IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


‘බඩු මලු චාන්ස් එකක්’ ගන්න ගිහින් ‘බණ මඩුවේ’ නිරෝධායනයේ

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
ස්වයං නිරෝධායනයට ලක්වන පවුල්වලට රජයෙන් හා අදාළ ප්‍රාදේශීය සභාවෙන් ලබාදෙන රුපියල් 15,000ක් පමණ වටිනා බඩු මලු‍වලට ලොබ බැඳ තමාටත් ඒවා ලබා ගැනීමට ස්වයං නිරෝධායන දැන්වීම ලබා ගැනීමට සිය බිරියගේ කරාබු දෙක උකස් කොට ගහන්නට ගිය ගැටයෙන් බණ මඩුවේ නිරෝධායනය වීමට සිදුවූ පුද්ගලයකු පිළිබඳව අපූරු පුවතක් වාර්තාවේ.


කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයන් බහුල ප්‍රදේශයකි. මේ නිසාම ස්වයං නිරෝධායනයට ලක්වූ පවුල් ද එහි හිඟ නොවීය. එම පවුල්වලට රජයෙන්, ප්‍රාදේශීය සභාවෙන් හා හිතවතුන්ගෙන් ලැබෙන බඩු මලු ද අඩුවක් නොවීය. ඔහු ස්වයං නිරෝධායනයට ලක්නොවුන ද ස්වයං නිරෝධායනයට ලක්වූ පවුල්වලට ලැබෙන බඩු මලු‍වලට ලොබ බැඳගත්තේය.


මිතුරකු දුන් ලණුවක් අනුව ඔහු ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හමුවීමට ගියේ ‘ස්වයං නිරෝධායනයට ලක්වූ නිවසකි’ යන දැන්වීමක් ලබා ගැනීමටය. ඒ ඔහු සිය භාර්යාවගේ කනේ කරාබු ජෝඩුව උකසට තබා මිලට ගත් වටිනා අරක්කු බෝතලයක් ද රැගෙනය. මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාට සිය කාරණය කීවේ රැගෙන ගිය මත් පැන් බෝතලය ද ඔහු අතට දෙමිනි. සෞඛ්‍ය පරීක්ෂක මහතාට අසූ හාරදහසටම කේන්ති ගියේය. ඔහු දුන් අරක්කු බෝතලය සෞඛ්‍ය පරීක්ෂක මහතා පොළොවේ ගැසුවේ දෑහෙට නොපෙනී යන ලෙසට ද ඔහුට තර්ජනය කරමිනි.


තමාගේ කරාබු දෙක ද උකසට තබා හිස් අතින් ගෙදර පැමිණුනු ඔහු දුටු භාර්යාවට යකා වැහුණි. ඒ සමගම භාර්යාව ඔහු සිය නිවසින් පිටමං කළේ කොහෙන් හෝ මුදල් සොයාගෙන තමාගේ කරාබු දෙක බේරා දෙන ලෙසට බල කරමිනි.


රාත්‍රිය ද උදාවෙමින් තිබිණි. කර කියා ගත හැකි දෙයක් නොවූ තැන ඔහු සිය විහාරස්ථානයේ බණ මඩුවේ පිහිට පැතුවේය. බණ මඩුවේ සිට  භාර්යාවගෙන් බේරී නිරෝධායනය වෙමින් සිටි ඔහු කල්පනා කළේ  භාර්යාවගේ උකසට තැබූ කරාබු දෙක බේරා ගන්නා සැටිය. අනුන්ගේ බඩු මලු‍වලට ලොබ බැඳ බොරුවට ස්වයං නිරෝධායන දැන්වීමක් ලබා ගැනීමට ගිය තමා වැටුණු අලි අමාරුව ගැනය.



අදහස් (0)

‘බඩු මලු චාන්ස් එකක්’ ගන්න ගිහින් ‘බණ මඩුවේ’ නිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 212 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site