භාර්යාව තමා වෙතට තවත් ළංකර ගැනීමට තිබූ දැඩි ඕනෑකමක් තිබූ ඔහුද මේ වැඩසටහන යන අතරතුරදීම සිය නිවසටත් යන්න පෙර තමාගේ ජංගම දුරකතනයෙන් භාර්යාවට අයි ලව් යූ යන කෙටි පණිවිඩය යැව්වේය.
සුපුරුදු පරිදි ඔහු සිය සේවය නිමවී නිවසට ගියේ විශේෂඥ මනෝ වෛද්‍යවරයාගේ රහස වැඩකර ඇතැයි යන ලොකු විශ්වාසයෙන්ය. වෙනදා වැඩ ඇරී එනවිට පෙරමග බලා නොසිටින භාර්යාව එදා කොස්සත් රැගෙන පෙරමග සිටියාය.
ඒ එක්කම මම එනකං තමයි බලාගෙන හිටියේ තමුසෙ වෙන ගෑණියකුට යවපු එස්එම්එස් එක මගේ ෆෝන් එකට ආවා. ඉන්නවකෝ මම තමුසෙට හොඳ පාඩමක් උගන්වන්නම් කියා ඇය ඔහු අත තිබූ කොස්සෙන් තඩි බබා තමුසේ ඕන මගුලක් කරගන්නවා මම අදම අපේ මහගෙදර යනවා කිය කියා ඇය මරලතෝනි දෙමින් හැඬුවාය.
අනේ නැහැ නැහැ මම ඔයාටමයි ඔය එස්එම්එස් එක එව්වේ. අද අපිට කරපු මනෝ වෛද්‍ය රහසක් අත්හදා බලන්න හිතාගෙනයි. බලන්න ඒකේ කියූ පරිදි මම ඔයාට දරුවන්ට හොරෙන් දෙන්න චොක්ලට් එකකුත් ගෙන ආවා කියමින් කරුණු කාරණා පැහැදිලි කරමින් කුලප්පුවූ ඇතින්නක් මෙල්ල කළ අයුරින් ඇය මෙල්ල නොකළේ නම් ඇය මහ ගෙදර යාමට සූදානම් කොට තිබූ ගමන් මල්ලත් සමග මහ ගෙදර යාම වළක්වාලීමට හැකියාව තිබුණේ දෙවියන්ට පමණි.
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බිරියට යළි ආදරය කරන්න ගිහින් කොසුපහර කාලා