මුලටියන එස්. බාලසූරිය
හොඳටම වෙරි වී තැබෑරුම ළඟ වැටී සිටි මිතුරකු නිවෙසට රැගෙන ගොස් බාර දුන් මිතුරාට එම නිවැසියන්ගෙන් ස්තුතියක් වෙනුවට ඇනුම් බැනුම් හා ගුටිබැට සංග්‍රහයක් ලැබුණු පුවතක් දකුණු පළාතේ උපනගරයකින් අසන්නට ලැබිණි.
හිතහොඳ පුද්ගලයකු වූ දිනපතා සවසට තැබෑරුමට ගොස් පොඩි අඩියක් ගැසීම ඔහුගේ දිනචරියාවේ අංගයකි. එම නරක පුරුද්ද තිබුණත් කිසිවකුට දුකක් කරදරයක් වුවහොත් තැන නොතැන බලා උදව් පදව් කරන්නේ එය තමාගේ යුතුකමක් බව සිතාගෙනය.
එදින හවසද තැබෑරුමට ගියේ සුපුරුදු ලෙස මත්වතුර ටිකක් බීමටය. එම ස්ථානයට ගොඩවන විටම ඔහු දුටුවේ අසල්වැසි විශ්‍රාමික මිතුරා හොඳටම වෙරිවී තැබෑරුමේ වැටී සිටින අයුරුය. තමා ආ කාරිය අමතක කළ ඔහු ත්‍රිරෝද රථයක් කැඳවාගෙන කීපදෙනකුගේ සහයෙන් තම මිතුරා එයට නංවාගෙන මිතුරාගේ නිවෙසට රැගෙන ගියේ තමාගේ යුතුකමක් ඉටු කිරීමටය.
එම නිවසට ගොස් මිතුරාගේ බිරියට කතා කර සිද්ධිය කියද්දී ඇය බණින්නට පටන් ගත්තාය. මගේ මිනිහගේ පැන්ෂන් පඩි දවස අදයි. තමුසෙලා එකතුවෙලා ඒ මිනිහගේ සල්ලිවලින් බීලා හොඳ මිනිසුන් වෙන්න හදනවා. තමුසෙලාට නම් හොඳක් වෙන්න එපා. ඇයගේ මේ ගෝරනාඩුව ඇසී ඇයගේ පුතා එළියට ආවේ මොකක්ද අම්මේ වෙලා තියෙන්නේ කියා අසා ගෙනය.
මේ බේබද්දා තාත්තට සිහිනැතිවෙනකම් පොවලා පැන්ෂන් එකෙන් බීලා ගෙදරට එක්කරන් ඇවිත්. මුන්ට හෙණ හත ගහන්න ඕන මේ කරන අපරාධවලට.
කිසි වරදක් නොකළ මොහු සිද්ධිය පිළිබඳව කොතරම් කරුණු කීවත් මිතුරාගේ බිරිය දිගින් දිගටම බණිමින් සිටි අතර පුතා පොල්ලක් රැගෙන විත් පහර කීපයකින් ඔහුට සංග්‍රහ කිරීමටත් පසුබට නොවීය.
අනුන්ට උදව් කරන්න ගිහින් මට වෙච්ච දෙයක්. මගේ හැටි මුන් දැනගෙනත් මට කළ දේ වැරදියි. වඳින්න ගිය දේවාලේ හිසට කඩා වැටුණා වාගේ දෙයක් මට වුණේ. මින් පස්සේ මිනිහෙක් මැරිලා හිටියත් ඒ පැත්ත බලන්නේවත් නැහැ. මේක මට හොඳ පාඩමක් යැයි තමාටම කියා ගනිමින් පාර දිගේ දිව ගියේ දැඩි ලජ්ජාවට පත්වී සිටි නිසාය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බීපු මිතුරාට උදව්වට ගිහින් පොලු පහරකුත් කාගෙන ඇවිත්