මාස දෙකකින් නිවසට නොපැමිණි සැමියාට බිරිඳ ජංගම දුරකතනය ඔස්සේ ලුණු ඇඹුල් ඇතිව කළ දෝෂාරෝපණය වැරදි අංකයකට ගොස් තිබීමෙන් පසුදින එම දුරකතන අංකය හිමි හිතවතා සොයාගෙන ගොස් සමාව අයැදි කාන්තාවක් පිළිබඳ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.

ඇය තිස්තුන් හැවිරිදි දෙදරු මවකි. ගෘහණියකි. ඇගේ සැමියා කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයක සුළු රැකියාවක් කරයි. රැකියාවෙන් නිවාඩු ලද අවස්ථාවේ අදාළ වැටුපද රැගෙන නිවසට පැමිණීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දකි.
පසුගිය දිනවල රටේ පැවති අයහපත් තත්ත්වය නිසා ඔහුට හරි හැටි වැඩක් නොතිබූ අතර ගමට ඒමටද අපහසු විය. නිවසට මුදල් එවීමටද ක්‍රමයක් නැතිවිය. ඒ මාස දෙකක තරම් කාලයකි. ඒ නිසා ගෙදර අගහිඟකම් එන්න එන්නම වැඩිවිය.
මේ ගැන බිරිය සැමියාට නිතර පැවසුවත් ඉදිකිරීම් ආයතනයේ හිමිකරු මාසයකින් පමණ ආයතනයට නොපැමිණීම හේතුවෙන් සේවයේ නියුතු වූවන්ට අදාළ වැටුප පවා ගැනීමට නොහැකි විය. මේ තත්ත්වය බිරිය කතා කරන හැම මොහොතකම පැවසුවත් ඇයගේ ගැටලුවට විසඳුමක් නොවීය.
මෙදින උදේ ඇය තම සැමියාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තේ කෙසේ හෝ මුදල් රැගෙන නිවසට පැමිණෙන ලෙස දැනුම් දීමටය. එම ඇමතුමට පිළිතුරු දුන් සැමියාගෙන් ලැබුණු ප්‍රතිචාරයෙන් ඇය යක්ෂාරූඩ වූවාය. “ආ නංගියා කොහොමද සනීපෙන් ඉන්නවාද? ගොඩ කාලෙකින් මොකද මාව මතක් වුණේ.” ඒ සමඟම ඇයගේ මුවින් කිසිදා පිට නොවන වචන මාලාවක් පිටවිය. එය කෙනෙකුට අසා සිටීමට තරම් නොහැකිය. ඇයගේ වදන් වැලට අනෙක් පසින් පිළිතුරක් ලැබුණේ “අනේ නංගියෝ උඹ කාටද ඔය බැන වදින්නේ මම අහවලානේ. උඹේ මහත්තයාට බණින බැණුම් මට බැණලා හරියනවාද”? කියා විමසුවේ ඇයගේ බැණුම නිමා වීමත් සමගය.
එම කතාවෙන් ඇයට උන් හිටිතැන් අමතක විය. තමන් තම සැමියාට යැයි සිතා වැරදීමකින් අමතා ඇත්තේ ඔවුන්ගේ පවුලේ ඥාතියකුටය. “අනේ අයියේ මට සමාවෙන්න. මම මේ ඇමතුම ගත්තේ මගේ මහත්තයාට. එයා මාස දෙකකින් ගෙදර ආවේත් නෑ. සල්ලි එව්වෙත් නෑ. අනේ ඒකයි මේ ටිකක් සැරට කතා කළේ. අනේ අයියේ වරදක් වුණා නම් සමාවෙන්න.” යැයි කියා ඇය දුරකතනය විසන්ධි කර සිදුවූයේ කුමක් දැයි කල්පනා කරන්නට වූවාය.
ඇයට කාරණය අවබෝධ විය. තම ජංගම දුරකතනයේ සැමියා යන්න හස්බන්ඩ් යනුවෙන් ඉංග්‍රීසියෙන් සටහන් කර ඇති අතර ඔහුගේ ඥාතියාගේ නම ඉංග්‍රීසියෙන් සටහන් කර තිබේ. සැමියාට යැයි කලබලයෙන් තමන් හස්බන්ඩ් යන ඇමතුම කියා තමන් රැගෙන ඇත්තේ ඔහුට බව වැටුහුණි.
මෙම කතාවෙන් ඇය දැඩි සේ පීඩාවට පත්වූවාය. අයියා හමුවෙලා මේකට සමාවගන්න ඕනෑ. නැතිනම් අපිත් එක්ක එයා තරහ වේවි යැයි ඉටා ගත් ඇය පසු දිනම ඔහුගේ නිවසට ගොස් තමන් අතින් සිදුවූ වරදට සමාව දෙන ලෙස ඉල්ලා සිටියාය.
හසලක සුනිල් ඒකනායක
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිරිඳ සැමියාට දුන් ’’ලුණු ඇඹුල්’’ ඇමතුම මාරුවී ජරමරේ