IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බිරිඳ ගැබ් ගනිද්දී සැමියාට දොලදුක හැදිලා

දරුවෙකු බිහි කිරීමට සූදානම් වන බොහොමයක් මව්වරුන්ට දොළ දුක ඇති වන නමුත් එවැනි දොළ දුකක් ඇති වූ සැමියකු පිළිබදව පුවතක් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගැමි ගම්මානයකින් අසන්නට ලැබුණි.


දෙදෙනාම රාජ්‍ය සේවාවේ නියැලී සිටිති. පෙම් සබඳතාවක් මත අලුත විවාහ වූ යුවළගේ කැදැල්ලට දරු සුරතල් බැලීමේ භාග්‍යය  උදා වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත.


ඇය ගැබිනියක් නිසා පාසලේ දරුවන්ගේ මව්පියන් සේම ගමේ අවට අයගෙන් ද කෑමට අවැසි දේවල්වලින් අඩුවක් නොමැත.
දිනක් ඇය පෑන් කේක් කෑමට ආසයි යනුවෙන් පාසලේ දී පැවසීම නිසා සිසුවෙකු ඒ බව තම අම්මාට පවසා තිබුණි. ඒ අනුව එම අම්මා ගුරු මාතාවට උණු උණුවේම පෑන් කේක් කෑමේ ආශාව ඉටු කරන්නට කටයුතු කළාය.


ඒවා රැගෙන ඇය නිවාඩු දිනෙක එම නිවසට පැමිණියාය. ඒවා බාරදුන් කත ඉන් නික්ම ගියාය.


 ‘‘මේසෙ ඇර තිබෙන පෑන් කේක් උණු උණුවේ ම ඔයත් කන්න’’. යනුවෙන් සැමියා අමතා පැවසු ඇය පිටතට ගියේ දිය නෑම සඳහාය.
ඉන් අනතුරුව නාගෙන නිවසට පැමිණි ඇය මේසය මත තැබු පෑන් කේක් බඳුන ඇර රස්නේ පිටින්ම එකක් කෑමට සූදානම් වූවාය.
එහෙත් බඳුන පමණක් ඇත. ඒවා එකක්වත් බඳුන මත නැත.


“කොයි අනේ පෑන් කේක් ” ඇය සැමියාගෙන් ඇසුවාය.


“ඔයාට අයින් කර ගත්තේ නැද්ද? ඔයාට තියාගෙන මගේ කොටස මට දුන්නා කියලා නේ මං හිතුවේ. මං ඒවා ඔක්කෝම කෑවා. තවත් තිබුණා නම් තවත් කනවා.” ඔහු කීය.


“කමක් නෑ. මටත් වඩා දොළ දුක තියෙන්නේ ඔයාට නේ. ඒකට කමක් නෑ. දැන්වත් දොළ දුක සිඳුණා දැයි” ඇය සිනාසෙමින් ඇසුවාය .
ඉමහත් ලැජ්ජාවට පත් සැමියා ඒවා මුදලට හෝ මිල දී ගෙන බිරියගේ ආශාව සන්සිදුවීම සඳහා පෑන් කේක්  හදන ස්ථානයක් සොයා  ගියාලු.
මොරගොල්ලාගම
 සිසිර කැලේගම

 



අදහස් (0)

බිරිඳ ගැබ් ගනිද්දී සැමියාට දොලදුක හැදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site