IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බිරිඳගේ ‘හුරතල් පාටියෙන්’ සැමියා මහ මඟට

හදිසි කාරණයකට යැයි සල්ලි ඉල්ලාගත් බිරිඳ සිය යහලු‍ යෙහෙළියන් සමඟ ගෙදර පාටියක් දැමීම නිසා යන එන මං සොයා ගැනීමට නොහැකි වූ සැමියකු පිළිබඳ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා නගරයකින් අසන්නට ලැබුණි.


ඔහු පෞද්ගලික අංශයක සේවය කරන දෙදරු පියෙකි. බිරිඳ රැකියාවක් නොකරන අතර ඇය මුදල් වියදම් කිරීම අතින් ඉහළ මට්ටමක සිටින කාන්තාවකි. කෙසේ වෙතත් ඔහු ඇයගේ සිත නොරිදෙන ලෙස කටයුතු කරන්නේ ඇය හා කාලයක් ආදරය කර විවාහ වී මේ වන විටත් ඇයට දැඩි ලෙස ආදරය කරන නිසාය.


 කෙසේ වෙතත් ඇය දින කිහිපයක සිට ඔහුගෙන් මුදලක් ඉල්ලා ඇති අතර එය තමාට දැරිය නොහැකි මුදලක් නිසා තමන්ගේ යතුරු පැදියට ඉන්ධන ගැසීම ඇතුළු වෙනත් අවශ්‍යතා සඳහා ඉතුරු කර ගත් මුදල් සහ යහලු‍වකුගෙන් අත මාරුවක් ගෙන ඇය ඉල්ලු‍ මුදල ඇයට ලබා දී තිබේ.


 එහෙත් ඇයගෙන් මේ සම්බන්ධයෙන් කිසිවක් ඔහු විමසීම් කර නැත්තේ මේ දිනවල පවතින ආර්ථික අපහසුතාව ඇය දන්නා බැවිනි.
ඔහු මුදල් ලබා දී පසුදින වැඩ ඇරී පෙට්‍රල් නොමැතිකම නිසා බස් රථයක අසීරුවෙන් පැමිණ ඉතිරිය පයින්ම නිවසට යද්දී දුටු දෙයින් ඔහු අන්දුන් කුන්දුන් වී තිබේ. නිවසේ සෙනඟ ගැවසෙන අයුරු දුටු ඔහු හනිකට ගොස් බිරි ඳ අමතා ඇයි හදිසියක් දැයි අසා තිබේ.
එවිට බිරිඳ ඔහු අමතා”‍ මොන හදිසියක් ද අනේ අපේ “පිංකි”‍ බලු‍ පැටියගේ උපන් දිනය අද නේ ඔයාට අමතක වුණාද? මම අද පාටියක් ඕගනයිස් කළා යැයි”‍ පවසා තිබේ. 


ඊළඟ මාසයේ යහලු‍වාගේ ණය ගෙවු පසු මාසය ගෙවන්නේ කෙසේදැයි සිතමින් ඔහු බිරිඳට මුවින් නොබැන එම ස්ථානයෙන් පිටව ගියේ දෙවියන් සිහිපත් වී ලූ.
කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම

 



අදහස් (0)

බිරිඳගේ ‘හුරතල් පාටියෙන්’ සැමියා මහ මඟට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site