IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බ්ත්තරේ පෙරළිලා හොරයක් අහුවෙලා

 (හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
බස්රථයක් තුළ විසිරී ගිය නොකැඩෙන බිත්තර ගොඩක් නිසා කාලයක් තිස්සේ කර ගෙනගිය බිත්තර හොරකම හෙළිවීමේ පුවතක් කන්දඋඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


 කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා කුඩා නගරයක පවත්වාගෙන යන මධ්‍යම ප්‍රමාණයේ හෝටලයක සේවය කරන මොහු දිනපතාම නිවස වෙත ගමන් කරන්නේ ගමට ඇති එකම බස් රථයෙනි.
 මේ දිනවල හෝටල්වලට වැඩි වෙළෙඳ‌ාමක් නොමැති නිසා ආහාර පාන සැකසීම ද ඉතා අඩුවෙන් සිදුකිරීමට පාලක පක්ෂයෙන් උපදෙස් ලැබී තිබිණ.


 එසේ වුවද හෝටලයට ගෙන එන බිත්තර පමණක් සීමාව ඉක්මවා ඉවර වන බව එහි පාලක පක්ෂයට වැටහී තිබුණ නමුත් ඔවුහු ඒ ගැන ඒ තරම් නොසිතූහ.


 මෙසේ දවස් ගතවෙද්දී පසුගිය දිනක මෙම හෝටලයේ මුළුතැන් ගෙයි සේවය කරන මෙම පුද්ගලයා තමන් ගමට යන බස් රථයට ගොඩ වී පසුපස අසුනක වාඩි වූයේ කුඩා බෑගයක් ද රැගෙනයි.


 මෙසේ ටික දුරක් යද්දී ඉදිරියෙන් පැමිණි වෙනත් වාහනයක් නිසා බස් රථයේ රියැදුරුට එක්වරම තිරිංග පාගන්නට සිදුවිය. ඒ අවස්ථාවේ මෙම පුද්ගලයා සතුව තිබූ කුඩා බෑගය විසිවී ගොස් බස්රථය තුළ වැටුණු අතර එතුළ තිබී බිත්තර තොගයක් බස්රථය පුරා රෝල් වී ගියේය. එසේ බිත්තර රෝල් වී ගියද එක බිත්තරයක් හෝ නොබිඳීම ගැන සැක සිතු බස් රථයේ සිටි කෙනකු එක් බිත්තරයක් පරීක්ෂා කරද්දී කාලයක් තිස්සේ සිදුකළ  සියල්ල අතටම හසුවිය. ඒ බිත්තර තැම්බූ බිත්තර වූ අතර ඔහු ගමේ පිරිසකට බයිට් ජාවාරමක් කරගෙන ගොස් ඇති බව පසුව හෙළි විය.


එහෙත් ඔහුට තවදුරටත් එය කරගත හැකි වූයේ නැත. ඒ ඔහුට රැකියාව ද අහිමි වී ගිය බැවිණි.



අදහස් (1)

බ්ත්තරේ පෙරළිලා හොරයක් අහුවෙලා

sana Friday, 22 January 2021 06:37 AM

මේක මේ පරණ කතාවක් ඇසුරෙන් හදපු අලුත් එකක්... ඒ කතාවේදී බො‍රැල්ල පැත්තේ බස් එකකට නගින නිල ඇඳුමැති කාන්තාවක් අතින් තමයි ඔය වැඩේ අහුවුණා කියන්නේ.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 219 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 760 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site