IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


බිරියගේ තුන්මාසෙ දානෙටත් කලින් ගෙනා අලුත් මනාලිට ගේත් සින්නවෙලා

උණවටුන ඩී.ජී.සුගතපාල
තරමක් දුෂ්කර ගම්මානයකි. දුෂ්කර වුව ද ගම ලස්සනය. තේවතු මෙන්ම කඳු හෙල් මිටියාවත්වලින් ගහණ මේ ගමට පිටතින් එන සංචාරකයන් බොහෝය. මේ ගමේ ආයතන ප්‍රධානියෙක් විය. විශේෂයෙන්ම බාල පරපුර යහමගට ගැනීමේ බාරදූර වගකීම පැවරී තිබුණේ ඔහුටය. ඔහුට සිටියේ එකම දියණියකි. ඇය ද නගරයේ පාසලක ඉගෙනුම ලැබුවාය. නිවාඩු දිනවල ගමේ අසිරිය නැරඹීමට යෙහෙළියන් ද ඇයගේ නිවෙසට පැමිණීම සිරිතක් විය.


එහෙත් බලාපොරොත්තු නොවූ අවස්ථාවක මෙයට මාස කිහිපයකට පෙර ඔහුගේ බිරිඳත් දියණියත් ඔහු හැර ගියේ තවත් පිරිසක් සමඟ හදිසි අනතුරකට ලක්වීමෙනි. ඔහු පියා සමඟ නිවෙසේ තනිවූයේය. බිරියගේත් දියණියගේත් අවමංගල උත්සවය පවත්වා දින කිහිපයකට පසු ඔහුගේ මිතුරෙක් යෝජනාවක් ඉදිරිපත් කළේය.


“දැන් ඉතින් කල්පනා කරල වැඩක් නැහැ. මම දන්න ගෑනු කෙනෙක් ඉන්නවා. එයා කසාද බැඳපන්” මිතුරා කීවේය.


තව වසර දෙක තුනකින් විශ්‍රාම යාමට සිටින ඔහුද එයට අකැමැත්තක් දැක්වූයේ නැත. ඒ අනුව බිරියගේත් දියණියගේත් තුන් මාසයේ දානය දීමටත් පෙරම දෙවන විවාහය ලියා පදිංචි කළේය. අලුත් බිරිය ඔහුට වඩා අවුරුදු විසි තුනකින් බාලය. මේ සම්බන්ධයෙන් පවුලේ අය විමසූවිට ඔහු කිවේ ගේ දොර ඉඩකඩම් රැකබලා ගැනීමේ අවශ්‍යතාවක් තිබෙන බවය.


එහෙත් සිදුවූයේ කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ දෙයකි. ඇය කලින් විවාහවී සැමියා අතහැර සිටින කාන්තාවකි. ටික දිනක් යනවිට ඇය තම දරුවාද සහෝදරයින්ද ඇතුළු පවුලේ අයද එම නිවෙසට කැඳවා ගත්තේය.

ඔහු අසරණ විය. දැන් ගේ දොර ඇතුර්‍ළු සියල්ල ඇයගේ අත්අඩංගුවේය. තවදුරටත් තම නිවසේ සිටීමට බැරිවූ ඔහු පියා සමඟ වෙනත් නිවසකට පදිංචියට ගියේය. ඒ සම්බන්ධයෙන් ගමේ පොලිසියේ පැමිණිල්ලක්ද කළේය.


පසුව බහු විවාහයක් සිදුකර ගැනීම සම්බන්ධයෙන් ඔහු ඇයට විරුද්ධව ගාල්ල පොලිසියට ද පැමිණිල්ලක් කළේය. බිරිය සහ දුව මියගොස් මාස එකහමාරකට පසු කරගත් නුසුදුසු විවාහයක් නිසා පීඩා විඳින ඔහු දැන් නීතියේ පිහිට පතමින් සිටී.

 



අදහස් (0)

බිරියගේ තුන්මාසෙ දානෙටත් කලින් ගෙනා අලුත් මනාලිට ගේත් සින්නවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1555 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1679 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site