IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බැඳලා ළමයිනුත් හමුවුණාම සැමියාට දෑවැද්ද මතක් වෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
විවාහවී වසර දහය පහළොවකට පසු උස්මහත්වූ දරු දෙදෙනකු සිටින සිය බිරියට මාපියන්ගෙන් දෑවැද්ද ලබාදෙන ලෙස ඉල්ලා කරදර කරන අපූරු සැමියෙකු පිළිබඳව අසන්නට ලැබෙන්නේ දකුණු පළාතේ ගම්මානයකිනි.


 එකම ගමේ සිටින එකම වෘත්තියේ නියැළු‍ණු මිතුරකු මෝටර් රථයක් මිලදී ගැනීම ඔහුට නොරිස්සුම් දෙන්නක් විය. ඔහුගේ බිරිය රජයේ සේවිකාවකවීම මෝටර් රථය මිලදී ගැනීමට ඔහුට රුකුලක් විය. අසල්වැසි අපේ මිතුරා ඊට ඊර්ෂ්‍යාවෙන් පෙළුණේය. ඔහු නිතර දෙවේලේම කල්පනා කළේ මෝටර් රථයක් මිලදී ගැනීමටය.


සිය දෛනික අවශ්‍යතා සියල්ල පසෙකලා යතුරුපැදිය ද විකුණා දමා භාර්යාවගේ කන කරද උකසට තබා හිතවතකුගෙන් ඉල්ලාගත් අතමාරුවකින් ඔහු සිය මෝටර් රථ වාහන සිහිනය සැබෑ කර ගත්තේ ඉතිරි මුදල පොලියත් සමග වාරික වශයෙන් ලීසිං ආයතනයකට ගෙවීමේ පොරොන්දුව මතය.


බිරිය රැකියාවක් නොකළද තමාගේ වෘත්තියෙන් උපයා සපයාගත් මුදලින් ඔහු මෝටර් රථයේ වාරික ගෙව්වේය. කොරෝනා කඩා පාත්වුණේ මේ අල්ලපනල්ලේය. එදා සිටම ඔහුගේ වෘත්තියට කණ කොකා හැඩුවේය. ඒ සමගම මෝටර් රථයේ වාරික ගෙවීමද අපහසුවිය. මෝටර් රථය විකිණීමටද නොහැකිය. සිය අසල්වැසියාගේ මෝටර් රථය දකින දකින පාරක් පාසාම තමන්ගේ රිය විකුණා දැමීමේ ඒ අදහස වෙනස් කර ගත්තේය.


ණයට ගත් මෝටර් රථය බේරා ගැනීමට ඔහු දස අතේම කල්පනා කළේය. තමා විවාහවූ බිරියට නැන්ද මාමා දෙන්නා දෑවැද්දක් නොදුන් බව ඔහුට පසක්වූයේ එයට පෑදුණු හොඳම විසඳුමක් ලෙසය. අදහස බිරියට කීවේය.මොන පිස්සුවක්ද මේ. දරුවොත් ලොකු මහත්වෙලාද තමුසෙට දෑවැද්ද මතක්වුණේ යැයි බිරිය ඔහුට ගෙරෙව්වේය. ඔහුද ඊට නිකම් නොසිටියේය. අම්මා තාත්තා දෑවැද්ද නොදුනහොත් තමුසේ මම දාලා යනවා යයි ඔහු ඊටත් වඩා සද්දෙන් ගෝරනාඩු කළේය.


මේ දෑවැදි ප්‍රශ්නය දිනෙන් දිනම උග්‍ර විය. දෙන්න දෙමහල්ලන් අතර සණ්ඩු සරුවල් එමට විය. බැරිම තැන බිරිය මේ ප්‍රශ්නය පොලීසියට ගෙන ගියාය. අසල්වැසියා මෝටර් රථයක් ගත් නිසා සිය සැමියාටද මෝටර් රථයක් ගැනීමට අවශ්‍යවූ බවත් ඔහු එය මිලදී ගැනීමට ප්‍රයෝජනයට ගත් උපාය මාර්ග පිළිබදවත් බිරිය පොලීසියේදී භාර්යාව දිග හැරියාය.


මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකිවූ විට සිය සැමියා තමාගේ මවුපියන්ගෙන් දෑවැදි ඉල්ලා එන ලෙස නිතර කරදර කරන බවද ඇය හැඬූ කඳුළෙන් කීවේ මෙය දැන් තමාට මෙන්ම දරුදෙදෙනාටද මහත් හිසරදයක් වී ඇති බවය. ප්‍රේම සම්බන්ධයක් මත සිය සැමියා තමා නිවෙසින් පන්නාගෙන ආවේ දෑවැදි තියා ඉනේ තිබූ වස්ත්‍රයද එපා යයි කියමින් ඇය පොලීසිය ඉදිරියේ කීවිට ඔහු ලජ්ජාවෙන් ඇඹරෙමින් සිටියේලු‍.

 



අදහස් (0)

බැඳලා ළමයිනුත් හමුවුණාම සැමියාට දෑවැද්ද මතක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site