තම කුඹුර සී සෑම සඳහා කිහිප දවසක්ම මාමණ්ඩියගෙන් හරක් බාන ඉල්ලා නුදුන් විට හොරෙන් හරක් බාන රැගෙන ගොස් සී සාමින් සිටිය දී මාමණ්ඩිය එනු දැක බෑණා අමුඩය ලිහා දමා නිර්වස්ත්‍රව සී සෑමේ පුවතක් කලකට පෙර මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි ජනපදයකින් වාර්තාවේ.
ඔහු කා අතරත් ජනප්‍රිය පුද්ගලයෙකි. කන්ද උඩරට සිට විවාහ වූ පසු බිරිඳගේ ගමට පැමිණ ඇත. පිරිත් ගෙදරකට මළ ගෙදරකට ඔහු නැතිවම බැරිය. ඔහුගේ කථා ඇසීමට කවුරුත් ප්‍රිය කරති. විටෙක ඔහු අන්දරේට සමාන කළ බව දැන ගැනීමට ලැබුණේ ඔහු කරන වැඩ කටයුතු නිසාය.
තම බිරිඳ සමඟ සහයෝගයෙන් කටයුතු කරන ඔහු ගොවිතැන් වැඩවලට එදා මෙන්ම අදත් ඉතා දක්ෂය. තම කුඹුර සී සෑමට අවශ්‍ය බවත් ඒ සඳහා තමා සතුව හරකුන් නොමැති නිසා බිරිඳගේ පියාගෙන් කිහිප දවසක්ම හරක් බාන ඉල්ලා නුදුන් නිසා මාමණ්ඩිය අවද වීමට පෙර පාන්දරම හරක් බාන රැගෙන කුඹුර සී සෑම ආරම්භ කර ඇත.
පැයක් පමණ සී සාමින් සිටින විට තම මාමණ්ඩිය පැමිණෙනු දැක කිසිවක් කරකියා ගැනීමට නොහැකිව තමා ඇඳ සිටි අමුඩය ගලවා දමා නිර්වස්ත්‍රව සී සාමින් සිට ඇත. ටික දුරක් පැමිණි මාමණ්ඩිය දැක ඇත්තේ තම බෑණා නිර්වස්ත්‍රව කුඹුර සී සාමින් සිටින අයුරුය.
හරකුන් ඉල්ලා ගැනීම පැත්තක දැමූ මාමා කඩිනමින් දුවගේ ගෙදර ගොස් හරක් දෙන්නා දෑවැද්දට දුන්නා කියලා හිතා ගනින් කියා දුවට පවසා අනේ පුතේ බෑණාට කියාපන් අමුඩය ඇඳගෙන කුඹුර හාන්න කියලා. නැත්නම් අපට මේ ගමේ වසන්න වෙන්නේ නෑ යි මාමා පැවසීය.
තම සටකපට නුවණට මාමණ්ඩිය හසුවූ බව දැනගත් බෑණා මහ හයියෙන් සිනාසී අමුඩය ඇඳගත්තේය.
දේවහුව ප්‍රසාද් ජයකොඩි
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
බෑණා උපන් ඇඳුමෙන් සී සාද්දී මාමාට තරු පෙනිලා