(බුලත්සිංහල විශේෂ - ලක්මි කුඩලිගම)
හොර රහසේ පොල් කඩන්නට වත්තට රිංගූ කාන්තාවක් කැඩූ පොල් ගෙඩියක් සමග අයිතිකරුට අසුවීමෙන් පසු වැරැද්ද කළේ තමන් නොව පොල් කඩන්නට රැගෙන ගිය පිහිය බව අයිතිකරුට පැවැසූ පුවතක් පස්දුන් කෝරලයේ කුඩා ඇලි සහිත ගමකින් වාර්තා වෙයි.

කුඩා තේ වත්තක මැදට වන්නට ඇති පොල් ගසක සරුවට ගෙඩි හටගන්නේ තේ ගස්වලට යොදන පොහොර උරා ගැනීම නිසාය. අඩි පහළොවක් පමණ උසැති මේ පොල් ගසේ කෙතරම් ගෙඩි හටගත්තත් අයිතිකරුට කඩාගන්නට ලැබෙන්නේ කලාතුරකින්ය. ඒ කලට වේලාවට පැහෙන පොල්වල්ල බලා වෙනත් කෙනකු හොරාට කඩා ගන්නා නිසාය.
ඉවසනු බැරිම තැන අයිතිකරු ඉඩම අසල පදිංචි තම ඥාති කාන්තාවකට පවසා ඇත්තේ මේ පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසය. ඒ අනුව දිනක් හැන්දෑවේ ලැබුණු දුරකතන ඇමතුමකින් එම කාන්තාව කියා ඇත්තේ පොල් හොරා අතටම අසුවුණා වහාම ඉඩමට පැමිණෙන ලෙසයි.
ඉඩම්හිමියා ඉඩමට යනවිටත් එම ඥාති කාන්තාව විසින් පොල් කඩන්නට පැමිණි කාන්තාවක ඇය කැඩූ පොල් ගෙඩි ටිකක් සමග ඉඩමේ රඳවාගෙන සිටියාය. ඉඩමේ හිමිකරු දුටු විගසම පොල් කඩන්නට ආ කාන්තාව පවසා ඇත්තේ, අනේ මාව නිකන් බොරුවට අල්ල ගත්තා. මම හොරෙක් නොවේ. අපේ ගෙදර හොඳට කැපෙන පිහියක් තියෙනවා. එය කෙක්කක් බැඳගෙන ආවේ මගේ බඩ දැවිල්ලට කුරුම්බා ගෙඩියක් කඩා ගන්නටයි.
පිහිය දමා කුරුම්බා ගෙඩියක් කඩන විට පිහිය පැන පොල් ගෙඩි කීපයක් ද කැපී වැටුණා. එය තමාගේ වැරැද්දක් නොවන බවත් මේ පිළිබඳව ඇගේ සැමියාට නොපවසන ලෙසත්ය.
එහෙත් අසල්වැසි ඥාති කාන්තාව ඉඩම් හිමියාට පවසා ඇත්තේ මෙවැනිම පෙර වැරැදි රාශියක් මේ කාන්තාවට තිබෙන බැවින් ඉතා හොඳ පුද්ගලයකු වූ ඇගේ සැමියා මේ පිළිබඳව නොදන්නා නිසා ඔහුට ද දන්වා මේ කාන්තාවට දඬුවමක් ලබාදෙන ලෙසයි.
පසුව ඉඩම් හිමිකරුවා පොල් කඩන්නට පැමිණි කාන්තාවගේ සැමියාට දුරකතන ඇමතුමක් දී “ඔයාගෙ ගෙදර හොඳට කැපෙන පිහියක් තියනවා නේද? ඔයා රස්සාවට යනකොට ඒකත් අරන් යන්න. නැත්නම් කාටවත් ගන්න බැරි තැනක තියලා යන්න. ඔයාගේ පිහිය මලකරදරයක් වෙලා ගමට. පිහිය පැන පැන ගොස් කාගේ හෝ බෙල්ලක් කැපුණොත් ඔයාට යකඩ කූරු ගනින්න තමයි වෙන්නේ.”
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පිහිය ගම වටේම ඇවිදලා ජංජාලයක්
Perera Thursday, 20 June 2019 10:31 PM
මෙයාගේ ලඟම ඥාතියෙක් වෙන්න ඇති අර පොල්ගහක් මුදුනේ තණකොළ කපන්න ගියා කිව්වේ.