IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


බෝඩිමේ විදුලිය කප්පාදු කළාට සිසුවියන්ගෙන් අපූරු පාඩමක්

නුගේගොඩ ආසන්නයේ පිහිටි මේ සුවිසල් නිවසේ කාමරයක් බෝඩිමක් බවට පත්වූයේ ගෙහිමි කාන්තාවගේ අත මිට හිඟවීම නිසාය.
සරසවි සිසුවියන් තිදෙනකු එහි නතර වී සිටි අතර මාසික ගාස්තුව රුපියල් තුන්දහසකි.
විදුලි බිල වැඩිවීම නිසා ඇය පසුගිය දිනක සිසුවියන්ට කීවේ රාත‍්‍රී නවයට විදුලි බලය විසන්ධි කරන බවකි. ‘‘නවයෙන් පස්සේ  ඕ ගොල්ල කොහොමටත් කයිවාරු ගහනව මිසක් පාඩම් කරන්නෙ නෑනෙ’’ ඇය කීවාය.
ඇය එසේ කළත් සිසුවියෝ ඉටිපන්දම් දන්වාගෙන නවයෙන් පසුත් පාඩම් කළහ.
මේ මාසයේ බෝඩිමේ ගාස්තුව ලෙස තිදෙනාම ගෙවූයේ රුපියල් සියයක් අඩුවෙනි. ‘‘ඇයි මේ’’ ඇය ඇසුවාය. ‘‘ඇන්ටි ඉටිපන්දම් ගැලපුම් ගාස්තුව අඩු කළා’’ ඔවුන් කීවිට බෝඩිමේ හිමිකාරියට දෙවියන් සිහිවුනා ලූ.



අදහස් (0)

බෝඩිමේ විදුලිය කප්පාදු කළාට සිසුවියන්ගෙන් අපූරු පාඩමක්

බන්දුල Thursday, 11 July 2013 10:49 AM

නෝනා බෝඩින් ගස්තුයි විදුලි ගස්තුයි මාසේ මුලදී ගන්න බැරිනම් යන්න කියන්න. (අ)

:       0       0

අනන්දආර් Thursday, 11 July 2013 09:21 PM

සරසවි සිසුවියන් බෝඩිම් කරගෙන පාඩම් කරනවාට බාදා කරනවා කියන්නේ බරපතල අපරාධයක්. ගැහැණු ළමයි රැ නමයෙන් පස්සේ පාරේ ලයිට් කනුව යටට යන්නද පාඩම් කරන්න. මේ ඇන්ටිට දරුවෝ නැද්ද? බල්ලෝ මරලා හරි සල්ලි හොයන ඇන්ටි කෙනෙක්. (නි)

:       0       0

ගුණරත්න Thursday, 11 July 2013 02:27 AM

මේ නෝනා දන්නේ නැහැ කම්පස් කෙල්ලන්ගේ මොලේ ගැන.තව ටික දවසකින් ඔය කෙල්ලෝ ටික නෝනව බොර්දින් කරගන්නවා ඔය ගෙදරම. (අ)

:       0       0

සරසි Friday, 12 July 2013 04:38 PM

අමායා බොරු කියාන්න එපා ඔය කතාව දැන් අවුරුදු 07 කට කලින් සිරස රස රිසි ගී වලට නාරද කිවව එකක්.(නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 11 July 2013 02:38 AM

නියම පාඩම ගෙහිමි කාන්තාවට, වර්තමාන ලංකාවේ බෝඩිමේ ඉන්නවා කියන්නේ අපායේ ඉන්නවා වගේ, ඉතුරු හරිය කියන්න ඕනේ නැහැනේ. (අ)

:       0       0

මොල්ලිගොඩ Thursday, 11 July 2013 11:21 AM

ඒකතමයි මම වරුනට ඒකාලේම කිව්වේ ඉගන ගන්න කියල! කෝ ඇහුවයෑ! සෙල්ලම් කර කර හිටිය! (දී)

:       0       0

චන්ද්‍රා Sunday, 14 July 2013 04:00 AM

උපාලි මහත්තයා යන්නේ කොහෙද මල්ලේ පොල් නේද ?(නදී)

:       0       0

බණ්ඩාර Thursday, 11 July 2013 06:14 AM

මුන්නම් එල කෙල්ලෝ සෙට් එකක්.(අ)

:       0       0

උපාලි Saturday, 13 July 2013 02:10 PM

දොස්තර ලටත් ලෙඩ ඇද ගැන දැනගන්න ගැහු එක අගෙයි කෝ තල්මහ ඉඹගන්න.(නදී)

:       0       0

උපාලි Saturday, 13 July 2013 02:27 PM

කොතනත් ලොවෙ නැති උන්ලග හැදියාව වැඩිකල් නොවෙ උන්ගේ ඹය කෙරැවාව.(නදී)

:       0       0

ඉන්දි Thursday, 11 July 2013 07:52 AM

සමහර මිනිසුන් ජීවත් වෙන්නේ බෝඩිමෙන් ලැබෙන ආදායමෙන්. ඒ නිසා බෝඩිම් වල ඉන්න අයත් විදුලිය ඉතිරි කිරිමට සහයෝගය ලබාදිය යුතුයි. ගැටුම් ඇති කර ගැනීම පිළියම නොවේ. (නි)

:       0       0

වරුණ Thursday, 11 July 2013 08:12 AM

ඉන්දිත් හරි. ඒ වුනාට ඉගෙන ගන්න ළමයින්ට සහයෝගය දිය යුතුයි. ලයිට් එකක් දැම්මට බිලේ මහලොකු ගානක් වැඩි වෙන්නේ නැති බව බෝඩිම අයිති නෝනත් දැන ගත යුතුයි .අද හැම දෙයක්ම මුදල් මත තීරණය වෙන කාලයක්. බල්ලෝ මරලා හරි සල්ලි හොයන තත්වයට සමාජය ඇදලා දාලා (නි)

:       0       0

රාජු Thursday, 11 July 2013 08:37 AM

හරිම දුකයි. විදුලි බිල වැඩි වුනාට බෝඩිම් ගාස්තුව වැඩි නොකළ ගෙහිමි කාන්තාව දන්නා තරමටවත් ආර්ථිකය ගැන කැම්පස් ළමයි දන්නේ නැති එකනේ දුක (නි)

:       0       0

බණ්ඩාර Thursday, 11 July 2013 12:32 PM

අනෙක් අයටත් පාඩමක් මේක (නි)

:       0       0

සිතුම් Sunday, 14 July 2013 11:30 AM

හරිම අපුරු වැඩක් ඒක. අපිත් දැන් බෝඩිමේ ඇන්ටිට මේක තමා කරන්න ඉන්නෙ. (දී)

:       0       0

සංජීව Thursday, 11 July 2013 09:02 AM

සිසුවියන් පාඩම් කළේ ලොකු ඉටිපන්දන් දල්වාගෙනද? පොඩි ඉටිපන්දම් දල්වාගෙනද?ගණන තීරණය වෙන්නේ ඉටිපන්දමේ ප්‍රමාණය අනුව (නි)

:       0       0

සරත් Thursday, 11 July 2013 12:36 PM

අපි නම් "කුප්පි ලාම්පුවෙන්" තමයි ගොඩ ගියේ. ඒ කලේ ඉටි පන්දම් පත්තු කලේ කළුවරේ කොහේ හෝ යන්න උනාම විතරයි. (දී)

:       0       0

අමායා Friday, 12 July 2013 02:13 PM

බදුල්ල පැත්තේ ගෙදරකත් ඔය වගේ ඇන්ටි කෙනෙක් බෝඩිමේ විදුලිය හරි අඩුවෙන් පාවිච්චි ක‍රන්න කියලා ගැහැණු ළමයි ටිකකට කියලා.මෙයාලා දවසක් අන්තර්ජාලය ගැන කතා වෙනවා ඇහිලා ඇන්ටි හොයලා බැලුවම මේගොල්ලා කියල තියෙන්නේ ඉන්ට, නෙට් එක දානකම් කියලා (දී)

:       0       0

වරුණ Thursday, 11 July 2013 12:56 PM

ඒවුනාට බන්දුල මාසේ අන්තිම හරියෙනේ ලයිට් බිල එන්නේ?කට්ටිය යවන්න හරි ලේසියි අලුතින් බෝඩර්සලා හොයන එක අමාරු බව ඒ නෝනා දන්නවා ඇති (අ)

:       0       0

හේරත් Thursday, 11 July 2013 05:12 PM

කව්රු කව්රුත් කෙරුම් කාරයෝ..අනේ බෝඩිමේ ඇන්ටි.අනේ ඉටිපන්දම්.(අ)

:       0       0

නීරෝ Thursday, 11 July 2013 05:15 PM

සංජීව,ඉටිපන්දම ලොකුද,පොඩිද කියන එක අහන්න ඕනෑ එම කෙල්ලන්ගෙනුයි. (නි)

:       0       0

සදුනි Thursday, 11 July 2013 05:22 PM

ඒ කාන්තාව හුගක් හොද කෙනෙක්. එයා බෝඩිං ගාස්තු වැඩි කළේ නැහැනේ (නි)

:       0       0

අලයා Friday, 12 July 2013 02:33 PM

අපරදේ නිකම් විනාශ වෙන්න යන්නේ (දී)

:       0       0

උපාලි Thursday, 11 July 2013 09:49 AM

රාජු හරි. මේ ළමයි බෝඩිම් හිමිකාරිය දැනටමත් තමන්ට සහනයක් දීල තියෙන බව අමතක කරල. අන්තරේ කට්ටිය විශ්ව විද්‍යාල ප්‍රශ්නවලට විසඳුම් සොයන ආකාරයටයි මේ ළමයි බෝඩිමේ ප්‍රශ්නය විසඳන්න හදල තියෙන්නෙත්. (අ)

:       0       0

හේමන්ත Thursday, 11 July 2013 09:51 AM

ඔයාල මොකද කොමෙන්ට්ස් වලින් ගහ ගන්නේ, ඒ ප්‍රශ්නය වෙලා දැන් බොහෝ කල් නේද? (අ)

:       0       0

නදී Saturday, 13 July 2013 09:59 AM

ගොඩක් හොදය ආන්ටි පව් (අ)

:       0       0

ගයාන් Wednesday, 17 July 2013 09:43 AM

හොද වැඩේ. බෝඩින්කාරයට එහෙම තමා කරන්න ඕනෑ (නි)

:       0       0

ජගත් Thursday, 11 July 2013 01:54 PM

අයියෝ වරුණ ආයිත් පටන්ගත්තා මෝඩ කතා කියන්න! වැඩ කරන තැනත් ඔහොමද? (නි)

:       0       0

සුධීර Monday, 15 July 2013 09:22 AM

මාර හාදයෝ (නි)

:       0       0

කුමාර Saturday, 13 July 2013 10:44 AM

කොහොමද ටිකිරි මොලේ ? (අ)

:       0       0

ටානියා Thursday, 11 July 2013 10:36 AM

අයියෝ සල්ලි

:       0       0

කපිල Friday, 12 July 2013 03:43 PM

ඉන්දි, ඔයා බෝඩිමක් දාල ද තියෙන්නේ? (දී)

:       0       0

තිලක් Tuesday, 16 July 2013 05:52 AM

ආන්ටි ලබන පාර ඕකට නියමෙට අඹරාවි ගුලියක් (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 11 July 2013 02:34 PM

දැන් විදුලි බිල් ගාස්තු දෙගුණ වෙලා.එතකොට ජල බිල. මාසෙකට රු : 3000/= කියන්නේ දවසට 100/= මගියෙකුට පිටකොටුවේ වැසිකිලියට ඇතුල්වීමටත් රු : 10/= ක් .අපි පාඩම් කලේ කුප්පි ලාම්පුවෙන්.ගැහැණු ළමයි නිසා චිමිනි ලාම්පුවක් පාවිච්චි කිරීම ඉටිපන්දමට වඩා එළියයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1227 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site