IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බේත වැඩ කරලා: ලෙඩා හෙද නෝනා වඩාගෙන ගිහින්

හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
රූමත් දේශීය වෛද්‍යවරියක සැමියා සහ දරුවා අතහැර  ප්‍රතිකාර  ගැනීමට  පැමිණි කඩවසම් තරුණයකු සමග පැන යාමේ අපූරු  කතාවක්  දකුණු  පළාතේ කඳුකර ප්‍රදේශයකින් වාර්තාවේ.


ඇය දැඩි තැන්පත් බවකින් හා අහිංසක ලෙස දිවි ගෙවූ අතර දේශීය වෙදකම් කිරීම  පිළිබඳ ප්‍රසිද්ධියට  පත්  තැනැත්තියකි. විශේෂයෙන්  කැඩුම් බිඳුම්  වෙදකමටද ඇය ප්‍රසිද්ධියක් ඉසිලුවාය.  රාජකාරිය  දේවකාරියටත්  ඉහළින්  සිදුකරන  නිලධාරිණියක ලෙස ජනතාව  අතරද ප්‍රසිද්ධ වූවාය.  


වසර ගණනාවක් විදේශගතව සිට  ළඟදී මෙරටට පැමිණ සිටියදී  රිය අනතුරකින් තුවාල ලැබූ කඩවසම් තරුණයකු යෙහෙළියක සමග ඇය  හමුවීමට ඉකුත් දිනෙක පැමිණියේ ප්‍රතිකාර ගැනීමටය. වෙදකම හා හෙදකමද  නිසි ලෙස කිරීමට ඇය වගබලා ගත්තාය. තරුණයා කෙටි කලකින් සුවය  ලබා  ඇති  අතර  ටික දිනක්  ගතවෙද්දී වෛද්‍යවරිය ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බව  සැලවිය.


 බිරිඳගෙන් ලැබුණු දුරකතන ඇමතුමට අනුව ඇය තරුණයකු සමග ගොස් ඇති බව සැමියාට පැහැදිලි විය. වෛද්‍යවරිය  කිසිවකුටත් නොකියා  ස්ථාන මාරුවක්ද ලබාගෙන  තරුණයා  සමග  අගනුවර  ප්‍රදේශයකට  ගොස්  ඇති  අතර  බිරිඳ  සොයා  දෙන  ලෙස  සැමියා  නීතියේ  පිළිසරණ  අයදිමින්  සිටී. මෙම තරුණයා වෛද්‍යවරයාගේ හොඳම යෙහෙළියගේ සොහොයුරා බව පසුව හෙළිවූ අතර සිද්ධිය වසන්කර  ගැනීමට  බොහෝ  දෙනා  උත්සාහ  දැරුවද මේ වෙදකම පිළිබඳ රස කතාව  රජයේ  කාර්යාලවල  පැතිර ගියේ විදුලි වේගයෙනි.



අදහස් (0)

බේත වැඩ කරලා: ලෙඩා හෙද නෝනා වඩාගෙන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 389 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 548 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site