IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


පාසලේ මුර කරන සැමියාගේ හොර අල්ලන්න බිරිය ඇවිත්

වයඹ පළාතේ පිහිටි එක්තරා ගම්බද පාසලක මුරකරුවකු ලෙස සේවය කරන තම ස්වාමිපුරුෂයා පාසලේ රැුඳී සිටිනවා ද කියා පරීක්ෂා කිරීමට රාත‍්‍රි කාලයේ ඔහුගේ බිරිය පැමිණ සිටි පුවතකි.


එම පාසල නගරයෙන් බැහැර ගම්මානයක පිහිටි පාසලකි. එහි විදුහල්පතිවරයා තරමක දුර බැහැර පදිංචිව සිටි නිසා රාත‍්‍රි කාලයේ එම පාසලේ මුරකරුගේ කටයුතු අධීක්ෂණය කිරීම පැවරී තිබුණේ ඊට යාබද ගමක ජීවත් වූ එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාටය.


ඉඩකඩ ලැබෙන සෑම දිනකම රාත‍්‍රි කාලයේ මුරකරු පරීක්ෂා කිරීම සඳහා ඔහු පැමිණෙන අතර පසුගිය දිනක රාත‍්‍රි 10.00ට පමණ පාසල වෙත පැමිණි ඔහුට දක්නට ලැබුණේ මුරකරු සිටින මුර කාමරය පිටුපස කාන්තාවක් එහා මෙහා ගමන් කරන අයුරුය. එහි තරමක අඳුරු ගතියක් පැවති නිසා එම කාන්තාව කවුද කියා හරිහැටි හඳුනා ගැනීමට ඔහුට නොහැකි වුවද නියෝජ්‍ය විදුහල්පතිවරයා හඳුනාගත් එම කාන්තාව ඔහු අසළට පැමිණ ප‍්‍රකාශ කර ඇත්තේ, මෙවැන්නකි.


අනේ සර්, මට සමාවෙන්න රාත‍්‍රි කාලයේ පාසලට ආවට. මම මුරකරුගේ බිරිය. මේ මිනිහා රැට රැට මේ ගමේ වැන්දඹු ගෑනියෙක් ඉන්න ගෙදරකට බඩගානවා කියලා මට ආරංචි වුණා. කීප දෙනෙක්ම මට ඒක කීවා. මේ හොරේ අල්ලන්නයි මේ රැ අපේ මල්ලිත් අඬගහගෙන ආවේ. අද නම් මිනිහා තවම කාමරය ඇතුලේ ඉන්නවා.

 



අදහස් (0)

පාසලේ මුර කරන සැමියාගේ හොර අල්ලන්න බිරිය ඇවිත්

දුලිමි Friday, 11 September 2015 03:07 PM

මේ කොහේවත් යන කාන්තාවක්නිසා අන්තිමේ අපේ අය කෙහෙවලු පටලවාගෙන නේද (අ)

:       0       0

සුනිල් Friday, 11 September 2015 03:40 PM

දුල්මි මේ ඔයාගේ වැඩක් බලාගන්න.කෙහෙවලු අල්ලාගත්ත දෙන්නාම ඉන්නේ බටහිර රටවල් වල.ඒවා එයාලා බලාගනිවී. (අ)

:       0       0

නන්දා Saturday, 12 September 2015 09:08 PM

ගොඩාක් කලකට පසුව චන්දි ඇවිල්ලා.ඔයාලා ඒ දවස්වල සමදරා අක්කාත් එක්ක රණ්ඩු කරපු හැටි තාමත් මතකයි.හරිම සුන්දර කාලයක්.අද දමා තිබෙන අදහස් අසාවෙන් කියෙව්වා.අමුතු ලස්සනක් තිබුන නිසා පාට,පාට දේදුන්නක් වාගෙයි...... (නි)

:       0       0

නන්දා Saturday, 12 September 2015 09:20 PM

මලික්,සුනිල් එයාගේ අදහසනේ ලියලා තියෙන්නේ. (නි)

:       0       0

ගුණවර්ධන Saturday, 12 September 2015 09:32 PM

චන්දී, නියමයි. නියම කතාව. මමත් හිතන්නේ එහෙම තමයි. (නි)

:       0       0

ටියුඩර් Saturday, 12 September 2015 11:35 PM

මේ ඇයගේ හිතේ ඇති ආදරය නොවේද? (නි)

:       0       0

සරත් Saturday, 12 September 2015 11:37 PM

චණ්ඩි අක්කා කෙනෙක් වගෙයි. (නි)

:       0       0

තුෂාරී සෙනෙවිරත්න Sunday, 13 September 2015 04:22 PM

රුපවතී, මා ලංකාදීපයේ එසැන අසාවෙන් කියවන පාඨකයකි.බොහෝ විට කියවනවා ඇරෙන්න අදහස් නම් දමන්නේ අල්පයකි.දකින,දකින හැම දේකටම අදහස් දමා සමහර පාඨකයන්ගෙන් බැනුම් අහන්නට වෙලාවක් නැත්තේ,වෘත්තියට පළමු තැනක් දිය යුතු බැවිනි.කිසියම් කෙනෙක් "විහිළුවක් කළේ,තරහා වෙන්න එපා"යයි කීවාට පසුව පන්නාගෙන යෑම නොකළ යුතු දෙයකි.මෙහි කාගේවත් පැත්තක් නොගෙන මගේම නමින් මට හැඟෙන දෙය ලියමි.ඔබ ලියනා බොහෝ අදහස් වලට බොහෝ පිරිස් විවේචන එල්ල කරන බව නොරහසකි.එම පිරිස් එක එක නම් වලින් ලියනවා යයි සිතීම මුලාවකි.අපි,අපිගැනම අධි තක්සේරු කරගන්නවාට වඩා අනෙකුන්ට එය තක්සේරු කරගැනීමට දීම යෙහෙකි.මා මෙය ඔබට ලීවේ ඇත්ත කියන්නත් බිම ඉඳ ගන්නත් මා බිය නොවන බැවිනි. (බ)

:       0       0

බන්නැහැක Monday, 14 September 2015 06:25 AM

එයාගේ හිතේ සැමියාට ලොකු ආදරයක් ඇති (නි)

:       0       0

රූපවතී Monday, 14 September 2015 06:28 AM

චන්දි අක්කව දැක්කේ හුඟ කාලෙකින්. අම්මා තාත්ාත දැක්කා වගේ හරිම සතුටුයි (නි)

:       0       0

චන්දි Monday, 14 September 2015 06:38 AM

රූපා,මම ඔයා ලියනදේත් ඔයාට අපේ හිතවතුන් ලියනදේත් දකිනවා බලනවා.තනියම හිනාවුණ අවස්ථා බොහොමයි. සරත් කියලා ලියන්නේ අපේ සරත් මල්ලිද දන්නේ නැහැ නේද..? අපි ගොඩක් ඉවසීමෙන් ලියමු. සතුටු වෙමු. මගේ ගමේ දේවල් එසැණ තුළින් දුටුවා. හරිම සතුටුයි (නි)

:       0       0

රූපවතී Friday, 11 September 2015 07:26 PM

ලෝකේ කොහේ ගියත්, උසස් පරිසරයක මොනතරම් ශිෂ්ටසම්පන්න මිනිසුන් අතර ජීවත්වුණත්, මනසින් නොදියුණු පුද්ගලයන් තමන් සන්තකයේ ඇති බාල පුරුදු මැරෙනතුරාවටම තුරුළු කරගෙන සමාජය ගඳ ගස්වනවා. (නි)

:       0       0

ජනක Friday, 11 September 2015 08:16 PM

අපිත් එක්ක එකම කාර්යාලයේ වැඩකරන විනෝදකාමී තරුණයෙක් ඉන්නවා.එයා කැමති නැති දෙයක් දුටුවොත් මුහුණටම ඒ ගැන කියනවා.කවුරුහරි බනින්න කට අරිනකොටම "ඩෝන්ට් වොරී මෑන්,අයි ජස්ට් ජෝකින්"කියලා මාරුවෙනවා. රූපවතීට විහිළු කරපු අනුලාත් එයාගේ කවුරුහරිද දන්නේ නැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 11 September 2015 06:42 AM

වයඹ නේද ? විස්තරේ රූපවතීගෙන් අහමු ළමයිනේ ?(නදී)

:       0       0

රූපවතී Friday, 11 September 2015 06:44 AM

කොහෙද අනේ ප්‍රේමචන්ද්‍ර මහත්තයෝ මේ තුත්තිරි පිටියේද, බොරළු වැවේද? ලෝලන් වැවේද, පන්නවද , යකඩ පොතද, කදත්තාවේද අයියෝ නම දැම්මේ නැත්තේ ඇයි..? පව්ල රැකගැනීම ගැහැනියගේ, මෙන් පිරිමියාගේද වගකීමකි. ඉන් ලබන ප්‍රතිපලය තම දරුවන් භුක්ති විදියි. ඒ දෙස බලා දෙමාපියෝ සැනසෙති. ඒකයි ජීවිතේ ලබන එකම ධනය. (නදී)

:       0       0

කමල් Sunday, 13 September 2015 06:53 PM

ජයා-රූපා හරියටම ගැළපෙනවා. අන්තිම අදහස් දෙක කියවලා බැලුවහම හිතෙනවා දෙන්න හරියටම ගැළපෙනවා කියලා. (නි)

:       0       0

නිමාලී Sunday, 13 September 2015 06:35 AM

පිටබැද්දර ජයා අයියේ ඔයා සුදු හුණු ගෑවාට, සමහරුන්ගේ විහිළුවෙන් නම් ඇස රතුවෙලා වාගෙයි.එකනේ සමාජය ගඳ ගහන කතාවක් කියලා තියෙන්නේ.උපේක්ෂාවෙන් බලපු බවක් නම් මට පෙන්නේ නැහැ දෙය්යෝ සාක්කී!! (බ)

:       0       0

චන්දි Sunday, 13 September 2015 08:02 PM

නන්දා,ගොඩක් ස්තුතියි! ඉස්සර කවුරු හෝ කෙනෙක් එක එක නම් වලින් මගේ නමිනුත් ලිවුවා. අනවශ්‍ය දේවල් ලියා මෙතන පොර පිටියක් කළබැවින් මා නොලියා නිහඬ වුණත් අද වෙනතුරුත් එසැනට ගොඩනොවී හිටියේ නැහැ. අපි එසැණට ආදරෙයි එදා මෙන් අදත්,අද මෙන් හෙටත් ....!! (නි)

:       0       0

සරත් Friday, 11 September 2015 10:37 PM

පේනවා නේද, අපේ නෝනලා මහත්තයාට කොච්චර ආදරේද කියලා. මහත්වරුත් එහෙමම තමයි. නෝනලාට ආදරෙයි. (නි)

:       0       0

ක්‍රිස් Sunday, 13 September 2015 08:34 AM

සුන්දර අත්දැකීමක් (නි)

:       0       0

මලික් Saturday, 12 September 2015 01:35 AM

මොකද මේ සුනිල්ට කේන්ති ගිහින් තියෙන්නේ. මෙතන බවලතුන් මොනවා ලිව්වත් පිරිමි අපි චීත්ත පටලවාගෙන ඉන්න ඕනේද ? (නදී)

:       0       0

රූපවතී Monday, 14 September 2015 11:13 AM

මේ බන්නැහැකලා පරම්පරාවල් ඉන්නේ ගොඩාක්ම හොලබලෑවේ..? හොදම ඒරියා එක ..සත්කෝරලේ ..!! (බ)

:       0       0

රූපවතී Monday, 14 September 2015 11:16 AM

වැරදීමක් බලදොර කෝරලේ වශයෙන් නිවැරදි විය යුතුයි..! (බ)

:       0       0

අනුලා Friday, 11 September 2015 08:53 AM

වයඹ කීව ගමන් සමහරු පැනලා දෙන්නේ.ලංකාවේ අනිකුත් පළාත් වල ඉන්න අයට මේ විගඩම් බලාගෙන ඉන්න වෙලා.අර පද්මිනී-වේල්ස් කියපු එක හරි වාගෙයි මට නම් පේන්නේ. (අ)

:       0       0

මියා Friday, 11 September 2015 09:11 AM

රූපවති බොරළුවවේද? (නදී)

:       0       0

රූපවතී Friday, 11 September 2015 09:16 AM

අනේ අනුලා, අකමැති අයගේ නම දැක්කම කමෙන්ට් එක කියවන්න එපා. එතකොට ඔයාගේ මොලේ කචල් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

අනුලා Friday, 11 September 2015 09:34 AM

රුපවතී,ඔයාගේ කොමෙන්ට්ස් දැන් හුඟාක් අයට එපා වෙලා. අපි ඒවා බලනවා නොවෙයි බැලෙනවා. (නදී)

:       0       0

රොෂාන් Monday, 14 September 2015 01:16 AM

කොහොමත් ගොඩක් ඉතාලි ඉන්නෙත් වයඹ අපි තමයි. ඉතාලි වලදීත් අනිත් ගෙදර අයගේ මල් කඩන මල් කඩනවට ආස මල් ඕනෑතරම් ඉන්නවා. (නදී)

:       0       0

බන්ඩා ඔස්ට්‍රෙලියා Saturday, 12 September 2015 01:24 PM

මේකට යහපාලන සම්බන්දතාවයක් ඈත්තෙම නැද්ද ? (නදී)

:       0       0

සරසි Saturday, 12 September 2015 04:01 AM

ඇත්තටම මොකද මේ සුනිල්ට ඩෝන් ගිහින් තියෙන්නේ ? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 12 September 2015 01:34 PM

ළමයිනේ, අපි මේ විනෝදෙට ඒවා මේවා ලිවුවට කා එක්කවත් තරහක් නැහැ. රූපවති නම් මේවා ගණන් ගන්නෙත් නැහැ. අනික ඉතින් කාටවුණත් තමන්ගේ මතය පළකරන්න අයිතියක් තියෙනවනේ. ඒ නිසා උපේක්ෂාවෙන් විඳගමු උරණනොවී (නි)

:       0       0

ඉමේෂ් Monday, 14 September 2015 02:27 AM

නියමෙටම තියෙන්න තිබුණා කාන්තාවෝ දෙන්නගේ කෙස්වලු පටළවා ගත්තා නම් (නි)

:       0       0

ශාන්ති Saturday, 12 September 2015 01:57 PM

එයාගේ මහත්තයාව බලන්නනේ එයා ගියේ (නි)

:       0       0

සුදීර Friday, 11 September 2015 10:33 AM

දැන් ඉතින් ගමේ ලිඳ ළඟ බවලතුන් වාගේ මෙතනත් කෙහෙවලු පටලෝගෙන. කෝ මේ පිටබැද්දර ජයා.....?අව්ලුවලා තියලා හැංගිලා බලා ඉන්නවා වාගෙයි.(නදී)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 11 September 2015 10:45 AM

රැට'රැට වැන්දඹු කාන්තාවගේ ගෙදර දිහා බලාගෙන ඉන්නවා මිසක් ඔය කේලාම් කියපු මිනිසුන්ටතමන්ගේ වෙන වැඩක් කරගන්න බැරිද. (අ)

:       0       0

රූපවතී Friday, 11 September 2015 11:15 AM

අනුලා ඇත්තටම ඔයා අල්ලපු ගෙදර මිනිසුන් සමග හැමවෙලේම එල්ලෙනවා නේද. මේ තීරය අපේ කතෘ තුමා අපිට වෙන්කරලා දීල තියෙන්නේ. ඉතින් අපි මොනවා ලීවත් එ්කේ ඇති හොද නරක ගැන හොදින් පිරික්සලා තමයි කතෘ තුමා පල කරන්නේ. තම මත මන්ට දැනෙනා සිතෙනා අදහස් ලිවාම එහි ඇති විවිදත්වය විද ගන්න පුරුදුවෙන්න. එතකොටයි ලස්සන. දැන් බලන්න ඔබේ අදහස මට බැනල ලීවත් එ්කේ විවිදත්වයක් ඔබ දැක්ක නේද? අපි හැමෝම එකම දේ ලීවොත් කව්රුවත් බලන එකක් නැහැ. හැමෝම ගැන සමානත්වයෙන් හිතන්න පුරුදු වෙන්න. නැතුව ජීවත්වෙන්න අමාරුයි. දේදුන්න ලස්සන වෙලා තියෙන්නේ පාට ගොඩාක් එකතුවෙලා තියෙන නිසා. සාමාන්‍ය විදියට සමාජය දෙස බලනවා නම් ඔහොම හිතෙන්නේ නැහැ. (නදී)

:       0       0

රූපවතී Sunday, 13 September 2015 12:27 PM

පිටබැද්දර ජයා හොදට විහිළු දන්නා සමාජ ආශ්‍රය කළ හොඳ මනුස්සයෙක්.ඇස් රතු වෙන තරමට ජයාට ඇති සබකෝලයක් නැහැ (නි)

:       0       0

රූපවතී Sunday, 13 September 2015 12:35 PM

පිටබැද්දර ජයාත් මා වගේ කෙළින් වැඩකරන මිනිසෙක් වග අදයි දැනගත්තේ. ඔහු ඔහුගේම නමින් අදාළ අදහස ලියනවා.මා මගේ ජීවිතේ කිසිම දවසක මගේ නමින් හැර අදාළ පුද්ගලයින්ට පහර දෙන්න සිතා වෙනත් නම් වලින් නොලියමි.අදාළ දෙය මගේ නමින් ලියමි. එමනිසා ඔබ හැමදාම මා විවේචනය කළ බව මම දුටුවෙමි (නි)

:       0       0

චන්දි Saturday, 12 September 2015 02:56 PM

ඔය පොඩ්ඩක් රූලෙන් පිට ගියාට කමක් නැහැ. ඒකෙත් පොඩි ෆන් එකක් තියෙනවා. වෙනදා වගේ නොලිවට ඉඩක් ලැබුන ගමන් එසැනට ගොඩ වෙනවා. ගොඩ වෙලා ඔයාලගේ අදහස් සතුටින් කියවනවා කියවල පුංචි සතුටක් විදිනවා ඉස්සර ලියපු යාළුවොත් මතක් වෙනවා පුංචි රණ්ඩුවක් යනවිට මේ පිටුව තවත් ලස්සනයි .කියවන්නත් ආසයි මොකද වෙනසකුත් ඕන නේ නේද...? (බ)

:       0       0

ගාමිණී Tuesday, 15 September 2015 12:27 AM

මීටපස්සේ නියෝජ්‍ය විදුහල්පතිතුමා හැමදාම එයිද දන්නේ නැහැ මුරකාරයා පරීක්ෂා කරන්න? (නි)

:       0       0

අනුලා Friday, 11 September 2015 01:07 PM

රුපවතී,මට හැමවෙලේම එල්ලෙන්න අපේ රටේ මිනිසුන් කව්රුවත් අල්ලපු ගෙවල් වල නැහැ.බටහිර රටක ජීවත් වෙන අපිට එයාලාගෙන් කිසිම කරදරයකුත් නැහැ.මට අද හිතුනා පාළුව යන්නත් එක්ක රූපවතීව අවුස්සලා බැනුම් ටිකක් අහගන්න.තරහා වෙන්න එපා විහිළුවක් කළේ......! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 288 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 598 1

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 279 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 803 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 888 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 696 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 808 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 207 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1251 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site