IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


බොන්න සල්ලි නැතිව රන්බඩු කඬේ පන්සීයකට විදලා

ඔහු නිතර මත්පැන් පානයට ඇබ්බැහිවූ පුද්ගලයෙකි. දිනකට තුන් හතර වතාවක් හෝ ගමේ තිත්පොළට ගොස් අඩියක් ගැසීම ඔහුගේ දින චරියාවේ ප‍්‍රධාන අංගයකි.
අතේ මුදල් නැතිවිට කුමන හෝ උපායකින් මුදල් සොයා ගැනීමටද හෙතෙම රුසියෙකි.
පසුගිය දිනෙක ඔහුට අඩියක් ගහන්නට වුවමනාවුවත් අතේ ශත පහක් නොවිණි. ඊට ඔහු යෙදවුයේ අපූරු උපායකි.
හොඳින් ඇඳ පැළඳගත් ඔහු කෙළින්ම ගියේ ගමේ රත්තරන් බඩු සාප්පුවටය. හොඳින් දැන හඳුනන්නෙකු වූ එහි හිමිකරු ඇමතූ හෙතෙම මල්ලි මට පෙන්නන්නකො පොඩි කරාබු කුට්ටමක් යැයි කීවේ එය ඉක්මනින්ම මිලදී ගන්නා බවක්ද අඟවමිනි. වෙළෙඳසල් හිමියාගේ ද උදව්වෙන් ඔහු රුපියල් 4000ක් වටිනා කරාබු කුට්ටමක් තෝරා ගත්තේ එය තම සහෝදරයාගේ දියණියගේ ඉඳුල් කට ගෑමේ මංගල්‍යයට බව කියමිනි.
කරාබු කුට්ටම යළිත් වෙළෙන්ඳා අත තැබූ හෙතෙම වෙළෙඳසල් හිමියාට ගෙනාවේ අපූරු යෝජනාවක්. ”මල්ලි ඔය කරාබු කුට්ටමට බිල දානකොට 500ක් වැඩිපුර දාල මට බිල දෙන්න” වෙළෙඳ සල් හිමියාද යෝජනාවට අවනත වුණේ ඔහු දන්නා හඳුනන අයකු වූ නිසාය.
හරි මල්ලි දැන් පස්සෙ වැඩිපුර දාපු 500 මට දෙන්න. මං ගිහින් මේ බිලයි 4500යි එවන්නම්. එතකොට කරාබු දෙක දෙන්න” එසේ කියූ හෙතෙම රුපියල් 500ත් බිලත් අතට ගත් ඔහු කුරුල්ලා මිටෙන් ඇරියාක් මෙන් එතනින් පිටවූයේ රත්තරන් බඩු සාප්පු හිමියාගේ ගුණ වර්ණනාවක් ද කරමිනි.
බිල රැගෙන ගොස් දැන් සති ගණනකි. තවමත් කරාබු කුට්ටම රැගෙන යන්නට වත් වැඩිපුර ගත් 500 දෙන්නටවත් ඔහු නගරයට ආවේ නැතිලූ.



අදහස් (0)

බොන්න සල්ලි නැතිව රන්බඩු කඬේ පන්සීයකට විදලා

චන්දි Friday, 12 July 2013 04:15 PM

මිට කලිනුත් ට්‍රිවිල් එකකටත් මේවගේම දෙයක් කරලා තිබුන නේද අනේ මෙහෙමත්,මිනිස්සු.., මේවා අහන අපිට පිස්සුද මන්ද ..!!!! (අ)

:       0       0

උපාලි Friday, 12 July 2013 11:03 AM

මේකෙන් කාරණා දෙකක් කියවෙනවා. නහුතෙට බිව්වහම මොලේ සෛල මැරෙනවා කියන්නේ බොරු බව. මේ මිනිහට හොඳට මොලේ තියනවා. අනික තමයි ලැජ්ජ නැත්නම්, ආත්ම ගෞරවය කියලා දෙයක් නමටවත් නැත්නම් කරන්න බැරි බලු වැඩක් නැති බව. (දී)

:       0       0

පැතුම් Friday, 12 July 2013 11:04 AM

අපේ මිනිස්සුන්ගේ මේ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි ඇයි? (දී)

:       0       0

සාලිය Friday, 12 July 2013 04:40 PM

ඔන්න එහෙනම් වරුණ උන්නැහෙත් යමක් කිව්වා!(නදී)

:       0       0

අනුර Sunday, 14 July 2013 11:34 PM

එක, එක දේවල් වලට පුරුදු වුනාම දෙමවුපියන්ව වුනත් විකුනගෙන කන කාලයක් මේක (නි)

:       0       0

කුමාරි Saturday, 13 July 2013 01:13 AM

සංජීව ඇත්තටම හරි. ගොඩක් අය හිතන්නේ මිනිහෙකුගේ ගුණ යහපත් කම, අවංක කම මෝඩකම කියලා.(නදී)

:       0       0

අනුර Monday, 15 July 2013 02:27 AM

ඔයාලට අපේ අදහස ගැලපෙන්නේ නැතිද?(නදී)

:       0       0

නනදලාල් Monday, 15 July 2013 08:01 PM

ඔබ හරි සංජීව. මෙහෙම ළුණාම තව කෙනෙකුට උදවුවක් ගන්න තියෙන අවස්ථාව නැතිවෙනවා . උදවු නොකරනකොට මිනිස්සු දොස් කියනවා මනුස්සකම නැහැ කියල .සමාජයේ හර පද්දතිය විනාශ කරන්නේ මේවගේ ඕලමොට්ටයෝ තමා.(අ)

:       0       0

ගාමිණී-සිරි Friday, 12 July 2013 06:39 PM

මොනවා වුනත් සාධාරණව වැඩේ කරලා , කරාඹු කුට්ටම පන්නාගෙන නොගිහින්. (නි)

:       0       0

සංජීව Friday, 12 July 2013 02:17 PM

මිනිස්සු විශ්වාසෙට තව කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්. ඒක උදව්ව කරන මනුස්සයාගේ තියෙන ගුණ යහපත්කම නිසා. නමුත් උදව්ව ගන්න සමහරු හිතන්නේ මිනිහා මහා ලොකු මොළකාරය, අනික් කෙනාව ඇන්දුවා කියලා. ප්‍රායෝගිකව මම මේ වගේ සිද්ධි දැකලා තියෙනවා. රත්තරන් බඩු කඩේ මල්ලි මෙයාව අඳුනන නිසා විශ්වාසයටයි සල්ලි දෙන්න ඇත්තේ. රුපියල් 500 වගේද මිනිස්සුන්ගේ විදිය තේරුම් යාමම කොච්චර දෙයක්ද? නිවී සැනසිල්ලේ සිතලා බලන්න. මේකෙන් සල්ලි ගත්ත මනුස්සයට වෙන පාඩුව රැපියල් වලින් මනින්න පුලුවන්ද.... (දී)

:       0       0

හේරත් Sunday, 14 July 2013 07:09 PM

සල්ලි වලට ඇස් නෑ මලේ. බොන එකාට ආයු දිගත් නෑ මලේ. ඔහොම ගියදාට කෙහෙල් ගහකට අනිවී කොට්ටෝරුවා.(නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 13 July 2013 07:35 PM

කෝ මතට තිත (අ)

:       0       0

මදු Friday, 12 July 2013 03:15 PM

ඔය මිනිහට තියන මොලේ වෙන හොද දේකට යෙදෙව්වා නම් අද ඒ මනුස්සයා හොද පොහොසතෙක්. (දී)

:       0       0

චින්තක Saturday, 13 July 2013 08:47 PM

වැඩි කල් මිනිහට ඔහොම දුවන්න හම්බවෙන්නේ නැහැ ලගදීම මාට්ටු වෙනවා ෂුවර්.(නද)

:       0       0

කෙවීන් Saturday, 13 July 2013 10:42 AM

මේකට කියන්නේ ශරීරය වෙහෙසල වැඩක් කරලා සල්ලි හොයන්න තියන කම්මැලි කම. බිල් ගේට් අමාරු වැඩක් කම්මලියෙකුට දෙන්න කිවේ මේක නිසා තමා. කම්මැලි මිනිසා කෙටි මාර්ග හොයන නිසා.කොහොම උනත් මෙවෙනි මිනිසුන්ගෙන් වැඩ ගන්න ඕනේ ඉතාම කල්පනාවෙන්.(අ)

:       0       0

වරුණ Friday, 12 July 2013 10:10 AM

මේ ගොල්ලන්ට තමයි කියන්නේ බත් කන වෘෂභ රාජයෝ කියලා (දී)

:       0       0

සමන් කුමාර Monday, 15 July 2013 05:50 PM

මම නම් හොයාගෙන ගිහින් කනපලනවා ඔය වගේ යාලුවන්ගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 612 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 752 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 652 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1240 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 719 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි
2025 අප්‍රේල් මස 26 774 0

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 632 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 165 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1186 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site