IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බාබර් රවට්ටා නොමිලයේ කොණ්ඩය කපාගෙන ගිහින්

- පාරෙන් හමුවූ කුඩා ළමයාගේ කොණ්ඩයත් නොමිලයේ කපලා

(තිහගොඩ උපසේන ලියනගම)
කොරෝනා නීති රීති හේතු කොට ගෙන දිගු කලක් වසා තිබූ මේ බාබර් සාප්පුව පසුගියදා නැවත විවෘත වීමෙන් පසු මැදිවියේ පුද්ගලයකු සමග කොණ්ඩය වැඩී තිබුණු කුඩා දරුවෙක් පැමිණියේය.


මැදිවියේ පුද්ගලයා කොණ්ඩය සහ රැවුල කපා ගත් පසු මෙයාගෙත් කොණ්ඩය කපන්න මම තේ එකක් බීලා එන්නම් කියා පිටතට ගියේය.


බාබර් තැන කුඩා දරුවාගේ කොණ්ඩය කපා අවසන් වුවත් ඔහු භාරදී ගිය පියා ආපසු ආවේ නැත.


‘මොකද පුතේ තාත්තා තවම නැත්තෙ’ බාබර් දරුවාගෙන් විමසීය.


මොන තාත්තද මම ඒ අංකල් අඳුනන්නෙ නෑ. මම පාරේ ඉන්නකොට ඔයා කැමතිද නොමිලේ කොණ්ඩෙ කපා ගන්න කියලා මා එක්ක මෙතෙන්ට ආවා. ඇයි ඔයා ඒ අංකල් අඳුනන්නෙ නැද්ද? දරුවා විමසුවේ විමතියෙනි. තමා වංචනිකයකුට රැවටී ඇති බව තේරුම් ගත් බාබර් ඒව හරියන්නෙ නෑ ඔයාවත් කොණ්ඩෙ කැපුවට සල්ලි දෙන්න කීවත් මගේ අතේ සත පහක්වත් නෑ කියූ දරුවා සාප්පුවෙන් එළියට බසින විට බාබර් උන්නැහේට දෙවියන් සිහිවුණාලු. දකුණු පළාතේ උපනගරයකින් මෙය වාර්තා විය.

 



අදහස් (0)

බාබර් රවට්ටා නොමිලයේ කොණ්ඩය කපාගෙන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 596 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 750 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site