IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


පාසල් වියේ විවාහ ගිවිසුමක් අරන් නෑනා සොයාගෙන මස්සිනා ගිහින්

පාසල් වියේදී අභ්‍යාස පොතක ලියා සහතික කළ විවාහ ගිවිසුමක් කඩ කරන ලද්දේ යැයි පවසමින් නෑනාට එරෙහිව සටනක් කළ මස්සිනා කෙනෙක් ගැන අසන්නට ලැබුණේ ඌව පළාතේ උපනගරයකිනි. එකම පාසලේ එකම පන්තියේ උගත් මේ නෑනා මස්සිනා අතර විවාහ ගිවිසුම අභ්‍යාස පොතක ලියැවුණේ පන්තියේ යහළුවන්ගේ උසුළු විසුළු මැද විහිළුවටය. අට වසරේ පන්ති නායකයා ද එම අත්සන් සහතික කර තිබිණි. මස්සිනාගේ ඉගෙනුම අතරමග නතර වුණත් නෑනා සරසවියට පිවිස උපාධිය ලබා ගුරු මෙනෙවියක වූවාය. පසුගියදා ඇගේ අත ගැනීමට ආවේ ද ගුරු මහතෙකි. මෙය සැල වූ මස්සිනා අභ්‍යාස පොත රැගෙන ඇගේ පියා වෙත ගොස් කරුණු කියා නෑනාගේ අයිතිය තමාට බව කීවත්, ඔහුගේ මෝඩකම හඳුනාගත් තරුණියගේ පියා නෑනා මස්සිනා විවාහයේ නොගැළපෙන කරුණු කියා දී මස්සිනාගේ සිත සැනසුවා ලූ.



අදහස් (0)

පාසල් වියේ විවාහ ගිවිසුමක් අරන් නෑනා සොයාගෙන මස්සිනා ගිහින්

දීපාල් Wednesday, 11 July 2012 12:50 AM

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි කුරහන් කපන දා මා සිහි කරන්නයි

:       0       0

අරලිය Tuesday, 03 July 2012 12:31 PM

මම කැමති නෑනට .........නැන කැමති නැ මට ...

:       0       0

සමා Monday, 02 July 2012 07:39 PM

කතාවට වඩා ලැබී තියෙන ප්‍රතිචාර ටික මරු..

:       0       0

ජන්තු Wednesday, 04 July 2012 04:03 PM

අලියාගේ කතාව නම් මරු..පොරොන්දු පත්තර කඩ කොරපු කෙල්ලෝ මක්කටෙයි..

:       0       0

සුභාශිනී Tuesday, 03 July 2012 01:55 PM

යිශ්වවිද්‍යාලවල නවක වදයටත් ඕවගේ දේවල් කරන්නෙ... ඒවා විහිළුවට නේ අනේ කරන්නෙ.. මේ මස්සිනා ටිකක් නෙවැඩුණු බුද්ධියක් ඇති කෙනෙක් වගේ....!!

:       0       0

ප්‍රිමාල් Monday, 02 July 2012 01:36 PM

විවාහ වෙනවා කියලා විතරයි අභ්‍යාස පොතේ ලියලා තිබිලා තියෙන්නේ... නැත්නම් අර තාත්තට සියදිවි හානිකර ගන්න වෙනවා...

:       0       0

දිලුම් පෙරේරා Monday, 02 July 2012 08:42 PM

මල්ලි එක මාළු වද මුහුදේ ඉන්නේ....ලස්සන කෙල්ලක් ලැබෙයි... ඔයාට....

:       0       0

හනුමා Monday, 02 July 2012 02:37 PM

ඔය පොතට හැමදාම දුන් අල්ලන්න. සමහර විට නෑනගේ හිත වෙනස් වෙයි..

:       0       0

පිලිපීනෝ Tuesday, 03 July 2012 02:43 PM

අරලියා. නෑන කැමති නැති උනොත් මම කොහොම හරි එයාව අරන් යනවා ,

:       0       0

කුමුදු Saturday, 07 July 2012 10:22 PM

*******නෑනා නැතත් කලදවසක් ගෙවෙන්නයි සිටුකුමරියක් කරකරේට ලැබෙන්නයි ****

:       0       0

හිල්මි Monday, 02 July 2012 10:21 PM

මල්ලි ලොකු මෝඩ කමක්නෙ කලේ... තව ටික කාලයක් ඉදල බැන්දට පස්සෙ තමයි ඕක දෙන්න තිබුණෙ....

:       0       0

පිස්සා Tuesday, 03 July 2012 10:36 PM

නඩුවක් දල කියක් හරි හොයාගන්න බලන්න .

:       0       0

දයා සෞදි Monday, 02 July 2012 02:23 PM

අපි ඉස්කෝලෙ යන කාලේ කෙල්ලෝ හතර පස්දෙනෙක් එක්ක ගිවිසුම් ගහල තියෙනවා. ලේ වලින් අත්සන් පවා අත්සන් කරල තියෙනවා. නෑනටත් ඒ වගේම ලියල දීල තියෙනවා. නමුත් බඹා කොටල තිබුණු විදියට තමයි සියල්ල සිදුවුණේ. අඩන්න එපා මලේ. මඹා කොටල තියෙන විදියට සියල්ලම සිදුවේවි.

:       0       0

යටියන ගුණේ Thursday, 05 July 2012 09:50 AM

ඕකෙම අනිත් පැත්ත වුනානම්, කොල්ල කැම්පස් ගිහිල්ල කෙල්ල ගාමන්ට් ගියානම් මොනව වෙන්න තිබ්බද..?

:       0       0

රුවන් Monday, 02 July 2012 09:55 AM

මෝඩ වෙන්න එපා මල්ලී. අපිත් පොඩි කාලේ සෙල්ලම් ගෙවල් කීයක් හැදුවද . ගෙවල් කීයක තාත්තල වෙලා හිටියද . ආර්ථිකෙත් හොද නැති කාලේ විවාහා වෙන එක ටික දවසකට කල් දාන්න...ජය වේවා !!

:       0       0

මහා ආචාර්ය කුමාර Monday, 02 July 2012 11:46 PM

අඩන්න එපා මලේ. එක මාළුවද මුහුදේ ඉන්නේ....අපි ඉස්කෝලෙ යන කාලේ කෙල්ලෝ හතර පස්දෙනෙක් එක්ක යාලු වෙලා තියෙනවා. ඔලුව පාවිච්චි කරපු නිසා හොඳයි. නමුත් බඹා තමයි ....!. බඹා කොටල තමයි අත ගැනීමට සිදුවුණේ.

:       0       0

යවනා Tuesday, 03 July 2012 12:17 AM

මල්ලි ඔහොම යං .. බැදල අවුරැදු දෙක තුනක් ගියාම ආයෙ අර ගිවිසුම තව තියෙනවාද කියල අහන්න යං...

:       0       0

වරුණ Monday, 02 July 2012 10:29 AM

මෝඩ කමට බෙහෙත් නැතිලු ...මාමන්ඩියා ඔලුව පාවිච්චි කරපු නිසා හොඳයි..

:       0       0

සේනානායක Tuesday, 03 July 2012 12:42 AM

නෑනා කවදත් අයිති මස්සිනාටයි

:       0       0

සමීර Tuesday, 03 July 2012 12:48 AM

ගණන් ගන්න එපා මචෝ

:       0       0

චමින්ද Monday, 02 July 2012 10:12 AM

සිගිති ආතල්......

:       0       0

ගුරු මහතා Saturday, 07 July 2012 12:48 AM

මටත් තව ඉගෙන ගන්න තිබෙන දෑ බොහොමයි

:       0       0

තිලක් Tuesday, 03 July 2012 05:24 AM

නෑන ගිවිසුමට අත්සන් කරානම්‍ උසාවි පලයං බං

:       0       0

ලාල් පෙරේරා Monday, 02 July 2012 11:05 AM

මෝඩ මිනිහෙක්...

:       0       0

පුංචා Monday, 02 July 2012 11:08 AM

පව් මස්සිනා..ආදරේ නිසානේ ඔක්කොම

:       0       0

බැදපු කොල්ලා Thursday, 05 July 2012 11:03 AM

"අනේ මල්ලියෝ.....ඔය ලියුමත් අරන් ඉක්මනට එන්න මාව බේරගන්න "

:       0       0

අලියා Wednesday, 04 July 2012 02:35 PM

නැකතත් හූනට කිව්වලු.....

:       0       0

සිසිර Monday, 02 July 2012 04:40 PM

අපෝ මා ගාව ඒ වගේ ගිවිසුම් 3, 4ක් තියනවා , ඒ විදියට උනානම් අද මට වෙන්නේ වහ කන්න. ගිවිසුම් නැති කෙනෙකුයි අන්තිමේ විවාහ කරගත්තේ...ඕවා විහිළු මල්ලී..

:       0       0

පිලිපීනෝ Monday, 02 July 2012 05:05 PM

මේක කියෙව්වහමයි මතක් වුණේ.මාත් 9 වසරේ ඉද්දි 8 වසරේ නංගි කෙනෙක්ට මෙහෙම පොතේ අස්සන්කරල දුන්න...රට ඉදල ආපු ගමන් එයා හොයන් යන්න ඕනි...

:       0       0

නෑනා Tuesday, 03 July 2012 05:07 PM

මස්සිනා උඹට තිබුනේ අවුරුද්දෙන් අවුරුද්ද ගිවිසුම අඑත් කර කර එන්න. දැන් ඒකටත් පරක්කු වැඩියි. නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි කුරහන් කපන දා මා සිහි කරන්නයි

:       0       0

සුනිල් අය්යා Tuesday, 03 July 2012 10:07 AM

දීගෙක ගියද නුඹට දෙනිවේ තනිකඩ කම කොච්චරද අගේ ....

:       0       0

දයා, සෞදියේ සිට Monday, 02 July 2012 12:06 PM

තැනට සුදුසු නුවන ඇති තාත්තා කෙනෙක් .මල්ලී අඩන්න එපා. පුංචි කාලේ අපිත් ඔයවගේ තමයි. ඔයාට හොඳ ලස්සන කෙල්ලෙක් ලැබෙයි...ඉවසන්න....

:       0       0

ඉන්දික Tuesday, 03 July 2012 10:51 AM

ඒ දවස් වල ලියුවේ විහිළුවටද අත්තටද .

:       0       0

සජී Monday, 02 July 2012 11:48 AM

වෙඩින් එකට අවුරුදු 10ක් තියෙද්දි ඇදුම් මහන්න එපා කියන්නේ ඕක තමයි

:       0       0

ඉරන්ග Monday, 02 July 2012 05:53 PM

මේ හැමෝම කියල තියෙන දේ හරි.ඔයා කලබල වෙන්න එපා..ඉවසන්න...කසාස බදින එකේ ඉදල හැමදේම අමාරුයි කොල්ලෝ.

:       0       0

ඇටිකිච්චා Tuesday, 03 July 2012 06:53 PM

මල්ලී, උඹ බේරුණා කියලා හිතා ගනින්

:       0       0

මොහොමෙඩ් අලි Tuesday, 03 July 2012 11:55 AM

මේකට සම්භාව්‍ය අදහසක් දාන කෙනා නැද්ද??

:       0       0

කතී Monday, 02 July 2012 05:55 PM

මොනවා උනත් පව් නේද . අනිත් එක නැනල මස්සිනාල ඕන තරන් බදින්නේ

:       0       0

දිෂන් Tuesday, 03 July 2012 12:22 PM

මේවගේ දෙයක් ඇත්තටම උනයි කියල හිතන්න අමාරුයි :/

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 298 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 544 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 557 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1195 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 694 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි
2025 අප්‍රේල් මස 26 731 0

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 454 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 115 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1141 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site