IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බයිට් බ්ලත් ඇමිණිලා රස්සාවටත් තට්ටුවෙන්න ගිහින්

(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත) 
සේවා ස්ථානයේ පැවති උත්සවයේ වියදම් පියවීමේ බිල්පත්වල පෙර දින රාත්‍රියේ මිතුරන් සමග මත්පැන් පානය සඳහා ගත් කටගැස්මේ බිල ද වැරැදීමකින් අමුණා එය මාට්ටු වී දුෂ්කර පළාතකට මාරුවීම් ලැබූ සේවකයකු පිළිබඳව දකුණේ නගරයකින් අසන්නට ලැබේ. 


සුවච කීකරු සේවකයෙකි. ඔහුගේ වැඩ ද පිළිවෙළය. ගනුදෙනු ද විනිවිදභාවයෙන් යුක්තය. මේ නිසාම සිය සේවා ස්ථානයේ උත්සව සඳහා වියහියදම් කිරීමට ආයතන ප්‍රධානියා විසින් නිතරගයෙන්ම පවරන්නේ ඔහුටය. 


එදා පැවති උත්සවයේ වියදම් දැරුවේ ද ඔහුය. සියලුම වියදම් කෙරුණේ බිල්පත් ලබාගෙන. ඒ සියල්ලම ඔහුගේ මුදල් පසුම්බියේය. එදා උත්සවය සාර්ථකව නිම වූ නිසාම මිතුරන් සමග ඔහු එදා රාත්‍රියේ සෙට් වූයේය. එයට අවශ්‍ය බයිට් ගැනීමට මුදල් දුන්නේ ඔහුටය. ගත් බයිට්වලට ද ඔහු බිල්පතක් ලබාගත්තේය. ඒ මිතුරන්ට වුව ද තමාගේ විනිවිදභාවය පෙන්වීමටය. ඒ බිල ද ඔහුගේ මුදල් පසුම්බියේය. 


පසු දින කාර්යාලයට ගිය ඔහුගේ පළමු කාර්යය වූයේ උත්සවයේ වියදම් සඳහා ගත් මුදල් පියවීමය. ඇස් පෙනීම මෙන්ම මතක ශක්තිය ද යම් ඌන මට්ටමක තිබූ ඔහු මුදල් පසුම්බියේ තිබූ සියලුම බිල්පත් වියදම් පියවීම සඳහා ඇමුණුවේය. 


වියදම් විස්තරය ආයතන ප්‍රධානියා කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව අනුමත කර ප්‍රධාන කාර්යාලයට යැව්වේ ඔහු ගැන තිබූ විශ්වාසයෙනි. ගත වූයේ ටික දිනකි. ඔහුට සිය ප්‍රදේශයෙන් බැහැර දුෂ්කර ප්‍රදේශයකට මාරුවක් ලැබුණේය.

එම ස්ථාන මාරුවට හේතුව ලෙස පෙන්වා දී තිබුණේ උත්සවයක වියදම් පියවීම සඳහා එම උත්සවයට කිසිසේත්ම අදාළ නැති බයිට් බිලක් ඊට අමුණා තිබීමය. බයිට් බිලේ මුදල් ද ඔහුට ගෙවීමට නියම කර තිබුණි. 

 



අදහස් (0)

බයිට් බ්ලත් ඇමිණිලා රස්සාවටත් තට්ටුවෙන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 212 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site