IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පොළේ ගිය කත ‘මැණික්’ ලණුවක් ගිලලා

(හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියේසන)
වැඩි වාසියක් ලබාගැනීමට මැණික් ගලක් ලබාගෙන පවුම් තුන් කාලක රන්මාලයක් අහිමිකරගත් කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ පොලිසියකින් වාර්තා වේ.


 සෙනසුරාදා දින සතිපොළ පැවැත්වෙන මෙම නගරය එදිනට ජනාකීර්ණ බවින් යුක්තය. කාන්තාවක බස්රථයකින් නගරයට පැමිණ ඇත්තේ නිවසට අවශ්‍ය කළමනා රැගෙන යාමටය. බසයෙන් බැස පොදු  වෙළෙඳපොළ දෙසට පැමිණෙන විට ඇයට තවත් කාන්තාවක මුණගැසී ඇති අතර දෙදෙනා අතර සිදුවූ කතාබහෙන් අනතුරුව  ගොඩනගාගත් සුහදතාවයෙන් පසු එක් කාන්තාවක අනෙකාගෙන් උදව්වක් ඉල්ලා ඇති බව පැවසේ. 


වටිනා මැණික් ගලක් තමා සතුවන අතර එය විකුණා ගැනීම සඳහා උදව් කරන ලෙස අතර මගදී හමුවූ කාන්තාව පොළට පැමිණි කාන්තාවට පවසා තිබේ. බොහෝ වේලාවක් දෙදෙනා  ඒ සම්බන්ධව කතා කරමින් නගරයේ ඇවිද ගොස් ඇති අතර පොළට පැමිණි කාන්තාව සිය ගෙල බැඳි රන්මාලය දී වටිනා මැණිකද රැගෙන ගෙදර ගියාය. 


සතුටින් ගෙදර ගිය කාන්තාව නිවස තුළට ගොස් මාලය දී ලබාගත් මැණික් ගල බැලීමට කාන්තාව විසින් ලබාදුන් කඩදාසියක ඔතන  ලද දෙය දිගහැර බලා ඇති අතර දුටු දෙයින් ඇයට දෙවියන් සිහිවී පොලීසියට දිව ගියාය. 


කාන්තාවක රන් මාලය ලබාගෙන ප්ලාස්ටික් කැබැල්ලක් ලබාදුන් බව සඳහන් නොකර මැණික් ගලේ විස්තරය පවසා රන්මාලය අතුරුදන්  බවට පැමිණිල්ලක් කර කාන්තාව පොලිසියෙන් පිටව ගොස් ඇති අතර සිද්ධිය නගරය පුරා ක්ෂණිකව පැතිර ගොස් ඇති අතර සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පැමිණිල්ල ලද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

 



අදහස් (1)

පොළේ ගිය කත ‘මැණික්’ ලණුවක් ගිලලා

Perera Wednesday, 03 March 2021 06:13 AM

මේ වගේ අය තමයි රටේ අනාගතේ තීරණය කරන්න පාලකයන් පත්කරන බහුතරයකගේ සිතීමේ හැකියාව...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 208 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site