IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බිරියගේ කීමට හොර පොල් කඩලා සැමියාට එලොව පොල් පෙනිලා

(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
බිරියගේ උපදෙස් මත ගෙවත්තක පින් තකා වෙන් කර තිබූ පොල් ගසක පොල් ගෙඩි හොරෙන් කඩා විකිණීමට ගිය ඇයගේ සැමියාට මුහුණ පෑමට වූ අකරතැබ්බයක් යාපහු පුරවරයේ ගම්මානයකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


අක්කර ගණනාවකින් යුත් පොල් ඉඩමකි. ගෙවත්ත තාප්පයකින් වට කර තිබේ. ගෙවත්තේ පොල් කැඩීමේ වාරය එළඹුණු නිසා දෙතුන් දෙනෙකු කුලියට ඒ සදහා කැඳවා තිබුණි.


පොල් කඩන්නන් එම කාර්යය කරදීමෙන් අනතුරුව ගත මනාව ගෙන නික්ම යාමෙන් පසු පොල් ඇහිලීමට තවත් කිහිප දෙනකු කුලියට කැඳවීමට ගෙවතු හිමියා කටයුතු කළේය. 


ඒ සඳහා පැමිණියේ කාන්තාවන් කිහිප දෙනෙකි.


ඔවුන් පොල් අහුලන අතරවාරයේ තාප්පයේ වැට සීමාවේ සරුවට පළදාව ඇති පොල් ගස දෙස ඔවුනගේ නෙත ගැටුණි.


මහත්තයා. මෙන්න එක පොල් ගසක පොල් කඩන්න අමතක වෙලා.


පොල් අහුලන්නට පැමිණි කතක් ගෙවතු හිමියාට කීවාය.


ආ.. ඒක ළමයෝ පිනට ඇරලා තිබෙන පොල් ගහක්.


අපි විතරක් පොල් කඩාගෙන කාලා බැහැනේ. සත්තුත් කන්න ඕනෑ නේ.


ඔහු ඇයට පිළිතුරු දුන්නේය.


ඔවුහුද පොල් අහුලා දී  මුදල් ගෙන ගෙවත්තෙන් නික්ම ගියහ.


නිවෙසට ගිය කත තම සැමියා අමතා ගෙවත්තේ පිනට වෙන්කර ඇති පොල් ගහේ පොල් ගෙඩි පිරිලා තිබෙන බව කීවේය.


පොල් මිල ඉහළ ගොස් ඇති මොහොතක අවුරුදු සමරන්නට පොල් ටික කඩා ගන්නට සැමියා අපූරු නුවණක් කල්පනා කළේය.


පොල් ගස් නැගීමට හැකි යහලුවෙක් ඒ සඳහා තෝරා ගත්තේය. දෙදෙනා මැදියම් රැයේ කාටත් හොරා තාප්පය අතරින් ගෙවත්තට ඇතුළු වූහ.


පොල් ගෙඩි බිමට වැටෙන්නට නොදී වලු පිටින් ලණුවල ආධාරයෙන් බිමට බෑවේය.


දැඩි අපහසුතා මැද ඒවා තාප්පය අතරින් පිටතට ගත්තේය. පාළු පෙදෙසකට ඔසවාගෙන ගොස් උදැල්ලක් ගෙනැවිත් ලෙලි ගසා උරවලට පුරවාගෙන රහසිගතවම දුර බැහැර ප්‍රදේශයක වෙළෙද සලකට විකිණීම සඳහා පිටත් විය.


මුදලාලි පොල් පරීක්ෂාකර බලා ඒවා පුහු පොල් ගෙඩි බව පැවසීමෙන් අන්ද මන්ද වූ ඔවුනට එලොව පොල් පෙනුණාලු.


මෙම ගෙවත්තේ එම පොල් ගස පුහු පොල් ගසක් නිසා එහි ගෙඩි කැඩීම සිදු නොකරන බව ඔවුනට පසුව වැටහී ඇතත් බිරියගේ උපදෙස් මත පොල් කඩන්නට ගිය සැමියාට අත් වූ අකරතැබ්බය දැන් ගම පුරා ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේලු.



අදහස් (0)

බිරියගේ කීමට හොර පොල් කඩලා සැමියාට එලොව පොල් පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 777 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site