ඇය විශ්‍රාමික විදුහල්පතිනියකි. ඇයගේ සැමියා පෞද්ගලික ආයතනයක සේවය කළ අයෙකි. ඔහු ලද අර්ථසාධකය බිරිඳගේ බලවත් ඉල්ලීමට ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට යෙදවීය.
“මගේ පොතේ දැන් තියෙන්නේ රුපියල් දහදාහයි. මට අසනීපයක් වුණොත් එහෙම.” සැමියා විමසීය.
“මගේ සල්ලිවලින් බෙහෙත් අරන් දෙන්නම්කෝ” බිරිඳ පැවැසුවාය.
ඇය පසුගියදාක අක්ෂි විශේෂඥයකු චැනල් කර අලුත් කණ්ණාඩි කුට්ටමක් මිලදී ගත්තේ රුපියල් තිස්පන් දහසකටය.
එය දුටු සැමියා, “මගේ කණ්ණාඩි කුට්ටමෙත් පේනවා අඩුයි. අලුත් එකක් ගන්න ඕනෑ.” යැයි පැවැසීය.
“ඇස් ඉස්පිරිතාලෙට ගිහිල්ලා ඇස් පෙන්නලා, සමාජ සේවා එකෙන් නොමිලේම කණ්ණාඩි කුට්ටමක් ගන්නවකෝ.” ඇය පැවැසුවාය.
පසු දින කණ්ණාඩි අලෙවිසලකට ගිය සැමියා, නොමිලයේ ඇස් පරීක්ෂා කරවාගෙන, අඩුම කණ්ණාඩි කුට්ටමක් කීය දැයි විමසීය.
“සර්, අඩුම එක රුපියල් පන්දාහයි.” තරුණිය කීවාය.
බැංකුවට ගිය හෙතෙම තම ගිණුමෙන් රුපියල් පන්දහසක් ගෙන තරුණියට දුන් අතර, “සර් සතියකින් එන්න” යැයි ඇය පැවැසුවාය.
ක්‍රිස්ටෝපර් සීපියන්
2025 නොවැම්බර් මස 04
68
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිරිඳට තිස්පන්දාහයි සැමියාට පන්දාහයි