IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පාසලේ ගෝරි දැමු ගුරුන්ට දරුවන්ගෙන් යස පාඩමක්

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
තමන් ගෝරි දමා ගත් විටදී මෙන් පාසලේ දී ගෝරි කරගත් ගුරුවරුන් දෙදෙනකුගේ මවුපියන් පාසලට කැඳවීමට දිවගිය සිසු පිරිසක් පිළිබඳ අපූරු පුවතක් අම්බලන්ගොඩ ප්‍රධාන පාසලකින් අසන්නට ලැබේ.


ගුරු විවේකාගාරයේ දී විවේක වේලාව තුළ මෙම සිදුවීම වී තිබුණි. 


විදුහලේ සිසු නායක, නායිකා මණ්ඩලය තෝරාපත් කර ගැනීම මුල්කර ගනිමින් මේ විදුහලේ ගුරුවරුන් දෙදෙනෙකු අතර කතා බහක් ඇති වූයේ සුළුවෙනි. ටික ටික එහි උණුසුම වැඩි වූයේ සිය මතය නිවැරදි යන්න දෙදෙනාම තර්ක, විතර්ක කිරීමත් සමගමය.


උණුසුමේ කෙළවර ගිනි ගැනීමෙන් මේ ගුරුවරුන් දෙදෙනාගේ තර්ක, විතර්කය ගහ මරා ගන්නා තැනටම උණුසුම් විය. දෙගුරුන්ට තැන නොතැන අමතක වූහ. මේ දෙන්නාගේ ගහ මරා ගැනීම පාසල් සිසු, සිසුවියෝ ද දුටහ.


ඔවුනට දෙවියන් බුදුන් සිහිවූයේ අර්ථයෙන් ධර්මයෙන් තමන්ට නිරන්තරයෙන් උපදෙස් දෙමින් තමන් දෙවියන් බුදුන් මෙන් සලකන ගුරුවරුන් දෙදෙනකුගේ මේ නොහොබිනා හැසිරීම දුටුවිටය. එය දුටු සිසු පිරිසක් ගාල කඩා ගත් හරක් මෙන් දිව යන දුටු තවත් ගුරුවරයෙක් ‘‘මොකෝ මේ කොහේද දුවන්නේ’’ යැයි ඇසුවේ මේ සිද්ධිය පාසලේ මුල් පුටුවට වාර්තා කරන්න යන්නේ දැයි දැන ගැනීමටය.


‘‘නැහැ සර් අපි ස්කෝලේදී ඔහොම ගහමරා ගත්තාම අපේ ගෙවල්වල අම්ම තාත්තා ගෙන්වනවානේ. අපි මේ යන්නේ අපේ ඇස් ඉදිරිපිට ගහා මරා ගත්ත මේ ගුරුවරුන් දෙදෙනාගේ අම්මා, තාත්තාට දන්වා ඒ අය පාසලට ගෙන්වාවත් මේ ප්‍රශ්නය විසඳන්න’’ යැයි සිසුන් කීවිට ගුරුවරයාට පොළව පලාගෙන යන්න සිතුනාලු‍.


මේ සම්බන්ධයෙන් එම විදුහලේ අනෙක් ගුරුවරුන් පැවසූවේ සිසු නායකයන් දිව්රුම්දීම අවස්ථා හතරකදීම කල් ගිය බවත් සිසු නායක, නායිකාවන් පත් කිරීමේ ගැටලු‍ රැසක්ම නිර්මාණයවී තිබීම නිසා එය එසේ සිදුවූ බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ගුරු, සිසු අතර ද ගහමරා ගැනීම් නොවැළැක්විය හැකි බවත්ය.



අදහස් (7)

පාසලේ ගෝරි දැමු ගුරුන්ට දරුවන්ගෙන් යස පාඩමක්

thusitha Monday, 21 November 2022 09:10 AM

ගාල්ල ,අම්බලන්ගොඩ කියන්නේ කාලකන්නි ජීවත් වෙන ප්‍රදේශ

:       10       9

GodayaTuesday, 22 November 2022 01:16 PM

තාත්තට හොරෙන් අම්මට ශක බුම් දාපු එකා අම්බලන්ගොඩ යෙක්ලු. එකයි පුතාට අම්බලන්ගොඩ එවුන් පෙන්නන්න බැරි ...........

:       3       1

ganegoda Monday, 21 November 2022 02:12 PM

ඉස්සර නම් ගෝලයෝ නේ .දුව දුව මුත්‍රා කෙරුවේ .දැන් ඒක කරන්නෙත් ගුරාමයි

:       0       13

sakalaguru Monday, 21 November 2022 03:30 PM

හපොයි මෙහෙමත් නින්ගිරාවක් .තෝව කොටියම කාපිය

:       0       1

මෝ Tuesday, 22 November 2022 02:36 AM

ඉස්කෝලත් දැන් පාර්ලිමේන්තුව අනුගමනය කරන්න පටං අරං

:       0       1

Perera Tuesday, 22 November 2022 04:03 AM

ලංකාවේ බොහෝ ප්‍රශ්නවලට මූලික හෙතුවක් කිසිම තැනක විනයක් නැතිකම

:       0       3

Fairoos Tuesday, 22 November 2022 02:28 PM

උඩ දාපු අදහස ඔප්පු කර පෙන්නුවා නේද දාපු කමෙන්ටුවෙන්

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 68 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site