IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


පාරේ ගිය පොල් හොරු දෙන්නා 4ක් ළිඳකට තල්ලු කරලා

(නැදලගමුව ආර්.ඒ. ප්‍රිංයකා රූපසිංහ) 
වයඹ පළාතේ ගැමි නිවසක බූරුවා ගැසීම කරගෙන ගියේ රාත්‍රී කාලයේය. සූදුවට ගෙහිමියා සම්බන්ධ නොවූවද ඔහුට තෝන් ලැබීම නිසා ඔවුහු හිතවතුන්ට  තම නිවෙසේ කාමරයක බූරුවා ගැසීමට ඉඩ දී පොලිසියෙන් එනවා දැයි ඔත්තු සේවයේ ඔහු යෙදී සිටියේය. 


සූදුව ආරම්භ වී මොහොතකට පසු පැදුරේ කාඩ් කුට්ටම එහාට මෙහාට  බෙදෙන විට මුදල් නෝට්ටු ද පැදුර මත සංසරණය වූයේ සූදු ක්‍රීඩාවේ යෙදෙනවුන්ගේ අත ද යහමින් මුදල් ගැවසුණ හෙයිනි. එන්න එන්නම ජයටම කෙරීගෙන ගිය සූදුවේ දිනුම් පැරදුම් මත කාගේත් සිත් යොමුව තිබිණි. 


සූදුවට සිත් යොමා සිටි සූදුකරුවන්ට අවට ලෝකය අමතක වී තිබුණ ද ගෙහිමියා අවධානයෙන් සිටියේ කොයි වෙලේ හෝ කාගේ හෝ ඔත්තුවකට පොලිසිය කඩා පනිවී යයි සැකයෙනි. පැයක් පමණ අවට පරිසරය නිසොල්මනේ තිබුණත් නිවසේ සිටි බල්ලා සහ දඩාවතේ සිටි බල්ලන් ගේ ඉදිරිපසින් බුරන්නට පටන් ගත්තේ දඩි බිඩි ගා කවුරුන් හෝ කලබලයෙන් ගමන් ගන්නා හඬට බව දැනගත් ගෙහිමියා පොලිස් පොලිස් යනුවෙන් නිවෙස පිටුපසට පැමිණ කෑ ගසන්නට විය. එසැනින් කලබල වු සූදු කරුවන් පැදුරෙන් නැගිට දුවන්නට පටන් ගත්තේ උන් හිටි තැන් අමතක කරමිනි. 
කාඩ් කුට්ටම සහ පැදුර මත තිබූ මුදල් ද එතනම දමා දුවන්නට පටන් ගත් ඔවුහු එම නිවසේ මුළුතැන්ගේ පිටුපස ඇති වතුර බොන ළිඳ ගැන නොදැන සිටියෝය. ළිඳ අනාරක්ෂිතව තිබූ හෙයින් දුවන්නට නිවසින් එළි බහින එකිනෙකා ළිඳට වැටෙන්නට විය. ළිඳට වැටුණු කිසිවෙක් කෑ ගැසුවේද නැත. 


ළිඳේ වතුර මට්ටම අඩුව තිබූ නිසා වතුරට වැටුණ ද ළිං ඉවුර මත එල්ලි සිටීමට හැකියාව තිබුණි. ළිං පත්ල කඩා වැටීම නිසා ළිං ඉවුරේ එකිනෙකා එල්ලී සිටියේ මහත් වෑයමකිනි. ළිඳ ගැඹුරුය. පැය භාගයක් පමණ ගත විය. ආපු පොලිසියක් නැත. රාත්‍රී පොල් හොරකමේ ගිය තරුණයන් දෙදෙනකු නිවස ඉදිරිපිට පාරේ ගමන් කිරීම නිසා බල්ල බුරා ඇත. නිවෙස් හිමියා බූරු ගැසූ පිරිස කොහේ ගියා දැයි සොයන විට සැඟවී ඇති දැයි බැලීමට ‘පොලිසිය ආවේ නැතෝ...’ කියමින් කෑ ගැසීය. එවිට ළිඳේ සිටි පිරිස ‘අපි මෙහේ... කියා කෑ ගැසූ නිසා ගෙහිමියා විදුලි පන්දම අල්ලා ළිඳට එබී බැලීය. ඔහු දුටුවේ හතර දෙනෙකු ළිඳේ වැටී ළිං ඉවුරේ එල්ලී ඇති අයුරුය. එවිට ඔහු ළිඳේ කඹය ළිඳට දමා එකිනෙකා ගොඩටගත්තේ මහත් පරිශ්‍රමයක් දරා බවත් ළිඳට වැටුණු සමහරුන්ගේ අතපය උලුක් වී තුවාල වී තිබූ බවද දැනගන්නට ලැබුණේ කාලයකට පසුවය. 



අදහස් (0)

පාරේ ගිය පොල් හොරු දෙන්නා 4ක් ළිඳකට තල්ලු කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 96 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site