IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බිරිඳගේ දොළදුක නිවන්න ගිහින් කූඩුවේ

මේ වනවිට ඔහුගේ වයස අවුරුදු විසි පහකි. ස්ථිර රැකියාවක් නැතත් මෙයට වසර දෙකකට පමණ පෙර විවාහ විය.

ඉන්පසු නොයෙක් නොයෙක් රැකියා කරමින් බිරිඳ සමග ජීවත්වෙමින් සිටින විට ඔහු පියෙකු වන ලකුණුද පහල විය. දැන් වෙනදාට වඩා බිරිඳගේ අවශ්‍යතා වැඩිය. එනිසා වැඩි වැඩියෙන් මුදල් සොයන්නට ඔහුට ඕනෑ විය.


ඔහුගේ උපන්ගම ගාල්ල නගරාසන්නයේ වූ අතර විවාහ වී සිටියේ ගාල්ල නගරයට කිලෝ මීටර් හතරක් පහක් දුරිනි. ඔහු වෙනදා  මෙන් ගමට ආවේය. බිරිඳ ගැබිනියක් නිසා වෙනදාට වඩා පෝෂ්‍යදායි ආහාර පාන විටමින් වර්ග අවශ්‍ය බව කල්පනා කරමින් ගම වටේ ඇවිද ගියේය.


එසේ යද්දී ඔහුගේ ඇස ගැටුණේ වසා තිබූ නිවසකටය. එම නිවස වෛද්‍යවරියකගේ බව ඔහු දැනගෙන සිටියේය. වෛද්‍යවරියද ඇයගේ සැමියාද රැකියාවට ගොසිනි. වටපිට බැලූ ඔහු අතට හසුවූ යකඩ පතුරක් යොදා ජනේලයක පියනක් ඇර ගත්තේය. නිවසට ඇතුළු වූ ඔහු වෛද්‍යවරියගේ කාමරයට ගොස් ඇයගේ රන් ආභරණ සියල්ලම සොරකම් කරගෙන එළියට ආවේය.


එදින ඔහුගේ සිතට දැනුණේ පුදුමාකාර සතුටකි. රන් ආභරණ වෙළෙඳසලකට ගොස් ආභරණ කිහිපයක් විකුණා බිරිඳට විටමින් වර්ග කිහිපයක්ද රසවත් ආහාර පානද ඇතුළු අනෙකුත් අවශ්‍ය දේවල්ද රැගෙන ගියේය. බිරිඳට අවශ්‍ය දේවල් ගැනීමට හැකිවීම ගැන ඔහුගේ සිතට සතුටක් දැනුනද මෙතරම් දේවල් ගෙනඒම ගැන බිරිඳගේ සිතට ඇතිවූයේ සැකයකි. ඔහු ඉතිරිව තිබූ රන් භාණ්ඩද නිවසේ සැඟවීය.


වෙනදා නැති මුදලක් සහ රන් භාණ්ඩ තොගයක් ගෙන ඒම පිළිබඳ ඇය විමසුවාය. ‘‘මට සුද්දෙක් සෙට් වුණා. මම ඔයා ගැනත් කිව්වා. මිනිහට මාව විශ්වාසයි. ගෙදර එන්න පාරත් අහගත්තා. මිනිහ අපට උදව් කරාවි” ඔහුගේ කීම ඇය පිළිගත්තාය.


මේ අතර තමාගේ නිවස බිඳ රන් ආභරණ සියල්ලම සොරකම් කර ඇති බවට වෛද්‍යවරිය පොලිසියට පැමිණිලි කළාය. නිවසේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කළ පොලිසිය සැකකරු හඳුනා ගත්තේය. ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ජී. ආනන්ද, උපපොලිස් පරීක්ෂක මහිලාල් යන මහත්වරු ඇතුළු නිලධාරි කණ්ඩායමක් සැකකරුගේ නිවස සොයා ගොස් පරීක්ෂා කළේය. නිවසේ සඟවා තිබූ රන් භාණ්ඩ සොයාගෙන සැකකරුද අත්අඩංගුවට ගත්තේය. විකුණා තිබූ ආභරණ උණුකර තිබියදී අත්අඩංගුවට ගත්තේය.


තම සැමියා පොලිසිය විසින් රැගෙන ගිය පසු බිරිඳ පොලිසියට පැමිණ හඬා වැටෙන්නට වූවාය. ඇයගේ බෑගයේ තිබූ විටමින් පෙති සියල්ලම විසි කළාය. ආහාර පානද විසි කළාය. ‘‘මගේ බඩේ ඉන්න දරුවට හොරකම් කරපුව කන්න දෙන්න මම කැමති නැහැ. මට මේ විටමින් කෑම බීම එපා. මගේ දරුවත් හොරෙක් කරන්න මට බැහැ” ඇය හඬා වැලපෙන්නට වූවාය. ඇයගේ විලාපය එහි සිටි කාගෙත් හද කම්පා කරවන්නක් විය. සැකකරු මත්ද්‍රව්‍ය පානය කරන්නෙකු නොවන බවද පොලිසියේදී අනාවරණය විය.


තමා හොරෙකු වූයේ  බිරිඳට අවශ්‍ය ආහාර පාන විටමින් ලබා දීමට වුණත්  නීතිය හමුවේ තමාට සමාවක් නොලැබෙන බව ඔහු දැන ගත්තේය.

උණවටුන ඩී.ජී. සුගතපාල



අදහස් (0)

බිරිඳගේ දොළදුක නිවන්න ගිහින් කූඩුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 68 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site