IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පාසලේ මුරට සිටි අම්මල තාත්තලා පොලිස් නිලධාරිනියත් ආපහු හරවා යවලා

(රුවන්වැල්ල - විමලරත්න සමරක්කොඩි)
විස්තර වාර්තාවක් ලබාගැනීම සඳහා පාසලකට පැමිණි කාන්තා පොලිස් නිලධාරිනියක් එම පාසලේ ආරක්ෂාවට සිටි මව්පියන් විසින් ආපසු හරවා යවනු ලැබීමේ පුවතක් රුවන්වැල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් විදුහලකින් වාර්තා වේ. 


අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි මෙම පාසලේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදුහල්පතිවරයා සැලසුමක් සකස් කරන ලදුව මව්පියන් කැඳවා දැනුම්වත් කර තිබේ. ඒ අනුව කණ්ඩායම් වශයෙන් බෙදුණු මව්පියන් ඒ ඒ දිනවල ගේට්ටුව සමීපයේ සිට පාසල නිමවනතුරු ආරක්ෂක රාජකාරියේ නියැළී තිබේ. 


එසේ පාසලට ආරක්ෂාව සපයමින් සිටිය දී කිසියම් තොරතුරු කීපයක් රැගෙන යාම සඳහා අවේලාවේ කාන්තා පොලිස් නිලධාරිනියක් ද විදුහල්පතිවරයා හමුවීමට පැමිණ ඇත.


එහිදී ගේට්ටුව සමීපයට පැමිණි ඇය ක්ෂණිකව නැවතූ මව්පියන් ඇගේ රාජකාරී හැඳුනුම්පත හා ජාතික හැඳුනුම්පත ඉල්ලා තිබේ. එහෙත් අමතකවීමකින් ඒවා රැගෙන ඒමට නොහැකි වූ ඇය ඒ බැව් මව්පියන් වෙත පවසා තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ රටේ පවතින තත්ත්වය හා තමන්ට ලැබී ඇති උපදෙස් අනුව හැඳුනුම්පතක් නොමැතිව විදුහල්පතිවරයා හමුවීමට ඉඩදිය නොහැකි බවය. 


එයින් නිරුත්තර වූ පොලිස් නිලධාරිනිය ඔවුන් හා තර්ක විතර්ක කිරීමට නොගොස් ආපසු ගිය බැව් මව්පියන් පිරිස අතරම සිටි අයෙක් පැවසීය. 

 



අදහස් (1)

පාසලේ මුරට සිටි අම්මල තාත්තලා පොලිස් නිලධාරිනියත් ආපහු හරවා යවලා

jaya Thursday, 23 May 2019 07:12 AM

මව්පියන් වෙත ප්‍රණාමය. නියම ආකාරයට දැන් රටේ තිබෙන තත්වය අනුව ක්‍රියා කරලා තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site