IMG-LOGO

බෝඩිමේ ගාස්තු අඩු කර ගන්න කී බොරුව අතේ පත්තුවෙලා

වසර අවසානයේ නවාතැන මාරුකර වෙනසක් බලාපොරොත්තු වූ තරුණියකට සිදුවූ කතාවකි.

‘‘නංගී ඔයා ලබන මාසයේ වෙන තැනකට යනවා කියලා කිව්වා ඇත්ත ද?’’ බෝඩිමේ හිමිකාර කාන්තාව ඇයගෙන් එසේ විමසූයේ ඒ වන විටත් එම නවාතැන දැනටත් වඩා වැඩි ගණනකට කිහිප දෙනකුම ඉල්ලා ඇති හෙයිනි.

තැරැුව්කරුවන් මාර්ගයෙන් ලැබුණු තොරතුරු අනුව වසර අවසාන වීමත් සමඟම නව වසරේදී සිය නවාතැන දැන් ඇති ගණනටත් වඩා රුපියල් දහසක් වැඩියෙන් කුලියට දිය හැකි නිසා ඇය එසේ උනන්දු වූවාය.

”ඔව් අක්කේ මේ කිට්ටුවම තැනක් මට යාළුවෙක් කිව්වා. එයාලගේ නෑදෑ කෙනෙක්ගේ ලූ. පඩි ගත්තම ඇඞ්වාන්ස් එකකුත් දෙන්නයි හිතා ඉන්නේ.”
බෝඩිම හිමිකාර කාන්තාවගේ වදන්වලට නොදෙවැනි වන සේ ඇය ද එසේ පැවසූයේ තමාට ද අගනුවර  ඕනෑ තරම් හිතවතුන් ඉන්නා බව අඟවමිනි.
පසු දිනය උදා වී එදින සවස් වූයේය.

බෝඩිම සොයා ආවේ බ්‍රෝකර්වරයෙකි.

”මිස් මම දන්න මිස් කෙනෙකු තමයි මේ බෝඩිමට එන්න සූදානම් වෙන්නේ. ගතිගුණ හොඳයි. ගම්පළාත ටිකක් දුරයි. සතියකට දෙකකට සැරයක් තමයි ගමේ යන්නේ මිස්. මගේ ගානත් තියලා එහෙනම් වැඬේ කතා කරගන්න. මෙන්න මේ අංකයට කතා කරන්නකෝ.”

එසේ කියමින් බ්‍රෝකර්වරයා දුරකතන අංකයක් ඇය අතට පත් කළේය.

”ම් ම් හොඳයි” ඔහු පිටත් වූ පසුව විනාඩි කිහිපයකින් බෝඩිම හිමිකාර කාන්තාව දුරකතනයට ඇමතුමක් ගැනීමට අංක එකින් එක සිය ජංගම දුරකතනයේ තද කළේය.

අවසානයේ ඇමතුම සම්බන්ධ වන ස්විචය තද කළේය.

තම ජංගම දුරකතනයේ ඒත් සමඟම ප‍්‍රදර්ශනය වූ නම දැකීමෙන් ඇයගේ ඇස් උඩ ගියාය.

බ්‍රෝකර්වරයා ලබාදුන් අංකය මේ වනවිටත් සිය නවාතැනේ සිටිනා තරුණියගේමය.

”අනේ අම්මාපල්ලා මේ කෙල්ලට සල්ලි වැඩිවෙලා මට කිව්ව නම් කලින් ගානටම මම ඉන්න දෙනවා නේ. දැන් ඉතින් බ්‍රෝකර් ගාස්තුත් එක්ක ගෙවපන්කෝ.....”

ඇය නිහඬව සවස් වන තුරු සිට එදින සවස බෝඩිමට පැමිණි තරුණිය සුපුරුදු පරිදි පිළිගත්තාය. වෙනසක් වූයේ මාසික ගාස්තුව පමණි.

 



අදහස් (0)

බෝඩිමේ ගාස්තු අඩු කර ගන්න කී බොරුව අතේ පත්තුවෙලා

දුම්මලසූරිය Friday, 02 January 2015 10:48 AM

ගේ හිමි කාන්තාව කිව්වා වගේ සල්ලි වැඩි වෙලාද? නැත්නම් මෝඩකමද මන්දා ? මොනවා වුනත් නව වසරේ රුපියල් 1000ක් පාඩු වුන බව නම් පේනවා අර තරුණියට.(හේ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 03 January 2015 06:36 PM

පත්තරේ වැටෙන ප්‍රවුර්ති දකිනකොට මට බය හිතෙනවා. පාලු පාරක් අයිනේ සුළුදිය ටික අයින් කරන්නත්. කවුරු හරි පින්තුරෙත් එක්ක මාව පත්තරේ දාවි. මම දියවැඩියා කාරය නිසා නිතරම සුළුදිය ඇරෙනවා. (ර)

:       0       0

හංස Thursday, 01 January 2015 01:44 PM

අයියෝ සල්ලි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site