(උණවටුන - ඩි.ජී. සුගතපාල)
රජයේ සුව සේවා ස්ථානයක ප්‍රධානියාට ද නොසිතූ ලෙස නිරෝධායනය වීමට සිදුවීමේ අපුරු සිදුවීමක් දකුණු පළාතේ සුව සේවා ස්ථානයකින් අසන්නට ලැබිණ. මෙම ස්ථානයේ ප්‍රධානියා බෙහෙවින්ම මත්පැනට ලොල් වුවකු බවද එහි සේවක සේවිකාවෝ පවසති.
මේ දිනවල පැතිර යන කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන ස්ථානයක් පරීක්ෂා කිරීමට ඔහු පසුගිය දිනෙක රාත්‍රී ගියේය. මිතුරන් සමග පදමට රත් වූ ඔහු එම ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගොස් රෝගීන් සමග කතා බස් කළේය. එහි සිටි අනෙක් අය සමග ද කතා කළේය. ඔහු කතා කළේ මොනවාදැයි ඔහුට අමතකය. දැන් ඔහු සිටින්නේ බෙල්ල සාක්කුවේ දමාගෙනය. ටික වේලාවකදී ඔහු එම ස්ථානයේම නින්දට වැටිණ.
පසුව ගිලන් රියක් ගෙන්වා ඔහු නිවෙසට යැවීමට එහි සිටි පිරිස කටයුතු කළේය. එහෙත් ඔහුට නිවෙසේ දොර ඇරුණේ නැත. බිරිඳ කීවේ ඔහු නිරෝධායනයට ගෙන යන ලෙසය. ගිලන් රියේ පැමිණි සේවකයෝ අසරණ වූහ. ලොක්කා මිදුලේ තනි කර දමා ගිලන් රිය ඉගිල ගියේය.
බෙල්ල සාක්කුවේ දමාගෙන මිදුලේ වැතිර සිටියත් දොර නම් ඇරුණේ නැත. මේ අතර බිරිඳ ඔහුගේ බලධාරීන්ට දුරකතන ඇමතුමක් දී සැමියා නිරෝධායනයට ගෙන යන ලෙස කීවාය. ඒ අනුව තවත් ගිලන් රියක් පැමිණ ඔහු නංවා ගත්තේය.
ඔහු ද දැන් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයේ කාමරයක නිරෝධායනය වෙමින් සිටී.
2025 ඔක්තෝබර් මස 08
1812
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1475
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බෝතලය ලොකුවී බිරියටත් එපාවූ සුවසේවා ලොක්කා නිෙරා්ධායනයට